රාගම, කෝල්ට්ස් සහ මේරියන්ස් ජයග්‍රහණ වාර්තා කරයි

299

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ Tier A කාණ්ඩයේ Super 8 තරග වටයේ පළමු සතිය අද (28) නිමා වූයේ රාගම, කෝල්ට්ස් සහ මේරියන්ස් කණ්ඩායම්වලට ජයග්‍රහණ හිමි කර දෙමිනි.

මේ අතුරින් වඩාත් උණුසුම් තරගය වූයේ පළමු ඉනිමේ දී ලත් ජයග්‍රහණය ආරක්ෂා කර ගත නොහැකි වූ බී. ආර්. සී. ක්‍රීඩකයන්ට කෝල්ට්ස් කණ්ඩායම වෙතින් පරාජය වීමට සිදු වීමයි.

මේ අතර පළඟ ශූරතාවලියේ පැවති තරග තුන ද අද අවසන් වූයේ ජය පරාජයෙන් තොරව ය. මෙම තරග අතුරින් 21 හැවිරිදි සාලින්ද උෂාන් පන්දු 374ක දී ලකුණු 154ක් රැස් කිරීම දවසේ කැපී පෙණෙන සිදු වීම විය.

එස්. එස්. සී. ක්‍රීඩකයෝ වරාය වේලාසනින්ම ගිල්වා දමති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier A සුපිරි 8 වටයේ සිව්දින තරගාවලියේ තෙවැනි දිනයේ දී ම ජයග්‍රහණයක් වාර්තා කිරීමට…

එන්. සී. සී. සහ රාගම අතර තරගය

කෝල්ට්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගයේ දී රාගම ක්‍රිකට් ක්‍රීඩකයන්ට කඩුලු 5ක ජයග්‍රහණයක් හිමිකර දෙමින් තරගය අවසන් විය.

දිනයේ සිව්වැනි දිනය ආරම්භ වූයේ එන්. සී. සී. ක්‍රීඩකයන්ගේ අභියෝගාත්මක පන්දු යැවීමක් සමඟිනි.  ඒ අනුව රාගම ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 47ක් විය. නමුත් එතැන් සිට තම කඩුලු ආරක්ෂා කර ගනිමින් ඉලක්කය දක්වා යෑමට ජනිත් ලියනගේට සහ සමීර ද සොයිසාට හැකි විය.

තරගය අවසන් වන විට ජනිත් ලියනගේ පන්දු 79කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 44ක් ද සමීර ද සොයිසා පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 43ක් ද ලබා සිටියහ.  

එන්. සී. සී; පළමු  ඉනිම සියලුම දෙනා දැවී 247 (76.1) සඳුන් වීරක්කොඩි 24, චතුරංග ද සිල්වා 90, ෆර්වීස් මහරූෆ් 24, චාමික කරුණාරත්න 32, තරිඳු කෞෂාල් නොදැවී 23, ඉෂාන් ජයරත්න 4/46, ජනිත් ලියනගේ 2/41, අමිල අපෝන්සු 3/72

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 337 (108.3) උදාර ජයසුන්දර 57, ෂෙහාන් ප්‍රනාන්දු 23,  ලහිරු තිරිමාන්න 56, ජනිත් ලියනගේ 69, සමීර ද සොයිසා 39, ආක්ෂු ප්‍රනාන්දු 32, ෆර්වීස් මහරූෆ් 2/48, චාමික කරුණාරත්න 4/80

එන්. සී. සී; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 215 (57.1)  මාලිංග අමරසිංහ 34, මහේල උඩවත්ත 20, චතුරංග ද සිල්වා 37, චාමික කරුණාරත්න 51, ෆර්වීස් මහරූෆ් 28,  ඉෂාන් ජයරත්න 2/33, නිශාන් පීරිස් 5/56, අමිල අපොන්සු 2/37

රාගම ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 129  (40.1) ජනිත් ලියනගේ නොදැවී 44,  සමීර ද සොයිසා නොදැවී 43, තරිඳු කෞෂාල් 3/33

බී. ආර්. සී. සහ කෝල්ට්ස් අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී බී. ආර්. සී. ක්‍රීඩකයන්ට නොසිතූ පරාජයක් විදීමට විය. ලකුණු 202ක ඉලක්කයක් පසුපස ගිය කෝල්ට්ස් ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී අදාළ ඉලක්කය පසු කළහ. ඒ අනුව ඔවුන්ට කඩුලු 3ක ජයග්‍රහණයක් අත්විය.

