ගෙවුනු දවස අගෝස්තු 13 – ශූරතාවය ලංකාවට

262
Sri Lanka Sports News Last Day summary august 13

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් දිනපතා ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

  රග්බි  

අාසියානු ශූරතාවය ලංකාවට

ආසියනු වයස අවුරුදු විස්සෙන් පහළ සත්සාමාජික රග්බි තරඟාවලියේ දෙවන සහ අවසන් වටය හොන්-කොන් හී කින්ග්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදි ඊයෙන් අවසන් විය. එහිදි සත්කාරක හොන්ග් කොන්ග් කණ්ඩායම හමුවේ 36-10 ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම පරාජයට පත්විය.

දෙවන දිනයේ තරග ප්‍රතිඵල:

  • ශ්‍රී ලංකාව 10 : 36 හොන්ග් කොන්ග්
  • ශ්‍රි ලංකාව 19  – 12 දකුණු කොරියාව

කෙසේ වෙතත් තරඟාවලිය තුලදි දක්ෂ ක්‍රිඩා විලාශයක නියලුනු ජපාන කණ්ඩයම දෙවන ලීග් තරගවලිය සඳහා සහභාගී නොවුන අතර ප්‍රථම වටයේ අර්ධ අවසාන තරඟයේදි දකුණු කොරියාව හමුවේ ඔවුන් පරජයට පත්විය. ශ්‍රි ලංකාව 14 -12 මලයාසියව පරාජය කරන ලදි.

මෙම ප්‍රබල හොන්ග් කොන්ග් කණ්ඩයම මලයාසියව හමුවේ එක් වරක් පරාජයට පත්වීමටද සිදුවිය. තරඟයෙන් තරඟය කණ්ඩායම්හි ලකුණු මට්ටම දෝලන වෙමින් පැවතුන මෙම තරඟාවලියේ වඩාත් අවාසනාවන්තම කණ්ඩායම ලෙස දකුණු කොරියානු කණ්ඩායම දැක්විය හැක. ශක්තිමත් ක්‍රිඩකයින්ගෙන් පරිපූර්ණ වු කොරියානු කණ්ඩායමට තරගවට දෙකෙන් කිසිඳු ශුරතවයක් දිනාගත නොහැකි විය.

සම්පූර්ණ ලිපිය: ශ්‍රි ලංකාව ආසියානු ශූරතාවය දිනා ගනි


සුපර් සෙවන්ස් අවසන් තරගය

ඩයලොග් අාසිඅාටා හි පූර්ණ සවිබල ගැන්වීමෙන් සහ ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සංවිධානයෙන් පැවැත්වුනු ප්‍රථම ඩයලොග් සුපර් සෙවන්ස් තරගාවලියේ දෙවැනි සහ අවසන් වටයේ තරග ඊයේ කොළඹ තුරග තරග පිටියේදි නිමාවට පත් විය.

එහිදි සමාගම් නියෝජනය කරමින් තරග වැදුනු තරගාවලියේ ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම සමත් වුනු අතර පාසල් සුපර් සෙවන්ස් අංශයෙන් පෙරමුණ ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් විය.

සුපර් සෙවන්ස් අවසන් වටයේ තරගය පැවතියේ මොබිටෙල් ඊගල්ස් සහ කාර්ගීල්ස් ග්ලැඩිඑ්ටර්ස් කණ්ඩායම් සමඟිනි. පැවති උණුසුම් තරගයකින් අනතුරුව 28-17 ලෙසින් ජයග්‍රහණය වාර්තා කිරීමට කාර්ගීල්ස් ග්ලැඩිඑ්ටර්ස් සමත් විය.

පාසල් සුපර් සෙවන්ස් අවසන් වටයේ තරග ශා. ජෝසප් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවති අතර තරගයේ ප්‍රථම අර්ධය නිමාවට පත්වූයේ 12-05 ලෙස ඉසිපතනය පෙරමුණ ගනිමිනි. තරගයේ අවසන් අර්ධය තුලදි තවත් අතිරේක ලකුණු කිහිපයක් කණ්ඩායම් දෙකම විසින් ලබා ගත් පසු අවසන් ලකුණු පුවරුව දැක්වූයේ 32-12ක් ලෙසිනි. ඉසිපතනයට ලකුණු 20කින් ජයග්‍රහණය හිමිවිය.


  ක්‍රිකට්  

තෙවැනි ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය

ඔස්ට්‍රේලියාව සමග ඊයේ ආරම්භ වූ 3 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ උදෑසන වරුව තුලදී මහා කඩා වැටීමකට මුහුණදුන් ශ්‍රී ලංකා කණ්ඩායම චන්දිමාල්ගේ සහ ධනංජයගේ අගනා සබඳතාවයේ පිහිටෙන් අභියෝගාත්මක තත්ත්වයක් වෙත පිය නගන්නට සමත් විය. පන්දු යවන්නන්ගේ දිනයක් ලෙස ආරම්භවූ මෙම තරගයේ පළමු දිනය දිවා ආහාරයෙන් පසු සම්පූර්ණයෙන්ම පිතිකරුවන් ගේ තරගයක් බවට හරවා ගන්නට දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා සමත් විය.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකා පළමු ඉනිම –  214/5 (90)  – ධනංජය ද සිල්වා – 116*, දිනේෂ් චන්දිමාල් – 64*, කුසල් ජනිත් – 16, මිචෙල් ස්ටාක් – 3/47, නේතන් ලයන් – 2/72

සම්පූර්ණ ලිපිය: ධනංජයගේ මංගල ශතකය ශ්‍රී ලංකාව ඔසවා තබයි


යොවුන් ක්‍රීඩකයෝ විශිෂ්ඨ හඹා යෑමක

විශිෂ්ට ගණයේ ලකුණු හඹා යාමක නිරත වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවැත්වෙන, තරග 3කින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය, තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගන්නට සමත් විය. ඒ දෙරට අතර දෙවන යොවුන් එක්දින තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කරමිනුයි.

සම්පූර්ණ ලිපිය: අවිශ්ක – සම්මු විශිෂ්ට හඹායාමක


  පාපන්දු  

යුද හමුදාව 02 : 00 කොළඹ පාපන්දු සමාජය

ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 10වැනි සතියේ තරග කිහිපයක් ඊයේ පැවැත්විය. එම තරගවලින් යුද හමුදාව සහ රිනවුන් ක්‍රීඩා සමාජ ප්‍රතිවාදීන් පරදා ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

ලකුණු සටහන

  • යුද හමුදා ක්‍රීඩා සමාජය 02 : 00 කොළඹ පාපන්දු සමාජය
  • රිනවුන් ක්‍රීඩා සමාජය 01 : 00 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

අද දිනයේ පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට