ගෙවුණු දවස මාර්තු 6 – ශ්‍රී ලංකාව හමුවේ ඉන්දියාව නිරුත්තර වේ

458

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට්

කුසල් පෙරේරාගේ සුපිරි පිතිප්‍රහාරයෙන් ප්‍රේක්ෂකයන් අන්දමන්ද වේ

පන්දු 37ක දී කුසල් පෙරේරා රැස් කරන ලද ලකුණු 66ක අනුකම්පා විරහිත ඉනිම ප‍්‍රධාන කොට, 70 වැනි නිදහස සැමරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේ දී ම ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කරමින් තරගාවලියට ජයග‍්‍රාහීව අවතීර්ණ වීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පන්දු 120ක දී ලකුණු 175ක ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තිසර පෙරේරාගේ පිත්තෙන් එල්ල කරන ලද හතරේ පහරත් සමඟ සනාථ වන විට දී තවත්  පන්දු 9ක් සහ කඩුලු 5ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබුණි.

සම්පූර්ණ වාර්තාව: කුසල්ගේ සංදර්ශනයෙන් ශ‍්‍රී ලංකාවට ජයග්‍රාහී ආරම්භයක්


සභාපතිගේ කණ්ඩායමට සුහද තරගයේ ජය

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර ඊයේ (06) CCC පිටියේ දී පැවැත්වූ සුහද විස්සයි විස්ස තරගය ලකුණු 41කින් ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. මෙම තරගයේ දී කැපී පෙනෙන ක්‍රීඩකයින් බවට පත්වීමට මශ්ෆිකර් රහීම්, මහමදුල්ලා, නිරෝෂන් දික්වැල්ල හා අසිත ප්‍රනාන්දු සමත් විය.

බංග්ලාදේශ  – 186/5 (20): මශ්ෆිකර් රහීම් 65, මහමදුල්ලා 43, ලිට්න් ඩාස් 40, අසිත ප්‍රනාන්දු 2/22.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම – 145 (19): නිරෝෂන් දික්වැල්ල 27, ඇන්ජලෝ පෙරේරා 22, ලහිරු මිලන්ත 19, ටස්කින් අහමඩ් 2/16, රුබෙල් හුසේන් 2/19.

සම්පූර්ණ වාර්තාව: බංග්ලාදේශ කණ්ඩායමෙන් සභාපතිගේ කණ්ඩායමට පාඩමක්


රග්බි

රිච්මන්ඩ්වරුන්ට ලුම්බිණියෙන් ප්‍රහාරයක්

පාසල් රග්බි ලීගයේ බී කාණ්ඩයේ තරගාවලියේ තවත් තරගයක් ඊයේ (06) පැවැත්විය. එහි දී කොළඹ ලුම්බිණි විද්‍යාලයත්, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයත් කොළඹ තුරඟ තරග පිටියේ දී තරග වැදුණු අතර එහි දී ලකුණු 62- 05ක් ලෙස පහසු ජයක් ලබා ගැනීමට ලුම්බිණි විද්‍යාලයට හැකි විය.

පළමු අර්ධය: ලුම්බිණි විද්‍යාලය 35 – 00 රිච්මන්ඩ් විද්‍යාලය

අවසන් ලකුණු තත්වය: ලුම්බිණි විද්‍යාලය (9T 7C 1P) 62 – 05 රිච්මන්ඩ් විද්‍යාලය (1T)

ThePapare.com තරගයේ වීරයා – යෙෂිර ග්‍රේරු (ලුම්බිණි විද්‍යාලය

සම්පූර්ණ වාර්තාව: යෙෂිරගේ උත්සාහක දිනුම් 4න් ගාල්ලේ රග්බි බළකොටුව බිඳ වැටේ

දිනයක අවසානය