මීගමුවට පූර්ණ ජයක්

186

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළමු පෙළ Tier B තරගාවලියේ අද (28) අවසන් වූ තරග අතුරෙන් බොහෝමයක් ජය පරාජයෙන් තොරව අවසන් වුවත්, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 4කින් පරාජය කළ මීගමුව ක්‍රිකට් සමාජය ජයග්‍රහණයකින් මෙම සතියේ නිමාව සනිටුහන් කරන ලදි.

ජය පරාජයෙන් තොරව තරග කිහිපයක්ම නිමා වූ නමුත් එම තරගවලින් කළුතර නගර සමාජය, ගාලු ක්‍රිකට් සමාජය හා කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ ජය ලබාගන්නා ලදි.

රාගම, කෝල්ට්ස් සහ මේරියන්ස් ජයග්‍රහණ වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ Tier A කාණ්ඩයේ Super 8 තරග වටයේ පළමු සතිය අද (28) නිමා වූයේ රාගම…

මීගමුව සහ ගුවන් හමුදා අතර තරගය

කදිරානේ දී නිමා වූ මෙම තරගය කඩුලු 4කින් ජය ගැනීමට මීගමුව ක්‍රිකට් සමාජය සමත් විය.

කාසියේ වාසිය දිනූ මීගමුව ක්‍රිකට් සමාජය පළමුව පිතිකරණයේ නිරත වීමට තීරණය කරන ලදි. එහි දී ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් රවීන්ද්‍ර කරුණාරත්න ලකුණු 118ක් ලබාගෙන කණ්ඩායම් ලකුණු පුවරුව ලකුණු 318ක් දක්වා රැගෙන යන ලදි. ඔහුට සහය වූ තරිඳු වීරසිංහ හා උමේග චතුරංග පිළිවෙළින් ලකුණු 79ක් හා ලකුණු 48ක් ලබා ගත්හ. පන්දු යැවීමේ දී බුද්ධික සඳරුවන් කඩුලු 6ක් දවා ගනිමින් ගුවන් හමුදා කණ්ඩායමට සවියක් විය.

පිළිතුරු පළමු ඉනිම එතරම් දුරකට සාර්ථක කර ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් අපොහොසත් වූයේ උමේග හා රවින්ද්‍ර කරුණාරත්න දක්ෂ ලෙස පන්දු යැවූ නිසාවෙනි. උත්සාහවන්ත පිතිකරණයක නිරත වූ දුලාශ් උදයංග ලකුණු 51යි.

ඉනිමක ජයක් අපේක්ෂාවෙන් නැවතත් පන්දු රැකීමට තීරණය කළ මීගමුව කණ්ඩායමට එම බලා බලාපොරොත්තුව පහසුවෙන්ම ඉටුකර ගැනීමට රොස්කො තටිල් ඉඩකඩ ලබා දුන්නේ නැත. එහි දී රොස්කො ලකුණු 66ක් ලබාගෙන සිය කණ්ඩායම් ලකුණු පුවරුව ලකුණු 237ක් දක්වා රැගෙන ගියේය. දක්ෂ ලෙස පන්දු යවමින් සිය තුන් ඉරියව් දස්කම් දැක්වූ උමේග කඩුලු 6යි.

ලකුණු 84ක ඉලක්කයක් හඹා ගිය මීගමුව ක්‍රිකට් සමාජය එම ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 6ක් දවා ගනිමිනි. එහි දී රවීන්ද්‍ර කරුණාරත්න නොදැවී ලකුණු 47*යි.

මීගමුව ක්‍රිකට් සමාජ පළමු ඉනිම – 318/10 (94.3): රවීන්ද්‍ර කරුණාරත්න 118, තරිඳු වීරසිංහ 79, උමේග චතුරංග 48, බුද්ධික සඳරුවන් 6/106, සුමින්ද ලක්ෂාන් 3/46.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉනිම – 165/10 (53.3): දුලාශ් උදයංග 51, උමේග චතුරංග 4/54, රවීන්ද්‍ර කරුණාරත්න 3/37.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජ දෙවන ඉනිම (F/O) – 237/10 (60.3): රොස්කො තටිල් 66, ධනුෂ්ක බණ්ඩාර 38*, උදයවංශ පරාක්‍රම 32, උමේග චතුරංග 6/106, රවීන්ද්‍ර කරුණාරත්න 3/79.

