හැව්ලොක් පිටිය කැළඹූ ඉසිපතන D.S සටනේ ජය ඉසිපතනයට

2075

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ දෙවන තරගය අද (07) කොළඹ ඉසිපතන විද්‍යාලය හා කොළඹ D. S. සේනානායක විද්‍යාලය අතර කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී පැවති අතර ඉතා තියුණු තරගයකට පසු ලකුණු 24-25ක් ලෙස ජය හිමි කර ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් විය.

මංගල රග්බි ගැටුමේ දී මහනුවර ක්‍රීඩකයෝ රාජකීය බලයට යටත් වේ

උණුසුම, ත්‍රාසය හා ඉහළ ප්‍රේක්ෂක සහභාගීත්වය සමඟින් පාසල් රග්බි පිටියට වසන්තය උදා කරමින්, 2018 අන්තර්…

ප්‍රබල ඉසිපතන කණ්ඩායම මනිල්ක රුබේරු විසින් මෙහෙයවූ අතර පෙරළිකාරී D. S. සේනානායක විදුහල චාමුක සේශාන් විසින් මෙහෙයවනු ලැබීය.

තරගයේ පළමු මිනිත්තුවේ සිට සිය දැවැන්ත ඉදිරිපෙළ මගින් ඉසිපතන ප්‍රබල පසුපෙළ මර්දනය කිරීම ඇරඹූ D. S. සේනානායක ක්‍රීඩකයෝ තරගකාරී ක්‍රීඩා රටාවකට අවතීර්ණ වුවත්, 12 වන මිනිත්තුවේ දී සිය පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට ප්‍රබල ඉසිපතන ක්‍රීඩකයෝ සමත් විය. නදීෂ චාමින්ද එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර රවිඳු අංජුල එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (ඉසිපතන 07-00 D.S)

ඉසිපතන හරිත හමුදාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළ D. S. ඉදිරිපෙළ ඉසිපතන ක්‍රීඩකයින් මර්දනය කරමින් 19 වන මිනිත්තුවේ දී සිය ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කළ අතර විශාල් විජේසිරි එම උත්සාහක දිනුමට හිමිකම් කීය. සුරංග උඩවත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (ඉසිපතන 07-07 D.S)

සිය ඉදිරිපෙළ දැවැන්ත ක්‍රීඩකයින්ගේ ශක්තිය මනා ලෙස භාවිතා කළ D. S. සේනානායක ක්‍රීඩකයෝ 25 වන මිනිත්තුවේ දී සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. දිනූෂ හේමසිරි එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර ඔහුම එහි ප්‍රවර්තනය සඳහා උත්සහ කළ නමුත් එම උත්සාහය සාර්ථක වූයේ නැත. (ඉසිපතන 07-12 D.S)

29 වන මිනිත්තුවේ දී D. S. සේනානායක විදුහලේ දැවැන්ත ඉදිරිපෙළට තනිවම අභියෝග කළ හිමාෂ් ද සිල්වා ඉසිපතන විදුහල වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. අලංකාර ධාවනයක යෙදෙමින් හිමාෂ් එම උත්සාහක දිනුම වාර්තා කළ නමුත් රවිඳු අංජුල එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ නැත. (ඉසිපතන 12 -12 D.S)

35 වන මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ වේගවත් ඉසිපතන පසුපෙළ සිය පාදයේ ජවයෙන් අනර්ඝ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත්වූ අතර නායක මනිල්ක රුබේරු එම උත්සාහක දිනුමට හිමිකම් කීය. රවිඳු අංජුල හට එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට හැකි වූයේ නැත. (ඉසිපතන 17-12 D.S)

පළමු අර්ධය: ඉසිපතන විදුහල 17 12 D. S. සේනානායක විදුහල

තරගය පුරා ඉසිපතනයට නොසිතූ අභියෝග රැසක් එල්ල කළ D. S. සේනානායක විදුහලේ ඉදිරිපෙළ වෙනුවෙන් දිනූෂ හේමසිරි සිය දෙවන උත්සාහක දිනුමත් ඩැහැ ගැනීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය ඔහු විසින්ම සාර්ථක කර ගන්නා ලදි. (ඉසිපතන 17-19 D.S)

ලකුණු පරතරය ඉහළ දමමින් 60 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් අලංකාර ලෙස සාර්ථක කර ගැනීමට ඉසිපතන විදුහලේ රවිඳු අංජුල සමත් විය. (ඉසිපතන 20-19 D.S)

67 වන මිනිත්තුවේ දී ලද තීරණාත්මක දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට D. S. සේනානායක විදුහලේ දිනූෂ හේමසිරි අසමත් විය. අනතුරුව 68 වන මිනිත්තුවේ දී නොසිතු ලෙස ඉසිපතන කණ්ඩායමේ රවිඳු අංජුල අලංකාර ලෙස D. S. පසුපෙළ නොමග යවමින් උත්සාහක දිනුමක් වාර්තා කළ නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අසමත් විය. (ඉසිපතන 25-19 D.S)

යෙෂිරගේ උත්සාහක දිනුම් 4න් ගාල්ලේ රග්බි බළකොටුව බිඳ වැටේ

පාසල් රග්බි ලීගයේ බී කාණ්ඩයේ තරගාවලියේ තවත් තරගයක් අද (06) පැවැත්විය. එහි දී කොළඹ ලුම්බිණි විද්‍යාලයත්…

ඉතිරිව තිබූ කාලය මැනවින් ප්‍රයෝජනයට ගත D. S. ක්‍රීඩකයෝ සිය ඉදිරිපෙළ ශක්තිය උපරිම ලෙස යොදා ගනිමින් උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා යාමට උත්සහ කළ අතර ජයග්‍රහණය පෙනෙන මානයට ගෙන එමින් 70 වන මිනිත්තුවේ දී තිමිර රඹුක්වැල්ල ඉසිපතන පසුපෙළ අතරින් රිංගා යමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. දිනූෂ හේමසිරි ජයග්‍රාහී ප්‍රවර්තනයට උත්සහ කළ නමුත් අවාසනාවන්ත ලෙස පන්දුව ගෝල කණුවලින් ඉවතට ගමන් කරද්දී පෙරළිකාර ජයක පහස D. S. සේනානායක විදුහලට අහිමි විය. (ඉසිපතන 25-24 D.S)

අවසන් ලකුණු තත්වය: ඉසිපතන විදුහල 25 (4T,1C,1P)24 (4T,2C) D. S. සේනානායක විදුහල 

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්:

  • ඉසිපතන විදුහල: නදීෂ චාමින්ද (1T), රවිඳු අංජුල (1T, 1P, 1C), මනිල්ක රුබේරු (1T), හිමාෂ් ද සිල්වා (1T)
  • S. සේනානායක විදුහල: විශාල් විජේසිරි (1T), සුරංග උඩවත්ත (1C), දිනූෂ හේමසිරි (2T,1C), තිමිර රඹුක්වැල්ල (1T)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට