කුසල්ගේ සංදර්ශනයෙන් ශ‍්‍රී ලංකාවට ජයග්‍රාහී ආරම්භයක්

1910

පන්දු 37ක දී කුසල් පෙරේරා රැස් කරන ලද ලකුණු 66ක අනුකම්පා විරහිත ඉනිම ප‍්‍රධාන කොට, 70 වැනි නිදහස සැමරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේ දී ම ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කරමින් තරගාවලියට ජයග‍්‍රාහීව අවතීර්ණ වීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

[rev_slider LOLC]

”ඒක මෙතන කියන්න බැහැ. අනිත් කැප්ටන් ලා ඉන්නවනේ.” – චන්දිමාල්

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සමරුවට සමගාමීව ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ සහභාගීත්වයෙන් පැවැත්වෙන නිදහස් කුසලාන තුන්කොන් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ…

පන්දු 120ක දී ලකුණු 175ක ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තිසර පෙරේරාගේ පිත්තෙන් එල්ල කරන ලද හතරේ පහරත් සමඟ සනාථ වන විට දී තවත්  පන්දු 9ක් සහ කඩුලු 5ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබුණි.

ඉන්දීය පන්දු යැවීමේ පළමු ගොදුර ලෙසින් කුසල් මෙන්ඩිස් ලකුණු 11ක දී දැවී ගිය නමුත් සිය ප්‍රහාරාත්මක පිතිකරණ රටාවෙන් නොමිඳුණු කුසල් පෙරේරා සිය විස්සයි විස්ස තරග දිවියේ 8 වැනි අර්ධ ශතකය පන්දු 22ක දී සම්පූර්ණ කර ගත්තේය.

කුසල්ගේ ප්‍රවේගකාරී පිතිකරණ රටාව හේතුවෙන් පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 තුළ දී ලකුණු 75ක් රැස් කර ගැනීමට ශ‍්‍රී ලංකාවට අවස්ථාව උදා විය. එය ශ‍්‍රී ලංකා විස්සයි විස්ස ඉතිහාසයේ පවර් ප්ලේ අවස්ථාවක දී රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට ද පත්විය.

ශ‍්‍රී ලංකා ඉනිමට හිමි පවර් ප්ලේ අවස්ථාවේ දී ලකුණු 06, 13, 27, 10, 14 සහ 05 වශයෙන් රැස් කර ගැනීමට කුසල් පෙරේරා ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ. මෙහි දී ශර්දුල් ඨාකුර් විසින් ක්‍රියාත්මක කරන ලද තෙවැනි පන්දුවාරයේ දී 4, 4, 4, 6, 4 (නිපන්දුවක්*) 4 සහ 1 බැගින් ලකුණු 27 ක් රැස් කිරීමට සමත් වීම නිසා පළමු පන්දු 10 තුළ දී ලකුණු 33ක් රැස් කිරීමට පෙරේරාට අවස්ථාව උදා විය. හයේ පහර 4ක් සහ හතරේ පහර 6කින් අලංකාර වුන කුසල් පෙරේරාගේ සුවිශේෂී ඉනිම ඔහුට තරගයේ වීරයා සම්මානය ද ගෙන දුන්නේය.

ලකුණු 100 කඩඉම පන්දුවාර 9කුත් පන්දු 4ක දී පසු කර යන විට කඩුලු 3ක් පමණක් දැවී ගිය ද, කුසල් පෙරේරා කඩුල්ලේ රැඳී සිටීම ශ‍්‍රී ලංකා ජයග්‍රහණයට අවදානමක් එක් නොකරන සුලු විය. එහෙත් ලකුණු 09ක් තුළ කුසල් සහ තරංග දෙදෙනාම දැවී යෑම තරමක අවදානමක් එක් කරන්නක් වුවත්, 6 වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 39ක සම්බන්ධතාවක් පවත්වමින් ශ‍්‍රී ලංකාව ජය කණුව කරා රැගෙන යෑමට තිසර පෙරේරා සහ දසුන් ශානක සමත් විය. එහි දී තිසර පන්දු 10ක දී ලකුණු 22ක් ද, ශානක පන්දු 18ක දී ලකුණු 15ක් ද රැස් කර ගනිමින් කඩුල්ලේ රැඳී සිටියහ.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාවේ ඇරයුමින් පිටියට පිවිසි විස්සයි විස්ස තරග අංශයේ අනුකම්පා විරහිත පිතිකරුවකු ලෙසින් සැලකෙන රෝහිත් ෂර්මා සහ සුරේෂ් රයිනාගේ කඩුලු දෙවැනි පන්දුවාරය අවසන් වන විට දැවී යෑම තරගය නැරඹීමට පැමිණි 25,000කට ආසන්න ප්‍රේක්ෂකයන්ගේ අමන්දානන්දයට හේතු විය. මෙහි දී ෂර්මාගේ දැවී යෑම වෙනුවෙන් ජීවන් මෙන්ඩිස් රැක ගන්නා ලද උඩ පන්දුව ද විශිෂ්ට ඝනයේ විය.

ජ්‍යෙෂ්ඨයින් විරල වූ ඉන්දීය ඉනිමේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙකුම ලකුණු 09ක දී දැවී යෑමේ දී තමාට හිමි වගකීම කුමක්ද යන්න මැනවින් වටහා ගෙන පන්දුවට පහර දුන් ශිකර් ධවාන් මනීෂ් පාන්ඬේ සමඟ එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95ක් රැස් කොට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ඉන්දීය පිලට මං පෙත් විවර කර දුන්හ.

