ගෙවුණු දවස ජනවාරි 28 – CH & FC ක්‍රීඩකයින්ට තියුණු ජයක්

144

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    රග්බි    

තරගයේ වීරයා අනුරාධ හේරත්

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ යු‍ධ‍ හමුදා  ක්‍රීඩා සමාජ කණ්ඩායමත්, CH & FC කණ්ඩායමත් අතර තරගය ඊයේ (28) හැ‍ව්‍ලො‍ක්‍ ක්‍රී‍ඩා‍ පිටියේ දී පැවැත්විය. එ‍හි‍ දී‍ ත‍ර‍ගයේ‍ අ‍ව‍ස‍න්‍ මි‍නි‍ත්‍තු‍වේ‍ දී‍ උ‍ත්‍සා‍හ‍ක‍ දි‍නු‍ම‍ක්‍ වා‍ර්තා‍ ක‍රමි‍න්‍‍ ලකුණු 30-28ක් ලෙස තරගය ජයග්‍රහණය කරන්නට CH & FC ක්‍රීඩා සමාජය සමත් විය.

පළමු අර්ධය: CH & FC 15 (2T 1C 1P) – 17 (3T 1C) යුධ හමුදා ක්‍රීඩා සමාජය

සම්පූර්ණ කාලය: CH & FC 30 (4T 2C 2P) – 28 (4T 1C 2P) යුධ හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – අනුරාධ හේරත් (CH & FC ක්‍රීඩා සමාජය)

සම්පූර්ණ වාර්තාව: අ‍ව‍ස‍න්‍ ස‍ට‍නේ‍ යු‍ධ‍ වි‍රු‍ව‍න්‍ ප‍සු‍බ‍සි‍යි‍


    ක්‍රිකට්    

යොවුන් ක්‍රීඩකයෝ ජය පැන් බොති

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 09 වැනි ස්ථානයට තේරී පත්වන කණ්ඩායම කවුරුන් ද යන්න තීරණය කිරීමට පැවති තීරණාත්මක තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කඩුලු 3ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තරගාවලියේ 09 වැනි ස්ථානය දිනා ගන්නට සමත් වූහ.

බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම කඩුලු 5ට ලකුණු 254 (50) ඇලික් ඇතන්සි 110*, කීගන් සිමන්ස් 24, බාස්කර් යාඩ‍්‍රම් 31, කර්ස්ටන් කලිචරන් 24, බ‍්‍රෑඩ් බාන්ස් 37*, නිපුන් මාලිංග 63/2, ප‍්‍රවීන් ජයවික‍්‍රම 33/2

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 7ට ලකුණු 255 (49.4) හසිත බෝයගොඩ 116, ධනංජය ලක්ෂාන් 98, නවනිඳු ප‍්‍රනාන්දු 14, ජේරියන් හොයිටි 44/2, බාස්කර් යාඩ‍්‍රම් 42/2

සම්පූර්ණ වාර්තාව: හසිත බෝයගොඩ සහ ධනංජය ලක්ෂාන් වාර්තා අලුත් කරයි!


සාලින්ද උෂාන්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ Tier A කාණ්ඩයේ Super 8 තරග වටයේ පළමු සතිය ඊයේ (28) නිමා වූයේ රාගම, කෝල්ට්ස් සහ මේරියන්ස් කණ්ඩායම්වලට ජයග්‍රහණ හිමි කර දෙමිනි.

මේ අතුරින් වඩාත් උණුසුම් තරගය වූයේ පළමු ඉනිමේ දී ලත් ජයග්‍රහණය ආරක්ෂා කර ගත නොහැකි වූ බී. ආර්. සී. ක්‍රීඩකයන්ට කෝල්ට්ස් කණ්ඩායම වෙතින් පරාජය වීමට සිදු වීමයි.

මේ අතර පළඟ ශූරතාවලියේ පැවති තරග තුන ද ඊයේ අවසන් වූයේ ජය පරාජයෙන් තොරව ය. මෙම තරග අතුරින් 21 හැවිරිදි සාලින්ද උෂාන් පන්දු 374ක දී ලකුණු 154ක් රැස් කිරීම දවසේ කැපී පෙණෙන සිදු වීම විය.

සම්පූර්ණ වාර්තාව: රාගම, කෝල්ට්ස් සහ මේරියන්ස් ජයග්‍රහණ වාර්තා කරයි


මීගමුව ක්‍රීඩා සමාජයට කඩුලු 4ක ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළමු පෙළ Tier B තරගාවලියේ ඊයේ (28) අවසන් වූ තරග අතුරෙන් බොහෝමයක් ජය පරාජයෙන් තොරව අවසන් වුවත්, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 4කින් පරාජය කළ මීගමුව ක්‍රිකට් සමාජය ජයග්‍රහණයකින් මෙම සතියේ නිමාව සනිටුහන් කරන ලදි.

ජය පරාජයෙන් තොරව තරග කිහිපයක්ම නිමා වූ නමුත් එම තරගවලින් කළුතර නගර සමාජය, ගාලු ක්‍රිකට් සමාජය හා කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ ජය ලබාගන්නා ලදි.

සම්පූර්ණ වාර්තාව: මීගමුවට පූර්ණ ජයක්

දිනයක නිමාව