හතළිස්‌ පස්‌ වසරකට පසු යාපනයේ පැවැති අයෝමය ශූරයා තරගාවලියේ ශූරතාව කන්නන් ගනේෂ්ට

149

වසර 45 කට පසුව යාපනය දිස්‌ත්‍රික්‌කය කේන්ද්‍ර කරගනිමින් පැවැති යාපනය දිස්‌ත්‍රික්‌ කායවර්ධන තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කන්නන් ගනේෂ් සමත්වූවේය.

යාපනය වීරසිංහම් ශාලාවේ දී පැවැති මෙම තරගාවලිය සඳහා යාපනය දිස්‌ත්‍රික්‌කය පුරා පිහිටා ඇති ව්‍යායාම් මධ්‍යස්‌ථාන 1000 කට අධික සංඛ්‍යාවක ක්‍රීඩකයන් සහභාගි වූහ. 

මෙම පිරිස හරහා කායවර්ධන ක්‍රීඩාව සඳහා එම ප්‍රදේශයේ තරුණයක්‌ දක්‌වනු ලබන ඇල්ම සහ උනන්දුව මනාවට පැහැදිළි වූ අවස්‌ථාවක්‌ ලෙසද අදාළ ප්‍රවණතාව හැඳින්විය හැක.

පසුගියදා පැවති යාපන දිස්‌ත්‍රික්‌ කායවර්ධන තරඟාවලියේ ජයග්‍රහකයා ලෙස කන්නන් ශංකර් ගනේශ් ශූරතා කුසලාන ලබාගත් අයුරු ඡායාරූපයේ දැක්‌වේ.

මෙම අවස්‌ථාවට ශ්‍රී ලංකා ව්‍යායාම් මධ්‍යස්‌ථාන සංගමයේ සභාපති චන්දන අලුත්ගේ, ලේකම් අනුර ප්‍රනාන්දු, උප සභාපති වරුන් ලෙස සුදත් ගෝඨාභය, මොහොමඩ් අර්පත්, ප්‍රියන්ත පද්මපෙරුම මෙම තරඟාවලියේ ප්‍රධාන ආරාධිතයින් ලෙස සහ අධීක්‍ෂණ නිලධාරීන් ලෙස සහභාගි වූහ.

යාපන දිස්‌ත්‍රික්‌ බර ඉසිලීමේ සංගමය මගින් මෙම තරඟාවලිය සංවිධානය කර තිබුණි.