අ‍ව‍ස‍න්‍ ස‍ට‍නේ‍ යු‍ධ‍ වි‍රු‍ව‍න්‍ ප‍සු‍බ‍සි‍යි‍

653

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ යු‍ධ‍ හමුදා  ක්‍රීඩා සමාජ කණ්ඩායමත්, CH & FC කණ්ඩායමත් අතර තරගය අද (28) හැ‍ව්‍ලො‍ක්‍ ක්‍රී‍ඩා‍ පිටියේ දී පැවැත්විය. එ‍හි‍ දී‍ ත‍ර‍ගයේ‍ අ‍ව‍ස‍න්‍ මි‍නි‍ත්‍තු‍වේ‍ දී‍ උ‍ත්‍සා‍හ‍ක‍ දි‍නු‍ම‍ක්‍ වා‍ර්තා‍ ක‍රමි‍න්‍‍ ලකුණු 30-28ක් ලෙස තරගය ජයග්‍රහණය කරන්නට CH & FC ක්‍රීඩා සමාජය සමත් විය.

හැව්ලොක් ආරක්ෂක වළල්ල CR ක්‍රීඩකයෝ බිඳ දමති

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ දොළොස් වන සතිය ආරම්භ කරමින් තරග ත්‍රිත්වයක් අද (06) පැවැත්විය. ඒ එක් තරගයක දී CR & FC කණ්ඩායමත්, හැව්ලොක්…

ප්‍රථම අර්ධයේ‍ 06 ව‍න‍ මි‍නි‍ත්‍තු‍වේ‍ දී‍ තර‍ගයේ‍ පෙ‍ර‍මු‍ණ‍ ග‍න්‍න‍ට‍ යු‍ධ‍ හ‍මු‍දා‍ ක්‍රී‍ඩ‍ක‍ය‍න්‍ ස‍ම‍ත්‍ වූයේ‍ සෙ‍න්‍ට‍ර් ක්‍රී‍ඩ‍ක‍ ජ‍නි‍ත්‍ ලං‍කා‍ වි‍සි‍න්‍ රැ‍ස්‍ක‍ළ‍ උ‍ත්‍සා‍හ‍ක‍ දි‍නු‍ම‍ත්‍ සම‍ඟි‍නි. එ‍හි‍ දී‍ සං‍‍ජී‍ව‍ හ‍පු‍ග‍ස්‍කු‍ඹු‍ර‍ වි‍සි‍න්‍ ප්‍ර‍ති‍වා‍දී‍ ආ‍ර‍ක්‍ෂ‍‍ක ‍පෙ‍ළ‍ බි‍ඳ‍ ද‍මා‍ ජ‍නි‍ත්‍ වෙ‍ත‍ ල‍බා‍ දු‍න්‍ ප‍න්දුව‍ උ‍ත්‍සා‍හ‍ක‍ දි‍නු‍ම‍කි‍න්‍ අ‍ව‍ස‍න්‍ ක‍ර‍න්‍න‍ට‍ ජ‍නි‍ත්‍ ස‍ම‍ත්‍ වූ‍ අ‍ත‍ර‍ එ‍හි‍ ප්‍රවර්තනය සාර්ථක ලෙ‍ස‍ නි‍ම‍ ක‍ර‍න්‍න‍ට‍ ග‍යා‍න්‍ සා‍ලි‍න්ද ස‍ම‍ත්‍ වි‍ය‍. (CH & FC 00-07 Army)

ආරම්භයේ වාසිය යුධ හමුදාව ලබා ගත්ත ද තරගයේ 11 වන මිනිත්තුවේ දී CH කණ්ඩායමේ ක්‍රීඩක කාංචන ලක්ෂිත වාර්තා කළ උත්සාහක දිනුම සැමුවෙල් මධුවන්ත විසින් පහසුවෙන්ම සාර්ථක ලෙස ප්‍රවර්තනය කිරීමත් සමඟින් දෙපිලේම ලකුණු සම මට්ටමකට පැමිණියේ ය. (CH & FC 07-07 Army)