මෙම තරගයේ දී බී. ආර්. සී. කණ්ඩායම පළමු ඉනිමේ ලැබූ ජයග්‍රහණය ආරක්ෂා කර ගැනීමට සුරාජ් රන්දීව් උත්සාහ කළ ද, අනෙකුත් පන්දු යවන්නන්ගෙන් එතරම් සහයෝගයක් නොලැබීම මත තරගයේ විසඳුම කෝල්ට්ස් කණ්ඩායම වෙතම නතු විය. රන්දිව් ලබා ගත් කඩුලු ප්‍රමාණය 5කි.  

බී. ආර්. සී. පළමු ඉනිම සියලුම දෙනා දැවී 310 (90.2) හර්ෂ විතාන 41, හෂේන් රාමනායක 66, ශෂීන් දිල්රංග 124, නිසල තාරක 6/71, ප්‍රභාත් ජයසූරිය 2/62

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 231 (97.1) ඇන්ජලෝ ජයසිංහ 37, ප්‍රියමාල් පෙරේරා 88, විශාද් රන්දික 22, නිසල තාරක 31, හෂේන් රාමනායක 3/47, නෙරංජන වන්නිආරච්චි 4/38, සුරාජ් රන්දිව් 2/36

බී. ආර්. සී; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 122 (38.4) ලසිත් ලක්ෂාන් 64, රනේෂ් බුද්ධික 22, නිසල තාරක 2/26, කවිෂ්ක අංජුල 4/35, ප්‍රභාත් ජයසූරිය 4/15

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 203 (62.3) පසිඳු ලක්ශංක 26, සංගීත් කුරේ 39, සදීර සමරවික්‍රම 20, හෂාන් දුමිඳු 38, ප්‍රියමාල් පෙරේරා 35, සුරාජ් රන්දිව් 5/72


මේරියන්ස් සහ සැරසන්ස් අතර තරගය

කොළඹ එස්. එස්. සී. පිටියේ පැවති මෙම තරගයේ සිව්වැනි දිනයේ දී සැරසන්ස් ක්‍රීඩකයන්ට පරාජයෙන් ගැලවීම වෙනුවෙන් ලකුණු 424ක්  අවශ්‍ය විය. දිනය ආරම්භ වෙන්නේ සැරසන්ස් දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 92ක් ව තිබිය දී ය.

ඉතා අසීරු ලකුණු ප්‍රමාණයක් පසුපස යන සැරසන්ස් කණ්ඩායම තවත් අමාරුවේ දැමීමට 30 හැවිරිදි වමතින් මඳ වේගපන්දු යවන මාලිංද පුෂ්පකුමාර සමත් විය. ඔහු ප්‍රතිවාදි ඉනිම නිමා කරද්දී ලකුණු 73කට කඩුලු 6ක් දවා ගෙන සිටියේය.  

සැරසන්ස් ක්‍රීඩකයන්ට දෙවැනි ඉනිමේ දී රැස් කර ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 180ක් පමණි. ඒ අනුව මේරියන්ස් ක්‍රීඩකයන්ට ලකුණු 244ක ජයග්‍රහණයක් හිමි විය.

පරාජය පෙනි පෙනීත් නායක හර්ෂ කුරේ අර්ධ ශතකයක් ලබා ගැනීම කැපී පෙණුනි. ඔහු පන්දු 74කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 62ක් ලබා ගනිමින් දෙවැනි ඉනිමේ කැපී පෙණෙන පිතිකරු විය.  

