ශතක හා අර්ධ ශතක රැසක් සමඟින් සතිය ඇරඹේ

520

දිනක නිහැඬියාවකට පසුව ආරම්භ වූ නව සතියේ අද (22) දිනය තුළ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින ක්‍රිකට් තරග කිහිපයක්ම ආරම්භ විය.

එහි දී ඩී. එස්. සේනානායක විද්‍යාලයේ මුදිත ලක්ෂාන් ශතකයක් ලබාගත් අතර ශලිත් ප්‍රනාන්දු, නිලුක්ෂණ දිල්මින, සුලක්ෂණ ප්‍රනාන්දු, ප්‍රභාසර හේරත්, මලිඳු විදුරංග, ප්‍රවීන් නිමේෂ් හා චමිඳු වික්‍රමාරච්චි යන ක්‍රීඩකයින් අර්ධ ශතක වාර්තා කර ගන්නා ලදි. ඊට අමතරව මහේෂ් තීක්ෂණ කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් අතරට පිවිසියේය.

මලියදේව, නාලන්ද හා වේල්ස් කුමරුවන්ට අභිමානවත් දිනක්

වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (20) නිමා වූ තරගවල දී පූර්ණ ජයග්‍රහණ ලබා…

ත්‍රිත්ව විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් ත්‍රිත්ව විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් මෙම A කාණ්ඩයේ තරගය තර්ස්ටන් පිටියේ දී පැවැත්විණි.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් පුබුදු බණ්ඩාර ලකුණු 38යි. අවසානයේ ඔවුන්ගේ ඉනිම ලකුණු 187කට සීමා විය. පන්දු යැවීමේ දී අයේශ් හර්ශන කඩුලු 4යි. දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ තර්ස්ටන් විද්‍යාලය පළමු දිනය සඳහා තරගය නවතාලන විට කඩුලු 3ක් දැවී ලකුණු 140ක් ලබාගෙන සිටියි.

ත්‍රිත්ව විද්‍යාලය – 187/10 (51.5): පුබුදු බණ්ඩාර 38, අභිශේක් ආනන්දකුමාර් 31, හසින්ත ජයසූරිය 31, අයේශ් හර්ශන 4/37.

තර්ස්ටන් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 140/3 (45): නිමේෂ පෙරේරා 39.


සාන්ත පීතර විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය

කාසියේ වාසිය දිනූ ධර්මරාජ විද්‍යාලයේ ඇරයුමින් පළමුව පිටියට පිවිසි සත්කාරක සාන්ත පීතර විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 308ක් ලබා ගත්තේය.

සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වූ ශලිත් ප්‍රනාන්දු හා සුලක්ෂණ ප්‍රනාන්දු පිළිවෙළින් ලකුණු 75ක් හා ලකුණු 57ක් ලබාගෙන විශිෂ්ට පිතිකරණයක නිරත විය. ඔවුන් දෙදෙනාට අමතරව මැදපෙළ පිතිකරුවෙක් වන ප්‍රභාසර හේරත් ද අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් විය. තුශාන් හේරත් කඩුලු 4යි. දිනය අවසානයේ ධර්මරාජ විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 28යි. මෙම තරගය C කාණ්ඩයේ තරගයකි.

සාන්ත පීතර විද්‍යාලය – 308/10 (77.1): ශලිත් ප්‍රනාන්දු 75, සුලක්ෂණ ප්‍රනාන්දු 57, ප්‍රභාසර හේරත් 51, ශැනොන් ප්‍රනාන්දු 48, තුශාන් හේරත් 4/43.

ධර්මරාජ විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 28/2 (18):

රොෂේන් සිල්වා, අශාන් ප්‍රියන්ජන් සහ ලක්ෂිත මධුෂාන්ගෙන් ශතක ත්‍රිත්වයක්!

එකම අරමුණක් වෙනුවෙන් පළමු පෙළ ක්‍රීඩා සමාජ 7ක් උරෙනුර ගැටෙන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A ශ්‍රේණියේ තරග 5ක්…


ගුරුකුල විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය

රිච්මන්ඩ් විද්‍යාලය තරගයේ පළමු දිනය අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 54ක් ලබා ගැනීමට සමත් විය.

ගාලු ජාත්‍යන්තර පිටියේ පැවැත්වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ගුරුකුල විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. එහි දී මලිඳු විදුරංග දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ගුරුකුල ලකුණු පුවරුවට නොදැවී ලකුණු 97*ක් එක් කළේය.

ඊට අමතරව ප්‍රවීන් නිමේෂ් ලකුණු 72යි. පන්දු යැවීමේ දී අවිඳු තීක්ෂණ කඩුලු 4යි. ගුරුකුල විද්‍යාලය ලබාගත් ලකුණු 226ට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ආරම්භ කළ රිච්මන්ඩ් විද්‍යාලය දිනය අවසානයේ තවත් ලකුණු 172ක් පසුපසින් සිටියි.

