ගෙවතු වගා අභියෝගයට එන රග්බි ක්‍රීඩකයන්

317

ශ්‍රී ලංකාව තුළ මෙන්ම මුළුමහත් ලෝකය තුළම මේ දිනවල පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වෛරසය නිසාවෙන් රටවල් බොහෝ ප්‍රමාණයක් සම්පූර්ණ වසා දැමීමකට යොමුව සිටී. ක්‍රිකට්, රග්බි, පාපන්දු මෙන්ම ලොව සියලු ක්‍රීඩා තරග හා තරගාවලි මේ වන විට අවලංගු වී ඇත. 

නිරෝධායනය කඩකළ ෆීජි ක්‍රීඩකයන්ට වැඩ වරදී

මේ දිනවල මුළුමහත් ලෝකයටම තර්ජනයක් ලෙස පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19…

COVID-19 හි ගැටළු සමඟ මුළු ලෝකයම පොරබදමින් සිටින අවස්ථාවක ශ්‍රී ලාංකික රග්බි ක්‍රීඩකයින් ගෙවතු වගා අභියෝගයට හෙවත් Home Garden Challenge සඳහා සහභාගී වීමෙන් වඩාත් තිරසාර ජීවන රටාවක් ගත කිරීම සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා දීමට එක්ව සිටියහ. 

හිටපු ශ්‍රී ලංකා නායක නාමල් රාජපක්ෂ තම බිරිඳ සමඟින් මෙම වැඩසටහන හා එක්ව සිටි අයුරු.

මෙම ගෙවතු වගා අභියෝගය හෙවත් Home Garden Challenge යනු වඩා තිරසාර හා ස්වයංපෝෂිත අනාගතයක් ප්‍රවර්ධනය කිරීම සඳහා දියත් කරන ලද මුලපිරීමකි. මේ දිනවල රට තුළ පවතින තත්ත්වය නිසා අප සියල්ලන්ම නිවසේ දී නිරෝධායනයට ලක්ව ඇති අවස්ථාවක රග්බි ක්‍රීඩකයින් නිවසේ දී ගෙවතු වගාවට යොමුවෙමින් එහි ප්‍රතිලාභ ප්‍රයෝජනයට ගැනීමේ අභියෝගය භාරගෙන ඇත. ඒ සොබාදහම විසින් මිනිස් ක්‍රියාකාරකම් වලින් තොරව නැවත යථා තත්ත්වයට පත්වෙමින් සිටින මොහොතකය. 

හිටපු ශ්‍රී ලංකා ෆුල්බැක් ක්‍රීඩක රීසා මුබාරක් ගෙවතු වගා අභියෝගය හා එක් වෙමින්.

මිනිසුන් තම නිවෙස්වලට කොටු වී සිටින මේ මොහොතේ ගෙවතු වගාව අනුමත කිරීමෙන් ලැබෙන එක් වාසියක් නම් ඉදිරි මාස කිහිපය තුළ ඇතිවිය හැකි ආහාර අර්බුදයකට මුහුණ දීමට මිනිසුන්ට තරමක් සූදානම් විය හැකි වීමයි. 

කොරෝනා අස්සේ රග්බි නීති දැඩි වෙයි

ලෝක රග්බි සම්මේලනය විසින් තම ජාත්‍යන්තර විනිසුරුවන්ට යම් යම් නීති කීපයක් …

හිටපු ජාතික කණ්ඩායමේ නායක, වර්තමාන CH & FC කණ්ඩායමේ ක්‍රීඩක සුදර්ශන මුතුතන්ත්‍රි සිය Facebook ගිණුමෙහි හි මෙසේ සඳහන් කර තිබිනි. 

“අපි ගස් සිටුවීමේ දී සාමයේ බීජ හා බලාපොරොත්තුවේ බීජ රෝපණය කරමු. තිරසාර බව දිරිගැන්වීම සහ ගෙවතු අභියෝගය ආරම්භ කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීම පිළිබඳව නාමල් රාජපක්ෂට ස්තූතියි. මට බොහෝ වේලාවක් තියෙනවා. එබැවින් ගෙවතු වගා අභියෝගය භාර නොගන්නේ මන්ද?” 

මෙම අභියෝගයට සහභාගී වූ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් අතර ප්‍රථම ක්‍රීඩකයා බවට සුදර්ශන මුතුතන්ත්‍රී පත්විය. පසුව ඔහු තම හිටපු කණ්ඩායමේ සාමාජිකයන් වන ෆාසිල් මරිජා, ධනුෂ්ක රන්ජන් මෙම අපූරු මුලපිරුමේ කොටසක් ලෙස නම් කළේය.

ThePapare.com හි අපි ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ සියලුම රසිකයින්ට මෙම ව්‍යාපෘතියේ කොටස්කරුවන් වීමට ආරාධනා කර සිටින්නෙමු. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<