ගෙවුනු දවස අප්‍රේල් 30 – ගයන්තිකා සහ ඉඳුනිල් රනින් බැබළේ

324

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

 ක්‍රිකට් 

බස්නාහිර උතුර සහ දකුණුට ජය

U19 Provincial Cricketසුපිරි පළාත් තරගාවලියේ ශූරතාවය කොළඹ කණ්ඩායම දිනා ගන්නා විට, අනාගතය ලොව දිනන්නට වෙර දරන ක්‍රිකට් ක්‍රීඩකයින් උදෙසා පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (30) පැවැත්වූ තරග වලින් බස්නාහිර උතුර, බස්නාහිර දකුණ, දකුණු පළාත හා වයඹ පළාත යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

බස්නාහිර උතුර – 221/09 (පන්දු වාර 50): මහේෂ් තීක්ෂණ 74, ලහිරු අත්තනායක 34, සජිත් සමීර 31, විමුක්ති කුලතුංග 3/21, ලක්ෂිත මුණසිංහ 2/39

බස්නාහිර මධ්‍යම – සියල්ලන්ම දැවී 208 (පන්දු වාර 46.2): සන්තුෂ් ගුණතිලක 55, පසිඳු සූරියබණ්ඩාර 39, සංජුල අබේවික්‍රම 35, ලක්ෂිත මුණසිංහ 20, අසේල සිගේරා 3/28, මහේෂ් තීක්ෂණ 2/34

බස්නාහිර දකුණ – සියල්ලන්ම දැවී 268 (පන්දු වාර 49.5): කමිල් මිශාර 105, කවිදු උමයංග 65, නිශාන් මදුශ්ක 54, ප්‍රමුදිත මදුභාශ් 2/28, චතුර මහේල 2/34, ශසික දුල්ෂාන් 2/42

ඌව – 225/09 (පන්දු වාර 50): ශසික දුල්ෂාන් 75, නවීන් හසරංග 33, ආධිත්‍යය සදරුවන් 22, ටශික පෙරේරා 3/42, රොහාන් සංජය 2/42, අශාන් දිල්හාර 2/48

සම්පූර්ණ ලිපිය: ශතකයක් හා අර්ධ ශතක හතක්


නව වේග පන්දු පුහුණුකරුවෙක්

Allan Donald to consult Sri Lanka fast bowlers
Picture Credits indiatvnews.com

හිටපු දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඇලන් ඩොනල්ඩ් එළඹෙන ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ විශේෂඥ පුහුණුකරු ලෙස පත්කර ඇත. මෙම ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ දී හා වේල්සයේ දී පැවැත්වේ.

.

.

සම්පූර්ණ ලිපිය: වේගපන්දු පුහුණුකරු ලෙස ඇලන් ඩොනල්ඩ්


 පැසිපන්දු 

හර්බට් කුසලානය ගුවන් හමුදාවට

Herbert Cup Final

සාන්ත මයිකල්ස් විදුහල් පරිශ්‍රයේ පැවති 6 වන හර්බර්ට් අනුස්මරණ පැසිපන්දු තරගාවලිය අතිඋත්කර්ෂවත් අයුරින් නිමාවට පත්විය. කණ්ඩායම් 7ක් දින 3ක් පුරාවට මඩකලපුව නගරය උණුසුම් කරන්නට සමත් වූ අතර අවසන් මහා තරගයට ඉන් යුද හමුදා කණ්ඩායම හා වත්මන් ජාතික ශූර ගුවන් හමුදා කණ්ඩායම තේරී විය. සුපුරුදු පරිදි ශූරතාවය දිනා ගන්නට ගුවන් හමුදාව සමත් විය.

සම්පූර්ණ වාර්තාව: හර්බර්ට් කුසලානය ගුවන් හමුදාවට


 මලල ක්‍රීඩා 

රන් සහ ලෝකඩ පදක්කම්

gayanthika

ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි හා අවසාන අදියර ඊයේ (30) තායිපේ නගරයේ දී නිමාව දුටු අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් දෙකක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් තරගාවලිය අවසන් කරන්නට සමත් විය.

.

සම්පූර්ණ ලිපිය: ඉඳුනිල්ට සහ ගයන්තිකාට රන් පදක්කම්

දිනයක අවසානය