ගෙවුනු දවස අගෝස්තු 19 – “වේගය ගැන ගැටලුවක් නෑ” උපුල් තරංග

434

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

අඩු වේග ගැටලුවට පිළියම්

pic 1

සංචාරක ඉන්දියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය අද (20) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන අතර ඊට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග පවසා සිටියේ කණ්ඩායම අඩු පන්දුවාර වේගයක් පවත්වා ගැනීමේ ගැටලුව පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කළ බවත් ඒ අනුව ඉන්දියාව සමඟ තරගාවලියේ දී පන්දුවාර නියමිත කාලය තුළ අවසන් කිරීමට හැකිවනු ඇති බවත් ය.

පසුගිය ජුනි මාසයේ දී පැවති ICC ශූරයින්ගේ කුසලාන තරගාවලිය අතරතුර දී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන් උපුල් තරංග හට තරග තහනම් ලකුණු 2ක් හිමි වූ අතර ඒ අනුව ඔහුට තරග 2ක තහනමක් පැනවුණි. ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවති පළමු තරගයට පෙර එවකට කණ්ඩායම් නායක ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව සිටි නිසා එම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ උපුල් තරංග ය.

සම්පූර්ණ වාර්තාව: අඩු පන්දුවාර වේග ගැටලුව විසඳී ඇතැයි තරංග විශ්වාසයෙන්

   රග්බි   

16න් පහළ රග්බි ශූරතාවයේ ප්‍රථම දිනය

U16 Rugby

සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 16න් පහළ රග්බි තරගාවලිය ඊයේ (19) මහනුවර ස්ථාන දෙකක දී ආරම්භ විය.

සාන්ත පීතර විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය, කිංස්වුඩ් විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, විද්‍යා විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය ඊයේ දිනය තුල ඔවුන් ක්‍රීඩා කළ තරග සියල්ලෙන්ම ජයග්‍රහණය කිරීමට සමත් වූයේ තරගාවලියේ මීළඟ වටය සඳහා සුදුසුකම් ලබා ගනිමිනි. එහි පළමු තරගය අද (20) උදෑසන සාන්ත පීතර විද්‍යාලය හා විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවැත්වේ.

සම්පූර්ණ වාර්තාව: පාසල් 8ක් අපරාජිතව පළමු දිනය අවසන් කරයි

දිනයක අවසානය