කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
මුතුතන්ත්‍රිට පළමු අදියර මග හැරේ

මෙම ආබාධ තත්වය නිසාවෙන්, සැප්තැම්බර් 14 සහ 15 දිනයන්හි හොංකොං හිදී පැවැත්වීමට නියමිත ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවයේ පළමු අදියර සඳහා මුතුතන්ත්‍රි සහභාගී නොවන බව වාර්තා වේ. සැප්තැම්බර් 29 හා 30 දිනයන්හි දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත තරගාවලියේ දෙවන අදියර සඳහා ද මුතුතන්ත්‍රිගේ සහභාගිත්වය අවිනිශ්චිත බව ද වාර්තා වේ.
සම්පූර්ණ වාර්තාව: මුතූට ආසියානු පළමු අදියර මග හැරෙන ලකුණු
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිතයි

4 වැනිදා පැවති තරගයේ දී සත්කාරක සිංගප්පූරු කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ පරාජය වීම නිසා ඔවුන් මේ තරගය සඳහා අවතීර්ණ වූයේ ඉතාමත් ජවසම්පන්න මානසිකත්වයකිනි. නමුත් තරගයේ පළමු කාර්තුව තුල ගියවර ශූරතාවය දිනා ගත් මැලේසියානු කණ්ඩායම ලකුණු 13-15ක් ලෙස ලකුණු දෙකකින් පෙරමුණේ සිටින ලදි. ඊයේ පැවැත්වුණු ශ්‍රී ලංකා – සිංගප්පූරු තරගයේ පළමු කාර්තුවේ දී ද ශ්‍රී ලංකාව තරමක පසුබැස්මක් පෙන්නුම් කළේය.
සම්පූර්ණ වාර්තාව: පෙරළිකාර ශ්‍රී ලංකා කාන්තාවෝ අපරාජිතව අවසන් 4ට
ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට පරාජය

මෙම තරගාවලියට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායම ජපානයේ සහ දකුණු කොරියාවේ පුහුණු සැසියකට ද සහභාගී වූ අතර ඒ අත්දැකීම් ද සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට සහභාගී වන ලදි.
අනෙක් පසින් ඉන්දියාව මෙම තරගාවලිය සඳහා සුනිල් චෙත්රි, ජේජේ, බල්වන්ත් සිං ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඉදිරිපත් නොකළේ ලබන වසරේ පැවැත්වෙන ආසියානු කුසලානය සඳහා යොවුන් ක්‍රීඩකයන් සොයා ගැනීමේ අටියෙනි. ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් අවුරුදු 24 අඩු ක්‍රීඩකයන් වීම විශේෂත්වයකි.
සම්පූර්ණ වාර්තාව: ඉන්දීය අභියෝගය හමුවේ ශ්‍රී ලංකාව නිරුත්තර වෙයි
දිනයක නිමාව
අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්






















