වෙළඳ සේවා ක්‍රිකට් සංගමය. සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ද සහයෝගය ඇතිව 10 වැනි වරටත් සංවිධානය කරන MCA Super Premier League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (7) පැවැති තරගවල දී CDB A කණ්ඩායම සහ Maliban Biscuits A කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කළා.
කොළඹ, වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී පැවැති මෙම තරගවල දී දිනයේ කැපී පෙණෙන පිතිකරු බවට Maliban Biscuits A කණ්ඩායමේ සංගීත් කුරේ පත් වෙද්දී කැපී පෙණෙන පන්දු යවන්නා බවට පත් වූයේ එම කණ්ඩායමේ ම සනෝජ් දර්ශික.
Fairfrst Insurance සහ CDB A අතර තරගය
කාසියේ වාසිය දිනා ගත් CDB A කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Fairfrst Insurance ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 93ක් පමණයි.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක මෝදිත රණතුංග. ඔහු පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.
ඊට අමතර ව සොහාන් ද ලිවේරා පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී නවිඳු ප්‍රභාෂ් සහ තරිඳු රත්නායක කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව ප්‍රමෝද් මධුශාන් කඩුලු 2ක් ද, ලහිරු මදුශංක සහ දුනිත් වෙල්ලාලගේ කඩුල්ල බැගින් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි CDB A ක්‍රීඩකයෝ ප්‍රතිවාදී ඉලක්කය ඉනිම අවසන් වීමට තවත් පන්දු 42ක් ඉතිරි ව තිබිය දී කඩුලු 5ක් පමණක් දැවී යද්දී සපුරා ගත්තා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු ශෙවෝන් ඩැනියෙල්. ඔහු පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.
ඊට අමතර ව අවිශ්ක ප්‍රනාන්දු පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී තනුක දාබරේ සහ දිලුම් සුදීර කඩුලු ද්විත්වය බැගින් දවාගත් අතර ඊට අමතර ව නිමේෂ් විමුක්ති කඩුල්ලක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Fairfrst Insurance – සියලුම දෙනා දැවී 93 (13.5)මෝදිත රණතුංග 33, සොහාන් ද ලිවේරා 18, ප්‍රමෝද් මදුශාන් 2/16, තරිඳු රත්නායක 3/23, නවිඳු ප්‍රභාෂ් 3/15
- CDB A A – කඩුලු 5ක් දැවී 96 (13.0)ශෙවෝන් ඩැනියෙල් 45, අවිශ්ක ප්‍රනාන්දු 20, දිලුම් සුදීර 2/28, තනුක දාබරේ 2/19
CDB A කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
- නිව්ටන් David Pierisලා අමාරුවේ දමයි
- වෙළඳ සේවා T20 පළමු ශතකය අවිශ්කගෙන්
- Hayleys Group A අවසන් මහා තරගයට
- Maliban Biscuits A අවසන් තරගයට සුදුසුකම් ලබා ගනී
- සොහාන් ද ලිවේරා ශතක සමාජයට
BBK Partnership සහ Maliban Biscuits A අතර තරගය
කාසියේ වාසිය දිනාගත් BBK Partnership ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Maliban Biscuits A කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 118ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් BBK Partnership කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 104ක් පමණයි.
Maliban Biscuits A ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු නායක සංගීත් කුරේ. ඔහු පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තා.
ඔහුගේ එම ඉනිම නිමා වෙන්නේ 9 වැනි කඩුල්ලට දැවී යෑමත් සමඟිනුයි. ඔහුට අමතර ව එම ඉනිමේ සැලකිය යුතු ඉනිම් ක්‍රීඩා කළේ රනේෂ් සිල්වා (13) සහ දුශාන් විමුක්ති (12) වන අතර අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට හැකි වූයේ නැහැ.
කඩුලු දවා ගැනීමේ දී ක්‍රිෂ්ණශ්‍රීරාම් ශ්‍යාම්සුන්දර් ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව ටෝනි ග්‍රේග්, විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු ද්විත්වය බැගින් ද, රංජිත්කුමාර් නිව්ටන් සහ සංතුශ් ගුණතිලක කඩුල්ල බැගින් දවා ගත්තා.
BBK Partnership කණ්ඩායම් ඉනිම තවත් පන්දු 10ක් ඉතිරි ව තිබිය දී අවසන් වෙද්දී කණ්ඩායමේ සිටි වැඩි ම ලකුණුලාභියා වූයේ නායක විජයකාන්ත් වියස්කාන්ත්. ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා. ඊට අමතර ව සංතුශ් ගුණතිලක පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී සනෝජ් දර්ශික ලකුණු 19කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ වැඩි ම ලකුණුලාභියා බවට පත් වූවා. ඊට අමතර ව දුශාන් හේමන්ත කඩුලු 2ක් ද, සහන් ආරච්චිගේ, ධනංජය ලක්ෂාන්, විශේන් හැළඹගේ සහ වනුජ සහන් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Maliban Biscuits A – සියලුම දෙනා දැවී 118 (19.4)සංගීත් කුරේ 62, ටෝනි ග්‍රේග් 2/16, ක්‍රිෂ්ණශ්‍රීරාම් ශ්‍යාම්සුන්දර් 3/19, විජයකාන්ත් වියස්කාන්ත් 2/19
- BBK Partnership A – සියලුම දෙනා දැවී 104 (18.2)සංතුශ් ගුණතිලක 21, විජයකාන්ත් වියස්කාන්ත් 34, දුශාන් හේමන්ත 2/25, සනෝජ් දර්ශික 4/19
Maliban Biscuits A කණ්ඩායමට ලකුණු 14ක ජයක්.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