තරගයේ 14 වන මිනිත්තුවේ දී යළිත් වරක් ක්‍රියාත්මක වූ CH  ක්‍රීඩකයන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ එතෙක් තරගයේ යුධ හමුදාව වෙත පැවති වාසිය තමා වෙත හරවා ගනිමිනි. නමුත් එහි ප්‍රවර්තනය සැමුවෙල් මධුවන්ත විසින් අසාර්ථක කරගන්නා ලදි. (CH & FC 12-07 Army)

නමුත් ලබාගත් වාසිය එතරම් වේලාවක් රඳවා ගැනීමට ප්‍රතිවාදීන්ට ඉඩක් නොතැබූ යුධ සෙබළුන් තරගයේ 15 වන මිනිත්තුවේ දී තම වින්ග් ක්‍රීඩක සුධාරක දික්කුඹුර හරහා උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ගයාන් සාලින්ද එහි ප්‍රවර්තනය අසාර්ථක කරගැනීම නිසා ලකුණු පුවරුව නැවතත් සම මට්ටමකට පැමිණියේ ය. (CH & FC 12-12 Army)

32 වන මිනිත්තුවේ දී තම කණ්ඩායම වෙත පිරිනැමුණ දඬුවම් පහරක් කණ්ඩායමේ සැමුවෙල් මධුවන්ත විසින් සාර්ථකව නිමා කිරීමත් සමඟින් CH & FC කණ්ඩායම යළිත් තරගයේ ඉදිරියට පැමිණෙන්නට සමත් විය. (CH & FC 15-12 Army)

එහෙත් එයින් පසු නොබැස නැවතත් තරගයට පිවිසි යුධ හමුදා කණ්ඩායම ආක්‍රමණ රැල්ලක් දියත් කරමින් 36 වන මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් වූයේ සුගත් නානායක්කාර විසින් CH ආරක්ෂක වළල්ල බිඳ දමා පන්දුව සීමා රේඛාවෙන් එපිටින් පතිත කිරීමත් සමඟිනි. එහි ප්‍රවර්තනය ගයාන් සාලින්ද හට  සාර්ථක කර ගැනීමට නොහැකි විය. (CH & FC 15-17 Army)

පළමු අර්ධය: CH & FC 15 (2T 1C 1P) – 17 (3T 1C) යුධ හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේ දී නැවතත් දක්ෂතා අතරට පිවිසි CH ක්‍රීඩකයෝ 43 වන මිනිත්තුවේ දී නැවතත් තරගයේ පෙරමුණ ගැනීමට සමත් වූහ. ඒ පළමු අර්ධය සඳහා ක්‍රීඩා නොකළ ලී කීගල්ගේ දෙවන අර්ධයේ ආගමනයත් සමඟිනි. එහි දී කීගල් විසින් පැති රේඛාව ආසන්නයෙන් ගෝල සීමාවට ඇතුළුව ඉතා පහසුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් විය. නමුත් එහි ප්‍රවර්තනය සැමුවෙල් මධුවන්ත විසින් සාර්ථක ලෙස නිම කිරීමට අසමත් විය. (CH & FC 20-17 Army)

මහනුවර බලය හමුවේ නාවිකයෝ ඇද වැටේ

අන්තර් සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ 12 වන සති අන්තය ආරම්භ කරමින් අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය අද (27) වැලිසර දී තරග…

අනතුරුව තරගයේ 50 වන මිනිත්තුවේ දී තම කණ්ඩායමට පිරිනැමුණ දඬුවම් පහරක් සාර්ථක ලෙසින් ප්‍රවර්තනය කරන්නට යුධ හමුදා ප්‍රහාරක ගයාන් සාලින්ද සමත් විය. එම සාර්ථක ප්‍රහාරයත් සමඟින් නැවතත් ලකුණු පුවරුව සම මට්ටමකට පැමිණියේය.  (CH & FC 20-20 Army)

අනතුරුව විනිසුරු විසින් CH ක්‍රීඩක සැමුවෙල් මධුවන්ත වෙත කහ කාඩ්පත පෙන්වීම නිසා CH කණ්ඩායමට ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් ක්‍රීඩා කරන්නට සිදු විය.

