ගෙවුණු දවස මාර්තු 7 – විස්සයි විස්සේ අවසන් කණ්ඩායම් දෙක තේරේ

261

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

සාන්ත ජෝසප් වාස් ක්‍රීඩකයින් පුත්තලම සහෝදර සටන ජය ගනී

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා හලාවත සාන්ත මරියා විද්‍යාලය අතර තෙවන වරටත් පැවැත්වූ “පුත්තලම සහෝදරවරුන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම” මාර්තු මස 6 හා 7 යන දෙදින පුරාවටම හලාවත ශර්ලි කොරයා ක්‍රිකට් පිටියේ දී පැවැත්වූ අතර මෙවර තරගය ද කඩුලු 10කින් ජය ගැනීමට සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට හැකි විය.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිම – 328/9d (57): ශශාන් ප්‍රනාන්දු 102*, සොහාන් අනුරුද්ධ 59, අවිඳු ශෙහාර 50*, නවෝද් යොහාන් 37, ධනුෂ්ක නේරංජන 30, උදිත හිරුෂික 5/84, චාරුක නවිඳු 2/56.

සාන්ත මරියා විද්‍යාල පළමු ඉනිම – 161 (65.1): රොෂාන් මාධව 36, අශේන් තාරුක 26, නිපුන් දනංජය 4/53, අවිඳු ෂෙහාර 3/37.

සාන්ත මරියා විද්‍යාල  දෙවන ඉනිම (F/O) – 171 (61): ඉශාන් දීමන්ත 33, චාරුක තරිඳු 29,  රොෂාන් මාධව 26, නිපුන් දනංජය 4/69, ශශාන් ප්‍රනාන්දු 2/25.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල දෙවන ඉනිම – 5/0 (0.2):

සම්පුර්ණ වාර්තාව: පුත්තලම සහෝදරවරුන්ගේ සටනේ ජය සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට

එන්. සී. සී හා සී. සී. සී. අවසන් මහා තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ සවිබල ගැන්වීමෙන් පවත්වනු ලබන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග ඊයේ (7) කොළඹ පී. සරවනමුත්තු පිටියේ දී පැවැත්විය. එම තරගවලින් ජයග්‍රහණය ලබාගත් සී. සී. සී කණ්ඩායම හා  එන්. සී. සී. කණ්ඩායම අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගන්නා ලදි.

කොළඹ ක්‍රිකට් සමාජය – 173/6 (20): වනිඳු හසරංග 74, මාධව වර්ණපුර 35, ලහිරු මදුසංක 25*, බිනුර ප්‍රනාන්දු 2/15, ප්‍රමෝද් මදුෂාන් 2/39.

ටැමිල් යූනියන් – 131 (18.2): මනෝජ් සරත්චන්ද්‍ර 35, කිත්රුවන් විතානගේ 26, සචිත් පතිරණ 4/17.

යුද හමුදාව – 102 (17.1): හිමාෂ ලියනගේ 23, ජනිත් චතුරංග 16, ලක්ෂාන් එදිරිසිංහ 16, ලසිත් මාලිංග 3/14.

එන්. සී. සී – 108/4 (14.2): නිරෝෂන් දික්වැල්ල 27, ලහිරු උදාර 27, භානුක රාජපක්ෂ 25,

සම්පූර්ණ වාර්තාව: මාලිංගගේ පන්දුකරණයෙන් එන්. සී. සී අවසන් සටනට; වීරයා වනිඳු

රග්බි –

ඩී. එස්. ක්‍රීඩකයින්ට නූලෙන් ජය මග හැරේ

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ දෙවන තරගය ඊයේ (07) කොළඹ ඉසිපතන විද්‍යාලය හා කොළඹ D. S. සේනානායක විද්‍යාලය අතර කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී පැවති අතර ඉතා තියුණු තරගයකට පසු ලකුණු 24-25ක් ලෙස ජය හිමි කර ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් විය.

පළමු අර්ධය: ඉසිපතන විදුහල 17 – 12 D. S. සේනානායක විදුහල

අවසන් ලකුණු තත්වය: ඉසිපතන විදුහල 25 (4T,1C,1P) – 24 (4T,2C) D. S. සේනානායක විදුහල

සම්පූර්ණ වාර්තාව: හැව්ලොක් පිටිය කැළඹූ ඉසිපතන D.S සටනේ ජය ඉසිපතනයට

දිනයක නිමාව