හලාවත මේරියන්ස්; පළමු ඉනිම සියලුම දෙනා දැවී 401 (109.2) අශේන් සිල්වා 47, ඔෂාද ප්‍රනාන්දු 112, සචිත්‍ර සේරසිංහ 109, තීක්ෂිල ද සිල්වා  45, සාලිය සමන් 5/76

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 236 (65.5) ඇන්ඩි සොලමන්ස් 31, කනිෂ්ක අමරසිංහ 43, හර්ෂ කුරේ 41, චතුර රන්දුණු 25, රනිත ලියනාරච්චි 36, මාලින්ද පුෂ්පකුමාර 3/71, අසිත ප්‍රනාන්දු  5/47

හලාවත මේරියන්ස්; දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 259 (56.3) ෂෙශාන් ජයසූරිය 40, සචිත්‍ර සේරසිංහ 87, අශේන් සිල්වා 32, රිසිත් උපමාල් 39, තීක්ෂිල ද සිල්වා 29, චතුර රන්දුණු 4/68

සැරසන්ස් ක්‍රීඩා සමාජය; දෙවැන  ඉනිම සියලුම දෙනා දැවී 180 (56.3) ප්‍රමෝද් මධුවන්ත 36, හර්ෂ කුරේ 62, රනිත ලියනාරච්චි 20, සචිත්‍ර සේරසිංහ 2/25, මාලිංග පුෂ්පකුමාර 6/73

ශ්‍රී ලංකාව කළු වළාවන් මත රිදී රේඛා ද ඇති බැව් සපථ කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙත පතිත වී ඇති කළු වළාවන් පළවා හැරීමේ වසරක් ආරම්භ කරමින් බංග්ලාදේශයේ දී පැවති තුන්කොන් එක්දින ක්‍රිකට්…

  පළඟ ශූරතා තරගාවලිය  

බ්ලුම්ෆීල්ඩ් සහ යුද හමුදා අතර තරගය

මුවර්ස් පිටියේ දී පැවති මෙම තරගය අද අවසන් වූයේ ජය පරාජයකින් තොරව ලකුණු සම වීමෙනි. තෙවැනි දිනය ආරම්භ වූයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 199ක් පිටුපසින් යන ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයන්ගේ දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 53ක්ව තිබිය දී ය.

නමුත් ජයග්‍රහණය පෙනී පෙනීත් යුද හමුදා ක්‍රීඩකයන්ට සිදු වූයේ ඔවුන්ගේ ඉනිම 198 දී අවසන් කර ගැනීමට ය. ඔවුන්ගේ අවසන් කඩුලු 3 ලකුණු 7ක් තුළ බිඳ දමමින් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ තම අභිමානය රැක ගත්හ. එම ඉනිමේ දී මලිත් ද සිල්වා සහ රමේෂ් මෙන්ඩිස් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 163 (38.3) නිසල් ෆ්‍රැන්සිස්කෝ 22, අදීශ නානායක්කාර 35, ප්‍රමුද් හෙට්ටිවත්ත 33, රමේෂ් මෙන්ඩිස් 24, ලහිරු සමරකෝන් 21, දුශාන් විමුක්ති 6/77

ශ්‍රී ලංකා යුද හමුදාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 171 (52.2) අශාන් රන්දික 30, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 31,  ඩිල්ශාන් ද සොයිසා 31, අජන්ත මෙන්ඩිස් නොදැවී 24,  මලිත් ද සිල්වා 3/66, කසුන් රාජිත 2/30, රමේෂ් මෙන්ඩිස් 2/23

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 206 (60.0) නිපුන් කරුණානායක 91, නිසල් ෆ්‍රැන්සිස්කෝ 23, අනුක් ප්‍රනාන්දු 20, දුශාන් විමුක්ති 4/50, මල්ක මධුශංක 3/38

ශ්‍රී ලංකා යුද හමුදාව; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 198 (68.0) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 36, ලක්ෂිත මධුශාන් 58, මලිත් ද සිල්වා 4/61, රමේෂ් මෙන්ඩිස් 2/31

මාතොට දඟයාගේ කඩුලු 500යේ වික්‍රමාන්විතය

මාතර පුරවරයට අලංකාරයක් එක් කරන නිල්වලා නදිය, මුහුද හා හා වෙන මාතොට, ඉතිහාස කතාන්දර විශාල ප්‍රමාණයක් දරා සිටින්නීය. එකී ඉතිහාස කතාන්දර ගොන්න අතරට…

සී. සී. සී. සහ බදුරලිය අතර තරගය

බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා වූයේ ඉනිම් තුනක් පමණක් ක්‍රියාත්මක වෙමිනි.