මීගමුව ක්‍රිකට් සමාජ දෙවන ඉනිම – 85/6 (22.5): රවීන්ද්‍ර කරුණාරත්න 47*, අකීල් ඉන්හාම් 24, බුද්ධික සඳරුවන් 4/23.

හසිත බෝයගොඩ සහ ධනංජය ලක්ෂාන් වාර්තා අලුත් කරයි!

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 09 වැනි ස්ථානයට තේරී පත්වන කණ්ඩායම කවුරුන් ද යන්න තීරණය කිරීමට පැවති තීරණාත්මක තරගයේ දී බටහිර…

කළුතර සහ නාවික හමුදාව අතර තරගය

කාසියේ වාසිය දිනාගත් සත්කාරක නාවික හමුදා කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 289ක් ලබාගන්නා ලදි. එහි දී ඉශාන් අබේසේකර ශතකයක් ලබාගෙන ඔවුන්ගේ ලකුණු පුවරුවට සවියක් විය. බුද්ධික හසරංග ලකුණු 60යි.

අනතුරුව සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළ කළුතර නගර සමාජය වෙනුවෙන් සචින් පීරිස් ලකුණු 82ක් ලබාගෙන සිය කණ්ඩායමට පළමු ඉනිමේ ජය ලබා දුන්නේ මතීෂ පෙරේරා, දේවින්ද් පද්මනාදන් හා නායක නිලුශාන් නෝනිස්ගේ ලකුණු ද සවියක් කරගෙනයි. දක්ෂ ලෙස පන්දු යැවූ ඉශාන් කඩුලු 5ක් දවා ගත්තේය.

බුද්ධික හසරංගගේ ලකුණු 76ත් සමඟින් නාවික හමුදා පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 222ක් ලෙස දැක්වෙන විට අත්හිටු වූයේ කළුතර නගර සමාජයට ලකුණු 190ක ඉලක්කයක් ලබා දෙමිනි. නමුත් එය සපුරා ගැනීමට ප්‍රමාණවත් තරම් පන්දුවාර ප්‍රමාණයක් ඔවුන්ට නොතිබුණු නිසා පළමු ඉනිමේ ජයකින් පමණක් සෑහීමට ඔවුන්ට සිදු විය.

නාවික හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉනිම – 289/10 (86.1): ඉශාන් අබේසේකර 113, බුද්ධික හසරංග 60, දුශාන් හේමන්ත 40.

කළුතර නගර සමාජ පළමු ඉනිම – 322/10 (96): සචින් පීරිස් 82, මතීෂ පෙරේරා 68, දේවින්ද් පද්මනාදන් 63*, නිලුශාන් නෝනිස් 45, ඉශාන් අබේසේකර 5/123.

නාවික හමුදා ක්‍රීඩා සමාජ දෙවන ඉනිම – 222/6d (58): බුද්ධික හසරංග 76, මොහොමඩ් අල්ෆාර් 62, දුශාන් හේමන්ත27, පැතුම් මදුසංක 3/58.

කළුතර නගර සමාජ දෙවන ඉනිම – 123/2 (27): සමීර සඳමාල් 49*, සුරේෂ් නිරෝශන් 40.

ගාල්ල සහ ලන්කන් අතර තරගය

මත්තේගොඩ යුද හමුදා පිටියේ ඊයේ (27) නිමා වූ මෙම තරගයේ දී ගාලු ක්‍රිකට් සමාජය වැඩි වාසි දිනා ගත්ත ද තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට  ලන්කන් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ ලන්කන් කණ්ඩායමට එදිරිව ගාලු ක්‍රිකට් ක්‍රීඩකයෝ සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු 269ට පිළිතුරු ලෙසින් ලන්කන් ක්‍රීඩකයෝ සිය පළමු ඉනිමට රැස් කළේ ලකුණු 155ක් පමණි. එම ඉනිමේ දී ලක්ෂාන් රොද්‍රිගෝ අර්ධ ශතකයක් ලබාගන්නා විට ගයාන් සිරිසෝම කඩුලු 6ක් දවා ගනිමින් දස්කම් අතරට පිවිසියේය. ගාලු පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ හර්ෂ රාජපක්ෂයි.

