මුතූට ආසියානු පළමු අදියර මග හැරෙන ලකුණු

229

ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායක සුදර්ශන මුතුතන්ත්‍රි සති තුනක කාලයක් සඳහා විවේක ගැන්වීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය තීරණය කර තිබේ. ඒ ‘මුතුතන්ත්‍රිගේ වම් අතේ මැණික් කටුව ප්‍රදේශයේ සිදු වී තිබෙන ආබාධ තත්වයක් නිසාවෙනි.

ධනුෂ්ක රන්ජන්ට හදිසි ආබාධයක්

ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි තරග සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන ධනුෂ්ක රන්ජන් ආබාධයකට…

මෙම ආබාධ තත්වය නිසාවෙන්, සැප්තැම්බර් 14 සහ 15 දිනයන්හි හොංකොං හිදී පැවැත්වීමට නියමිත ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවයේ පළමු අදියර සඳහා මුතුතන්ත්‍රි සහභාගී නොවන බව වාර්තා වේ. සැප්තැම්බර් 29 හා 30 දිනයන්හි දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත තරගාවලියේ දෙවන අදියර සඳහා ද මුතුතන්ත්‍රිගේ සහභාගිත්වය අවිනිශ්චිත බව ද වාර්තා වේ.

ආසියානු ක්‍රීඩා උළෙලේ මූලික වටයේ පැවති ශ්‍රී ලංකා – දකුණු කොරියා තරගයට පෙර සිදු කළ ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම අතරතුර දී ඔහුට මෙම ආබාධ තත්වය ඇතිවී ඇති අතර, කෙසේ නමුත් වෙලුම් පටි යොදා තරගය වෙනුවෙන් සහභාගී වූ  ඔහු සාර්ථක තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමට සමත් විය. ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු පීටර් වුඩ්ස් මහතාගේ තීරණය මත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තරගය සඳහා සහභාගී නොවු මුතූ, අන් සියලු තරග වෙනුවෙන් තම උපරිමයෙන් ක්‍රීඩා කළේය.

ආසියානු ක්‍රීඩා උළෙලේ ජපාන කණ්ඩායම අතර තරගය

ඊයේ (04) පැවති එම්. ආර්. අයි. පරීක්ෂණයෙන් පසු මුතූට සති තුනක විවේකයක් ලබා ගත යුතු බව වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූ අතර එම නිසා එළඹෙන ආසියානු ශූරතාවයේ පළමු අදියර සඳහා තාවකාලික නායකයෙකු පත් කිරීම ලබන 7 වැනිදා සිදු කිරීමට නියමිතයි . ඒ සමඟම දැනට නම් කර ඇති සත් සාමාජික ජාතික සංචිතයේ සුළු වෙනස්කම් කිහිපයක් ද සිදු කිරීමට ජාතික තේරීම් කමිටුව තීරණය කොට ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<