ගෙවුණු දවස පෙබරවාරි 27 – නිදහස් කුසලානයේ ශ්‍රී ලංකා මූලික සංචිතය

485
Sri Lanka Sports News

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

නිදහස් කුසලානයේ මූලික සංචිතයට මාලිංග නැහැ

ලබන මස 6 වැනිදා තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ලෙස ආරම්භ වන නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙන ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුව විසින් තොරාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (27) නිවේදනය කළේය.

කාගේත් අවධානයක් දිනාගත් ලසිත් මාලිංග හට මෙවරත් ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය තුළ සිය ස්ථානය අහිමි වී ඇති නමුත් මේ වන විට පැවැත්වෙන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරග 3කට සහභාගි වූ මාලිංග කඩුලු 8ක් දවාගෙන ඇත.

මේ මූලික සංචිතයට නුවන් ප්‍රදීප්, කුසල් ජනිත් පෙරේරා හා දුශ්මන්ත චමීර නැවතත් කැඳවා ඇත්තේ ඔවුන් ලක්ව සිටි ආබාධවලින් පූර්ණ ලෙස සුව වී සිටීම නිසාවෙනි. ඔවුන් සියලු දෙනාම මේ වන විට පැවැත්වෙන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දස්කම් අතර සිටියි.

සම්පූර්ණ සංචිතය: ආබාධවලට පසුව සුපිරි ක්‍රිකට් තරු 3ක් මූලික සංචිතයට


තිසර සහ කුසල්ලා දක්ෂ පිතිකරණයක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සවිබලයෙන් තෙවන දිනටත් පැවැත්වූ අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් චමත්කාර ජනක දිනයක නිමාව ඊයේ (27) සනිටුහන් වූයේ තරගාවලියේ තියුණු බව තවත් වැඩි කරමිනි.

ඊයේ පැවැත්වූ තරග අතුරෙන් තරග දෙකක් ලකුණු සමවීමෙන් අවසන් වූ අතර අනෙකුත් තරග ජයග්‍රහණය කිරීමට බදුරලිය, එස්. එස්. සී, නාවික හමුදා, හලාවත, මීගමුව, කෝල්ට්ස්, පොලිස් හා සැරසන්ස් යන කණ්ඩායම් සමත් විය. ඒ අතුරෙන් ජයග්‍රහණ කිහිපයක්ම ලියවූයේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුවයි.

සිංහල ක්‍රීඩා සමාජය – 203/5 (20): තිසර පෙරේරා 84, දිමුත් කරුණාරත්න 57*, දසුන් ශානක 34, ශතික් නිමල්ශ 3/25.

නාවික හමුදා ක්‍රීඩා සමාජය – 96 (18.3): සුපුන් ලීලාරත්න  35, අකාශ් සේනාරත්න 4/22, ජෙෆ්රි වැන්ඩසේ 2/30.

සම්පූර්ණ වාර්තාව: කුසල්ලා අර්ධ ශතක රැස් කරති; මාලිංගගෙන් කඩුලු 3ක්


අවසන් අටට මහානාම විදුහලත්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටය (අවසන් 16 දෙනාගේ වටය) නියෝජනය කරමින් පැවති තරගයේ දී කොළඹ තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කළ කොළඹ මහානාම විද්‍යාලය ඊයේ (27) අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තේය.

මහානාම විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 147 (58.4) හේශාන් නෙලික 40, වත්සර පෙරේරා 34, පවන් රත්නායක 28, විනුක රූබසිංහ 20, සවන් ප්‍රභාෂ් 3/16, නිපුන් ලක්ෂාන් 3/47, යෙශාන් වික්‍රමාරච්චි 2/04.

තර්ස්ටන් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 73 (22.3) රශ්මික හිරිපිටිය 22, හේශාන් නෙලික 4/21, පැතුම් බොතේජු 2/24, පියුමාල් සංදීප 2/25

මහානාම විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 137 (73.2) විනුක රූබසිංහ 34, පැතුම් බොතේජු 26, ඉෂාන් මෙන්ඩිස් 20, සඳරු ඩයස් 3/26, අයේෂ් හර්ෂණ 3/50

තර්ස්ටන් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 156 (20.1) යෙශාන් වික්‍රමාරච්චි නොදැවී 95, ජනුශික ප්‍රනාන්දු 17, හේෂාන් නෙලික 2/78

සම්පූර්ණ වාර්තාව: මහානාම විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

දිනයක නිමාව