සී. සී. සී. පළමු ඉනිමට ලබා ගත් ලකුණු 480ට පිළිතුරු ලෙසින් බදුරලිය ක්‍රීඩකයෝ රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 449ක් පමණි. ලකුණු 31ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි සී. සී. සී. ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කිසිවෙක් නොදැවී ලකුණු 41ක් ලබා සිටියහ.

බදුරලිය ඉනිමේ දී 21 හැවිරිදි වමත් පිතිකරු සාලින්ද උෂාන් පන්දු 374කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 154ක් කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කළේය. එමෙන්ම තමිල්නාඩු 32 හැවිරිදි ක්‍රීඩක සුබ්‍රමනියන් ආනන්ද් ද ශතයක් රැස් කළේය.  

සී. සී. සී; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 480 (110.0) රොන් චන්ද්‍රගුප්ත 130, අශාන් ප්‍රියංජන් 66, මාධව වර්ණපුර නොදැවී 138, ලසිත් අබේරත්න 105, මධුර ලක්මාල් 2/90, අලංකාර අසංක 2/85

බදුරලිය ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 449 (155.2) පැතුම් නිශ්ශංක 42, සාලින්ද උෂාන් 154, නදීර නාවල 56, සුබ්‍රමනියන් ආනන්ද් 132, දිනුක් හෙට්ටිආරච්චි 2/110,  ලහිරු මධුශංක 3/86, අශාන් ප්‍රියංජන් 5/87

සී. සී. සී; දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 41 (4.0) මළිඳු මධුරංග නොදැවී 27


මුවර්ස් සහ ටැමිල් යූනියන් අතර තරගය

බී. ආර්. සී. පිටියේ දී නිමා වූ මෙම තරගයේ මුවර්ස් දෙවැනි ඉනිමේ දී ඉරෝෂ් සමරසූරිය ශතකයක් රැස් කරමින් තරගයේ ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් කළේය. පන්දු 186කට මුහුණ දුන් ඉරෝෂ් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 113ක් ලබා ගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 343ක් ඉලක්කයක් පිටුපස ගිය ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තරගය නිමා වන විට කඩුලු 6ක් දැවී ලකුණු 185ක් ලබා සිටියහ. එම ඉනිමේ කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කළේ ආරම්භක වමත් පිතිකරු සිතාර ගිම්හාන් ය. ඔහු පන්දු 61ක දී හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 81ක් රැස් කළේය.

ඊට අමතරව තරංග පරණවිතාන පන්දු 75ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 60ක් ලබා ගත්තේය. තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 260 (67.4) පබසර වඩුගේ 40, ඉරෝෂ් සමරසූරිය 44, ශනුක දුලාජ් 82, ප්‍රමොද් මධුශාන් 4/53, ජීවන් මෙන්ඩිස් 4/97

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 243 (65.5) සිතාර ගිම්හාන් 22, බිනුර ප්‍රනාන්දු 56, ජිවන් මෙන්ඩිස් 30, මනෝජ් සරත්චන්ද්‍ර 46, ශිරාන් ප්‍රනාන්දු 4/74, තරිඳු රත්නායක 5/87

මුවර්ස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 325 (93.5) පබසර වඩුගේ 49, ප්‍රිමෝෂ් පෙරේරා 41, ඉරෝෂ් සමරසූරිය 113, චාමර සිල්වා 38, ප්‍රමෝද් මධුශාන් 4/98, රමිත රඹුක්වැල්ල 3/61, බිනුර ප්‍රනාන්දු 2/48

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 185 (35.0) සිතාර ගිම්හාන් 81, තරංග පරණවිතාන 60, තරිඳු රත්නායක 3/67

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<