පළමු ඉනිමේ ජය තහවුරු කර ගත් ගාලු ක්‍රිකට් සමාජය ලකුණු 114ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටිය පිවිසි අතර එහි දී චානක විජේසිංහ ලකුණු 52ක් ලබාගෙන සිය කණ්ඩායම ලකුණු 196ක් දක්වා රැගෙන ගියේ ප්‍රතිවාදී ලන්කන් කණ්ඩායමට ලකුණු 311ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දෙමිනි. කෙසේ නමුත් තරගයේ නියමිත කාලය අවසානයේ ලන්කන් කණ්ඩායමට කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 237කි.  මදුරංග සොයිසා ලකුණු 88ක ලබා ගන්නා විට ශසීන් ප්‍රනාන්දු හා චානක රුවන්සිරි ද අර්ධ ශතක ලබා ගන්නා ලදි. රජීව වීරසිංහ තරගය පුරාවටම කඩුලු 6යි.

ගාලු ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 269/10 (105.3): හර්ෂ රාජපක්ෂ 63, චරිත බුද්ධික 52, රාජිත ප්‍රියාන් 46, හසන්ත ප්‍රනාන්දු 42, දමිත හුණුකුඹුර 40, රජීව වීරසිංහ 2/45.

ලන්කන් ක්‍රිකට් සමාජ පළමු ඉනිව – 155/10 (47.2): ලක්ෂාන් රොද්‍රිගෝ 52, ගයාන් සිරිසෝම 6/69.

ගාලු ක්‍රිකට් සමාජ දෙවන ඉනිම -196/9d (69.3): චානක විජේසිංහ 52, රජීව වීරසිංහ 4/63.

ලන්කන් ක්‍රිකට් සමාජ දෙවන ඉනිම -237/6 (42): මදුරංග සොයිසා 88, ශසීන් ප්‍රනාන්දු 65, චානක රුවන්සිරි 50*, ගොහාර් ෆායිස් 4/54.

මාතොට දඟයාගේ කඩුලු 500යේ වික්‍රමාන්විතය

මාතර පුරවරයට අලංකාරයක් එක් කරන නිල්වලා නදිය, මුහුද හා හා වෙන මාතොට, ඉතිහාස කතාන්දර විශාල ප්‍රමාණයක් දරා සිටින්නීය. එකී ඉතිහාස කතාන්දර ගොන්න අතරට මාතොට…

කුරුණෑගල යොවුන් සහ පානදුර අතර තරගය

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය අද නිමාව දුටුවේ ජය පරාජයෙන් තොරවයි. 26 වැනිදා ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සත්කාරක කුරුණෑගල කණ්ඩායම වෙනුවෙන් රුවන්ත ඒකනායක හා කල්හාන් සිනෙත් පිළිවෙළින් ලකුණු 111ක් හා ලකුණු 99ක් ලබා ගත්හ.

පළමු ඉනිමේ ජයක් ලබා ගැනීම වෙනුවෙන් යොවුන් ක්‍රීඩක විශ්ව චතුරංග පානදුර ක්‍රීඩා සමාජ පළමු ඉනිම ශතකයකින් සවිමත් කළේය. ඔහුට සවියක් වූ අශේන් කාවින්ද ලකුණු 54යි. තරගය නියමිතව කාලය අවසන් වන විට කුරුණෑගල යොවුන් කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 253ක් ලබාගෙන තිබුණි. දමිත් පෙරේරා 112*යි. අවසානයේ ඔවුන්ට පළමු ඉනිමේ ජයකින් සෑහීමකට පත්වීමට සිදුවිය.

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජ පළමු ඉනිම – 374/10 (100.1): රුවන්ත ඒකනායක 111, කල්හාන් සිනෙත් 99, කේශාන් විජේරත්න 39, ධනුෂ්ක ධර්මසිරි 37, අනුත්තර මාධව 4/92.

පානදුර ක්‍රීඩා සමාජ පළමු ඉනිම – 358/10 (115.2): විශ්ව චතුරංග 119, අශේන් කාවින්ද 54, අනුත්තර මාධව 46, අරවින්ද ප්‍රේමරත්න 29, තුසිත් ද සොයිසා 3/67.

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජ  දෙවන ඉනිම – 253/6 (50.2): දමිත් පෙරේරා 112*, චරිත් මෙන්ඩිස් 53, ධනුෂ්ක ධර්මසිරි 52, විනෝද් පෙරේරා 2/42, ධනුෂ්ක බණ්ඩාර 2/88.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<