ඉන්පසු යළිත් වරක් 57 වන මිනිත්තුවේ දී ගයාන් සාලින්ද විසින් එල්ල කළ සාර්ථක දඬුවම් පහර නිසා නැවතත් තරඟයේ පෙරමුණ ගැනීමට යුධ හමුදා කණ්ඩායම සමත් විය. (CH & FC 20-23 Army)

අනතුරුව 61 වන මිනිත්තුවේ දී අශාන් බණ්ඩාර විසින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමත් සමඟ කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය 8ක් දක්වා ඉහළට ගෙන යන්නට යුධ හමුදා ක්‍රීඩකයන් සමත් වූයේ තරගයේ අවසන් මිනිත්තු 20 තුළ දී අවම වශයෙන් දෙවරක් වත් ලකුණු රැස් කිරීමේ අභියෝගය CH කණ්ඩායම ඉදිරියේ තබමිනි. එහි ප්‍රවර්තනය ගයාන් සාලින්ද හට  සාර්ථක කර ගැනීමට නොහැකි විය. (CH & FC 20-28 Army)

එම අභියෝගය පිළිගැනීමේ පළමු පියවර තබමින් 74 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ සැමුවෙල් මධුවන්ත CH කණ්ඩායමට පිරිනැමුණ දඬුවම් පහරක් සාර්ථක ලෙස නිමා කළේ දෙපිල අතර ලකුණු පරතරය ලකුණු 5ක් බවට පත් කරවමිනි. (CH & FC 23-28 Army)

තරගය පුරාවටම CH කණ්ඩායම වෙත නිහඬ සේවයක් ඉටු කළ අනුරාධ හේරත් අවසානයේ වාර්තා පොත් අතර තම නම සටහන් කරගන්නට සමත් වූයේ තරගයේ 80 වන මිනිත්තුවේ දී අගනා උත්සාහක දිනුමක් තම කණ්ඩායම වෙනුවෙන් වාර්තා කරමිනි. ඒ සමඟින් ලකුණු මට්ටම 28-28ක් ලෙස දෙපිලම සම මට්ටමකට පැමිණි අතර එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය පැති රේඛාව  ආසන්නයේ සිට ලබා ගැනීමට සිදුවීම නිසා සැමුවෙල් මධුවන්ත වෙත පැවරුණේ තරමක අසීරු වගකීමකි.

නමුත් තමා වෙත එල්ල වූ පීඩනය සාර්ථක ලෙස පාලනය කරගත් මධුවන්ත තම පා පහරින් පන්දුව ගෝල ලකණු දෙක අතරින් යොමු කළේ එතෙක් වේලා ඉදිරියෙන් සිටි යුධ සෙබළුන්ගේ ජයග්‍රාහී බලාපොරොත්තු සුන් කර දමා CH කණ්ඩායම ඉදිරියෙන් තවත් අගනා ජයක් සටහන් කරමින් ය. (CH & FC 30-28 Army)

සම්පූර්ණ කාලය: CH & FC 30 (4T 2C 2P) – 28 (4T 1C 2P) යුධ හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – අනුරාධ හේරත් (CH & FC ක්‍රීඩා සමාජය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

CH & FC – ලී කීගල් 1T, යෝෂිත රාජපක්ෂ 1T, කාංචන ලක්ෂිත 1T, අනුරාධ හේරත් 1T, සැමුවෙල් මධුවන්ත 2C 2P
කහ කාඩ්පත් – සැමුවෙල් මධුවන්ත

යුධ හමුදා ක්‍රීඩා සමාජය – මනෝජ් බණ්ඩාර 1T, සුදාරක දික්කුඹුර 1T, සුගත් නානායක්කාර 1T, අශාන් බණ්ඩාර 1T, ගයාන් සාලින්ද 1C 2P
කහ කාඩ්පත – රොෂාන් සම්පත්

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<