ගෙවුණු දවස ජනවාරි 22 – ක්‍රීඩකයින් දෙදෙනෙකුට තරගාවලිය මඟ හැරේ

256

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

කුසලටත් තරගාවලිය මඟ හැරේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සුළු ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට මේ වන විට බංග්ලාදේශයේ දී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ඉතිරි තරග කිහිපය අහිමි වනු ඇත.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර මිර්පූර් හිදී පැවති තරගය අතරතුර පන්දුවට පහර දෙමින් සිටින විට ඔහු මෙම ආබාධයට ලක්වී ඇත.

වෛද්‍යවරුන් උපදෙස් දුන්නා කුසල් ජනිත්ව විවේක ගන්වන ලෙසට. ඒ නිසා ඔහුට මේ තරගාවලියේ ඉදිරි තරග කිහිපය අහිමි වෙනවා.” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින ලදි.

සම්පූර්ණ වාර්තාව: කුසල් ජනිත් පෙරේරා තුන්කොන් තරගාවලියෙන් ඉවතට


ඩී. එස්. වෙනුවෙන් මුදිත ශතකයක් රැස් කරයි

දිනක නිහැඬියාවකට පසුව ආරම්භ වූ නව සතියේ ඊයේ (22) දිනය තුළ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින ක්‍රිකට් තරග කිහිපයක්ම ආරම්භ විය.

එහි දී ඩී. එස්. සේනානායක විද්‍යාලයේ මුදිත ලක්ෂාන් ශතකයක් ලබාගත් අතර ශලිත් ප්‍රනාන්දු, නිලුක්ෂණ දිල්මින, සුලක්ෂණ ප්‍රනාන්දු, ප්‍රභාසර හේරත්, මලිඳු විදුරංග, ප්‍රවීන් නිමේෂ් හා චමිඳු වික්‍රමාරච්චි යන ක්‍රීඩකයින් අර්ධ ශතක වාර්තා කර ගන්නා ලදි. ඊට අමතරව මහේෂ් තීක්ෂණ කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් අතරට පිවිසියේය.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 67/10 (22): කවීෂ ජයතිලක 26, සචින්ත හෙට්ටිගේ 3/12, මුදිත ලක්ෂාන් 3/16, පසිඳු ආධිත්‍යය 3/16.

ඩී. එස්. සේනානායක විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 293/9 (63): මුදිත ලක්ෂාන් 127, පසිඳු ආධිත්‍යය 39, මහේෂ් තීක්ෂණ 5/62.

සම්පූර්ණ වාර්තාව: ශතක හා අර්ධ ශතක රැසක් සමඟින් සතිය ඇරඹේ

දිනයක නිමාව