ගෙවුණු දවස ජනවාරි 20 – පොඩි කුසල් සනීප වෙද්දී නුවන් සංචිතයෙන් ඉවතට

189

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

ඔෂඳගේ පිත්තෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ පළමු සතිය ඊයේ (20) අවසන් වෙද්දී ටැමිල් යූනියන්, සී. සී. සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වෙද්දී දිනයේ වාර්තා කළ එකම ශතකය ඔෂඳ ප්‍රනාන්දුගේ පිත්තෙන් එක් විය.

එස්. එස්. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 321 (86.1) සඳුන් වීරක්කොඩි 26, කෞෂාල් සිල්වා 65, ක්‍රිශාන් ආරච්චිගේ 48, කෝසල කුලසේකර 32, චාමර කපුගෙදර 22, සචිත්‍ර සේනානායක 47, ධම්මික ප්‍රසාද් 50, රමිත රඹුක්වැල්ල 5/89, දමිත සිල්වා 3/33

ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායම ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 536 (133.3) ලහිරු මිලන්ත 56, තරංග පරණවිතාන 47, සචිත්‍ර සේරසිංහ 204, යොහාන් මෙන්ඩිස් 35, රමිත් රඹුක්වැල්ල 124, දමිත සිල්වා 20, කසුන් මධුශංක 2/82, තරිඳු රත්නායක 2/115, ආකාශ් සේනාරත්න 4/73

එස්. එස්. සී.; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 304 (88.2) සඳුන් වීරක්කොඩි 68, කෞෂාල් සිල්වා 46, ක්‍රියාන් ආරච්චිගේ 54, සචිත්‍ර සේනානායක 23, ආකාශ් සේනාරත්න 43, තරිඳු රත්නායක 22, ෂෙහාන් මුධුශංක 3/107, රමිත රඹුක්වැල්ල 2/60, සචිත්‍ර සේරසිංහ 5/48

ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 90 (11.3) ලහිරු මිලන්ත 43, සචිත්‍ර සේරසිංහ නොදැවී 25

සම්පූර්ණ වාර්තාව: ඔෂඳගේ ශතකයෙන් හලාවත මේරියන්ස් ගොඩ යයි

තරිඳුගෙන් BRC කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක්

ජාතික කණ්ඩායමේ දොරටුව අසල සිටින ක්‍රීඩකයින් කරට කර සටන් වදින අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළඟ (Plate) වටයේ තරග 3ක් ඊයේ (20) දිනයේ නිමාවට පත්විය. ඒ ජය පැරදුමකින් තොරවයි. එහි දී මුවර්ස් කණ්ඩායම නියෝජනය කරන දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක තරිඳු කෞෂාල් BRC කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක් බිඳ දමමින් දස්කම් දැක්වීමට සමත් විය.

කලක් ජාතික කණ්ඩායමට ද ඉමහත් සේවයක් ඉටු කළ කෞෂාල්ට 2015 වසරේ දී පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව ප්‍රකාශ කරමින් ICCය විසින් සීමා පැනවූවද ඔහු නැවතත් දක්ෂතා අතරට පැමිණීම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ නොමද සතුටට හේතු වනු ඇත.

සම්පූර්ණ වාර්තාව: තරිඳු කෞෂාල්ගෙන් කඩුලු 7ක්; භානුකගෙන් ප්‍රවේගකාරී ශතකයක්!

ප්‍රදීප්ට ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය මග හැරේ

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (19)  නිමා වූ තෙදින දිවා-රාත්‍රී පුහුණු තරගයේ දෙවන දිනයේ දී කලව ආශ්‍රිතව ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප් හට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වී තිබේ.

දකුණතින් වේගපන්දු යවන ප්‍රදීප් ආබාධයට ලක්වීමට පෙර එම තරගයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර දෙකක් පමණි. පුහුණු තරගයේ පළමු ඉනිමේ දී පන්දු යවමින් සිටිය දී ප්‍රදීප් මෙම ආබාධයට ලක්වූ අතර ඉන් අනතුරුව ඔහු පන්දු රැකීමෙන් වැළකී ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පිටියෙන් ඉවත් කළේය.

මේ අතර පුහුණු තරගයේ පළමු දිනය අතරතුර පන්දු රකිමින් සිටිය දී පන්දුවක් වැදීම නිසා ඇඟිල්ලේ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව ගිය කුසල් මෙන්ඩිස්, මේ වන විට එම ආබාධ තත්වයෙන් පූර්ණ සුවය ලබා පළමු ටෙස්ට් තරගයට සහභාගි වීමට සූදානමින් සිටියි.

සම්පූර්ණ වාර්තාව: නුවන් ප්‍රදීප්ට රතු එළියක්

දිනයක අවසානය