රෙවාන් කෙලී, සාලින්ද සහ අශේන් සාන්ත ජෝසප් නම බබලවති

226
Singer U19 schools Cricket October 2nd roundup

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (02) දවසේ පැවති තරග අතුරින් වැඩි අවධානය දිනා ගැනීමට කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ. මේ අතුරින් වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයා වූයේ රෙවාන් කෙලී ය.

සාන්ත ජෝසප් විද්‍යාලයේ ආරම්භක වමත් පිතිකරුවා වන රෙවාන් කෙලී දිනය නිමා වන විට ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 102ක් ලබා සිටියේය. ඔහුගේ නිමා නොවූ ඉනිම පන්දු 133කින් සමන්විත වූ අතර එම ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

සාන්ත තෝමස් විද්‍යාලයට ඉනිමක ජයක්

සාන්ත තෝමස් විද්‍යාලයට ඉනිමක හා ලකුණු 29ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි කර දෙමින්, සිංගර් කුසලාන…


ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරගය

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර කොළඹ 7, බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය නිමා වන විට සත්කාරක ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලබාගත් ලකුණු 186ට පිළිතුරු ලෙස සංචාරක සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 164ක් ලබා සිටියහ.

කාසියේ වාසිය දිනූ සාන්ත ජෝසප් විද්‍යාලයීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ ඩී. එස්. සේනානායක ක්‍රීඩකයෝය. එම ඉනිමේ දී පසිඳු ආදිත්‍ය සහ දසුන් පෙරේරා ලකුණු 41 බැගින් ලබා ගනිද්දී සාලින්ද සෙනෙවිරත්න සහ අශේන් ඩැනියෙල් කඩුලු 5 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම ඉනිම පන්දුවාර 42ක් යවා තිබිය දී දිනය නිමා වූ අතර එහි දී රෙවාන් කෙලී නොදැවී ලකුණු 102ක් ලබා සිටියේය.

ඩී. එස්. සේනානායක විද්‍යාලය; පළමු ඉනිම පන්දුවාර 50.4ක දී සියලුම දෙනා දැවී 186: පසිඳු ආදිත්‍ය 41, දසුන් පෙරේරා 41, විහාන් ගුණසේකර 34, සාලින්ද සෙනෙවිරත්න 5/45, අශේන් ඩැනියෙල් 5/6

සාන්ත ජෝසප් විද්‍යාලය; පළමු ඉනිම පන්දුවාර 42.0ක දී කඩුලු 4ක් දැවී 164: රෙවාන් කෙලී නොදැවී 102, සචින් රවිඳු 32, මිතුශාන් කුමාර 2/34


රාජකීය විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර තරගය

කොළඹ රාජකීය විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර රාජකීය විද්‍යාලයීය පිටියේ දී පැවති තරගය ආරම්භ වූයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ක්‍රීඩකයෝම පළමුවෙන් පන්දුවට පහර දීමට ගත් තීරණයෙනි. ඒ අනුව පිටියට පිටියට පිවිසි ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 241ක් ලබා සිටිය දී ඉනිම අත් හිටවූහ.

එම ඉනිමේ දී නායක පසිඳු සූරියබණ්ඩාර පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 89ක් ලබා ගත්තේය. ඊට අමතරව වමත් පිතිකරු කවිඳු මදරසිංහ පන්දු 114ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 109කි.

පන්දු යැවීමේ දී ඩී. එස්. නායක අයන සිරිවර්ධන දකුණතින් පිට දඟපන්දු යවමින් ලකුණු 58කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සංචාරක ඉසිපතන ක්‍රීඩකයෝ දිනය නිමා වන විට කඩුල්ලක් පමණක් දැවී ලකුණු 57ක් ලබා සිටියහ.

එම ඉනිමේ දී පළමු කඩුල්ල සඳහා සංජුල බණ්ඩාර (25) සහ ලෙෂාන් අමරසිංහ (නොදැවී 26) ලකුණු 50ක සබඳතාවක් ගොඩ නැගූහ.

රාජකීය විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 241: පසිඳු සූරියබණ්ඩාර 89, කවිඳු මදාරසිංහ 52, අයන සිරිවර්ධන 4/58

ඉසිපතන විද්‍යාලය; පළමු ඉනිම පන්දුවාර 16.0ක දී කඩුල්ලක් දැවී 57: සංජුල බණ්ඩාර 25, ලෙෂාන් අමරසිංහ නොදැවී 26

වාර්තා පිට වාර්තා තැබූ හේරත් තියුණු ජයකට මඟපාදයි

දිවා ආහාරයට පසුව පිටියට පැමිණි පකිස්තානු කණ්ඩායමට සිය ජයග්‍රහණය සඳහා…


රාහුල විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය අතර තරගය

මාතර රාහුල විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී අද (02දා) නිමා වූ වයස අවුරුදු 19න් පහළ තරගය ජය පරාජයෙන් තොරව නිමා වූයේ සත්කාරක ක්‍රීඩකයන්ට වැඩි වාසි අත්කර දෙමිනි.

පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කාණ්ඩය නියෝජනය කරන රාහුල විද්‍යාලය හා සමඟ පළමු කාණ්ඩය නියෝජනය කරන මලියදේව විද්‍යාලය මෙම තරගය පවත්වන්නේ දෙවිදුහල් හී වාර්ෂික තරග කාලසටහනේ සුවිශේෂී තරගයක් සේ ය.

කාසියේ වාසිය දිනා ගත් සංචාරක ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි රාහුල ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 245ක් රැස් කළහ. එහි දී සසිත් මධුරංග පන්දු 153කට මුහුණ දෙමින් ලකුණු 83ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.

මලියදේව විද්‍යාලය වෙනුවෙන් නායක දුලාජ් රණතුංග දකුණතින් පිට දඟපන්දු යවමින් ලකුණු 64කට කඩුලු 5ක් දවා ගත්තේය. ඊට අමතර ව සංජීවන් ප්‍රියදර්ශන කඩුලු 4ක් දවා ගනිමින් ඔහුට අනගි සහායක් ලබා දුන්නේය.

පිළිතුරු පළමු ඉනිමට පිටියට පිවිසි මලියදේව ක්‍රීඩකයන්ට රැස්කර ගත හැකි වූයේ ලකුණු 158ක් පමණි. එම ඉනිමේ දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දුලාජ් රණතුංග පන්දු 80කට පමණක් මුහුණ දෙමින් ලකුණු 81ක් ලබා ගත්තේ ය.

තරගය නිමා වන විට සත්කාරක ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 23ක් ලබා සිටියහ.

රාහුල විද්‍යාලය ; පළමු ඉනිම පන්දුවාර 87.2ක දී සියලුම දෙනා දැවී 245: සසිත් මධුරංග 83, භාග්‍ය හිමත් 45, ලකිඳු චමෝද්‍ය 31, යුව්රාජ් චලක 30, දුලාජ් රණතුංග 5/64, සංජීවන් ප්‍රියදර්ශන 4/62 ) සහ දෙවැනි ඉනිම ඕවර 23.0ක දී කඩුල්ලක් දැවී 23 ( හරිත් දිල්හාර නොදැවී 28

මලියදේව විද්‍යාලය ; පළමු ඉනිම පන්දුවාර 43.5ක දී සියලුම දෙනා දැවී 158: දුලාජ් රණතුංග 81, කවීන් බණ්ඩාර 37, චමුදිත ඩිල්ශාන් 4/33

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<