ගුරුකුල විද්‍යාලය – 226/10 (84.4): මලිඳු විදුරංග 97*, ප්‍රවීන් නිමේෂ් 72, අවිඳු තීක්ෂණ 4/54.

රිච්මන්ඩ් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 54/2 (22): දුවින් කලන්සූරිය 25*.


කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් ලෙස කුරුණෑගල වෙලගෙදර පිටියේ දී පැවැත්වූ මෙම තරගයේ අද දිනය අවසන් වන විට සාන්ත ඇලෝසියස් පළමු ඉනිම 125/7යි.

කාසියේ වාසිය දිනාගත් සාන්ත මරියා විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. නමුත් එම තීරණයට ඉතාමත් හොඳ සාධාරණයක් ඉටු කිරීමට ඔවුන්ගේ පිතිකරුවන් අපොහොසත් විය. අවසානයේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 121කට සීමා කිරීමට කවිශ්ක ඩිල්ශාන් ඇතුළු ඇලෝසියස් පන්දු යවන්නන් සමත් විය. නිලුක්ෂණ දිල්මින සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ බිඳ වැටුණු ඉනිමට සවියක් වෙමින් අර්ධ ශතකයක් ලබාගත් අතර ඒ නිසාවෙන් තරගයේ ආරම්භක දිනය තුළම පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලයට හැකි විය.

සාන්ත මරියා විද්‍යාලය – 121/10 (44.2): එන්. ඩී. පී. එම් වලිසිංහ 26, කවිශ්ක ඩිල්ශාන් 4/12.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 125/7 (51): නිලුක්ෂණ දිල්මින 65*, ටී. එස්. කුමාර 4/33.


පානදුර සාන්ත ජෝන් විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

සාන්ත ජෝන් විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් මෙම තරගය බණ්ඩාරගම මහජන පිටියේ දී පළමු දිනයට ක්‍රියාත්මක විය.

චමිඳු වික්‍රමාරච්චිගේ නොදැවී ලකුණු 86*යි. අශාන් දිල්හාර ලකුණු 46යි. පන්දු යැවීමේ දී සාන්ත අන්තෝනි විද්‍යාලයට සවියක් වූ කවීෂ දුලංජන කඩුලු 4ක් දවාලන ලදි. තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම දියත් කරන සාන්ත අන්තෝනි විද්‍යාලය ප්‍රබල තැනක පසුවිය.

සාන්ත ජෝන් විද්‍යාලය – 256/10 (76.3): චමිඳු වික්‍රමාරච්චි 86*, අශාන් දිල්හාර 46, කවීෂ දුලංජන 4/15.

සාන්ත අන්තෝනි විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 69/0 (12):


සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය

A කාණ්ඩයේ තරගයක් ලෙස මත්තේගොඩ යුද හමුදා පිටියේ ක්‍රියාත්මක වූ මෙම තරගයේ ආරම්භක දිනය තුළ ඩී. එස්. සේනානායක විද්‍යාල පන්දු යවන්නන් හොඳින් දස්කම් දක්වන ලදි.

කාසියේ වාසිය දිනූ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ඇරයුමින් පළමුව පිටියට පිවිසුණු සාන්ත බෙනඩික්ට් පළමු ඉනිම තරගය ආරම්භ වී පැය දෙකකට ආසන්න කාලයක් තුළ අවසන් කිරීමට සචින්ත හෙට්ටිගේ ඇතුළු ඩී. එස්. සේනානායක පන්දු යවන්නන් සමත් විය. එහි දී සාන්ත බෙනඩික්ට් පිතිකරුවන් සියල්ලන්ම දැවී සිය පළමු ඉනිමට ලබාගත්තේ ලකුණු 67ක් පමණි.

පිළිතුරු ඉනිම දියත් කළ ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් දකුණතින් පිත්ත හසුරුවන මුදිත ලක්ෂාන් ශතකයක් (127) වාර්තා කරන ලදි. පසිඳු ආධිත්‍යය ලකුණු 39ක් ලබා ගැනීමත් සමඟින් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අභිබවා තරගයේ පළමු දිනය තුළම පළමු ඉනිමේ ජය ලබා ගැනීමට ඩී. එස් සේනානායක විද්‍යාලයට හැකි විය. පන්දු යැවීමේ දී දකුණතින් දඟපන්දු යවන මහේෂ් තීක්ෂණ කඩුලු 5ක් දවාලන ලදි.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 67/10 (22): කවීෂ ජයතිලක 26, සචින්ත හෙට්ටිගේ 3/12, මුදිත ලක්ෂාන් 3/16, පසිඳු ආධිත්‍යය 3/16.

ඩී. එස් සේනානායක විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 293/9 (63): මුදිත ලක්ෂාන් 127, පසිඳු ආධිත්‍යය 39, මහේෂ් තීක්ෂණ 5/62.

මෙම තරග සියල්ලම හෙට (23) දෙවන දිනටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<