ගෙවුනු දවස: දෙසැම්බර් 10 – පොලීසියට ජයට

428
Sri Lanka Sports News

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 රග්බි 

තියුණු තරගයක ජය ගුවන් හමුදාවට

ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ තවත් සතියක තරග දෙකක් ඊයේ (10) පැවැත්විය. එම තරගවලදී පොලිස් ක්‍රීඩා සමාජය විසින් CH&FC ක්‍රීඩා සමාජයත්, ගුවන් හමුදාව විසින් යුධ හමුදාවත් පරාජයට පත් කෙරිනි.

පළමු අර්ධය:  පොලිස් ක්‍රීඩා සමාජය 26 : 00 CH&FC ක්‍රීඩා සමාජය

සම්පූර්ණ ලකුණු: පොලිස් ක්‍රීඩා සමාජය 46: 26 CH&FC ක්‍රීඩා සමාජය

පළමු අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 24 : 15 යුධ හමුදා ක්‍රීඩා සමාජය

සම්පූර්ණ ලකුණු: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 32 : 29 යුධ හමුදා ක්‍රීඩා සමාජය

සම්පූර්ණ වාර්තාවන් බලාපොරොත්තුවන්න


 ක්‍රිකට් 

ගාල්ලට පළමු ඉණිමක ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ ඊයේ (10) පැවති තරග අතුරින් ගාලු ක්‍රිකට් සමාජය සහ ටැමිල් යූනියන් අතර තරගයේ දී මුල් ඉනිමේ ජයක් හිමිකර ගන්නට ගාලු ක්‍රිකට් සමාජය සමත් වූ අතර අනෙක් තරග වල තීරණය හෙට දිනයේ ලැබීමට නියමිතව ඇත.

ගාලු ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 352 (පන්දුවාර 111.3): නිලුශාන් නෝනිස් 34, දිල්හාන් කුරේ 86, ශාලික කරුණානායක 45, එරංග රත්නායක 62, චාමික කරුණාරත්න 3/80, දුලාංජන මෙන්ඩිස් 2/66, ජීවන් මෙන්ඩිස් 4/87.

ටැමිල් යූනියන් – සියල්ලන්ම දැවී ලකුණු 338 (පන්දුවාර 109.5): සිතාර ගිම්හාන් 127, තරංග පරණවිතාන 84, ජීවන් මෙන්ඩිස් 39, රොෂාන් ජයතිස්ස 5/101, සජීව වීරකෝන් 4/96.

කොළඹ ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 189 (පන්දුවාර 49): නිලූශාන් නෝනිස් 43, ශාලික කරුණානායක 38, දිනුක් වික්‍රමනායක 2/27, දුලාංජන මෙන්ඩිස් 2/56.

බදුරලිය ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 156 (පන්දුවාර 51): ශෙහාන් ප්‍රනාන්දු 46, විශ්ව විජේරත්න 47, සචින් හේවාවසම් 26, මලිත් මහේල 5/41, ටනීශ වීරකෝන් 3/24.

බ්ලූම්ෆීල්ඩ් – සියල්ලන්ම දැවී ලකුණු 233 (පන්දුවාර 68.1): නිපුන් කරුණානායක 108, අදීශ නානායක්කාර 79, අසංක සිල්වා 4/50, දුවිඳු තිලකරත්න 3/39.

බදුරලිය ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 223 (පන්දුවාර 52): ශෙහාන් ප්‍රනාන්දු 86, සචින් හේවාවසම් 48, නිපුන් කරුණානායක 2/19.

සම්පූර්ණ වාර්තාව: රොෂාන් සහ සජීවගේ දඟ පන්වෙන් ගාල්ලට මුල් ඉනිමක ජයක්


නාවික හමුදාවට වැඩි වාසි?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය ඇතිව පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දෙවන සතියේ තවත් තරඟ කිහිපයක්ම ඊයේ (09) ආරම්භ විය. එම තරඟ වල දෙවන දිනය ඊයේ (10) පැවැත්විණි.

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම – 315/10 (86.4): රජීව වීරසිංහ 77*, මදුරංග සොයිසා 68, ලාල් කුමාර 35, නිලාන් ප්‍රියන්ත 4/64, ලහිරැ ශ්‍රී ලක්මාල් 2/40

ශ්‍රී ලංකා ගුවන් හමුදාව දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ දි) – 29/02 (12)

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම – 230/10 (73): අචිර එරංග 59, රංග දිසානායක 41, ලහිරු ලක්මාල් 36, නවීන් කවිකාර  5/63, අනුරුද්ධ ප්‍රනාන්දු 3/47

කළුතර භෞතික සංස්කෘතික කණ්ඩායම පළමු ඉණිම – 192/10 (54): පැතුම් නිස්සංක 64, චතුර දමිත් 27,  ෆහාඩ් බාබර් 24, කෞෂික ඒකනායක 5/40, සාරංග රාජගුරු 2/20

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය දෙවන ඉණිම – 151/10 (40.4): හශාන් ප්‍රභාත් 39, ධනුෂ්ක ධර්මසිරි 39, රසික ප්‍රනාන්දු 3/46, රමේශ් සෙල්වරාජ් 3/71

කළුතර භෞතික සංස්කෘතික කණ්ඩායම දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ දී) – 88/04 (27): චතුර දමිත් 33, මිතුම් ජයවික්‍රම 2/13

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉණිම – 197/10 (55.4): හශාන් ප්‍රභාත් 82, කෞෂික ඒකනායක 46, දර්ශන මහවත්ත 30, රමේශ් සෙල්වරාජ් 6/63

සම්පූර්ණ වාර්තාව: පොලිස් පිතිකරණය නාවික පන්දුව හමුවේ බිඳවැ‍ටෙයි

දිනයක නිමාව