බංග්ලාදේශ කණ්ඩායමෙන් සභාපතිගේ කණ්ඩායමට පාඩමක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර අද (06) CCC පිටියේ දී පැවැත්වූ සුහද විස්සයි විස්ස තරගය ලකුණු 41කින් ජයග්‍රහණය කිරීමට…

පන්දු 64කින් සමන්විත වූ තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවට මනීෂ් පාන්ඬේගේ දායකත්වය පන්දු 35ක දී ලකුණු 37ක් විය. හයේ පහරකින් සහ හතරේ පහර 3කින් සමන්විත වූ පාන්ඬේගේ ඉනිමේ 12 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට ලබා ගන්නා ලද කෙටි ලකුණත් සමඟ ඉන්දීය පිලේ ලකුණු 100 සම්පූර්ණ විය. ඉන්දීය ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසින් පාන්ඬේ දැවී ගිය ද සිය ලකුණු පිපාස අත්නොහැරි ධවාන් රිෂාබ් පාන්ට් සමඟ නැවතත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක් එක් කළේ පන්දු 32ක් පමණක් වැය කරමිනි.

ධනුෂ්ක ගුණතිලකගේ පන්දුවකට එල්ල කරන ලද පහරක් වැරදී ලෝන් ඕෆ් කලාපයේ පන්දු රකිමින් සිටි තිසර පෙරේරාගේ දෑත් අතර සිරවීම නිසා කැපී පෙනෙන ඉනිමක් දියත් කළ ධවාන්ගේ ඉන්දීය ඉනිමේ සිව්වැනි පිතිකරුවා ලෙසින් දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 153ක් ලෙසින් සටහන් විය.

ජීවන් මෙන්ඩිස්ගේ ක්‍රියාත්මක කරන ලද 8 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට කරන ලද ඉල්ලීම ප‍්‍රධාන විනිසුරු නිශ්ප්‍රභ කිරීම හේතුවෙන් විනිසුරු විමසීමේ ක‍්‍රමවේදයේ සහාය ලබා ගැනීමට චන්දිමාල් තීරණය කළ ද තීරණයෙහි වෙනසක් නොවීය. එ් සමඟම ශ‍්‍රී ලංකාව සතු විනිසුරු විමසීමේ එකම අවස්ථාව ද අහිමි වී ගියේය.

මොරටුවේ ක්‍රිකට් උන්මාදය – මොරටු මහා රන් සටන

ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස මොරටුව හැඳින්වීම ඉතාම කාලෝචිත ය, සුදුසු ය. මන්දයත් ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට බිහි වූ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් විශාල සංඛ්‍යාවකගේ උප්ත්තිය…

හයේ පහර 6කින් සහ හතරේ පහර 6කින් අලංකාර වුන ධවාන්ගේ ලකුණු 90ක ඉනිම සඳහා හෙතෙම පන්දු 49කට පමණක් මුහුණ දී තිබුණි. තවමත් විස්සයි විස්ස ශතකයකට හිමිකම් කියා නොමැති ධවාන් අද (06) දිනයේ රැස් කර ගත්තේ සිය දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. මීට පෙර ඔහුගේ හොඳම විස්සයි විස්ස ඉනිම ලෙස සටහන් වූයේ නවසීලන්තයට එරෙහිව දිල්ලිහි රැස් කරන ලද ලකුණු 80ක ඉනිම වේ.

බංග්ලාදේශය සමඟ පැවති අවසන් විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ ඉසුරු උදාන සහ ශෙහාන් මධුෂංක වෙනුවට සුරංග ලක්මාල් සමඟ වේගපන්දු බල ඇණිය ශක්තිමත් කිරීමට දුෂ්මන්ත චමීර සහ නුවන් ප‍්‍රදීප් කණ්ඩායමට කැඳවා තිබුණි. ආබාධයට ලක්ව කණ්ඩායමෙන් ඉවත්ව සිටි කුසල් ජනිත් නැවත පැමිණීම නිසා වමත් දඟපන්දු යවන ක‍්‍රීඩක අමිල අපෝන්සුට කණ්ඩායමේ ස්ථානය අහිමි විය.

ඉන්දියාව පන්දුවාර 20 දී 174/5 ශිකර් ධවාන් 90, මනීෂ් පාන්ඬේ 37, රිෂාබ් පාන්ට් 23, දිනේෂ් කාර්තික් 13*, දුෂ්මන්ත චමීර 33/2, නුවන් ප‍්‍රදීප් 38/1, ජීවන් මෙන්ඩිස් 21/1, ධනුෂ්ක ගුණතිලක 16/1*

ශ‍්‍රී ලංකාව පන්දුවාර 18.3ක දී 175/5 කුසල් පෙරේරා 66, ධනුෂ්ක ගුණතිලක 19, කුසල් මෙන්ඩිස් 11, දිනේෂ් චන්දිමාල් 14, උපුල් තරංග 17, දසුන් ශානක 15*, තිසර පෙරේරා 22*, වොෂින්ටන් සුන්දර් 28/2, යුෂ්වේන්ද්‍රන් චෙහල් 37/2*

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<