ගෙවුණු දවස අප්‍රේල් 20 – වෙස්ලි ක්‍රීඩකයින් ඉසිපතනයට අභියෝග කරයි

606

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

ගුරුසිංහ නව තනතුර භාර ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ ඉහළ දස්කම් කළමනාකරු ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික සයිමන් විල්ස් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වූ අතර එම නිසා තනතුර වැඩි දියුණු කර “ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරි” ලෙස අසංක ගුරුසිංහ මහතා පත් කර ඇත.

51 හැවිරිදි අසංක ගුරුසිංහ මහතා 2017 මාර්තු මාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ කළමනාකරු ලෙස පත්වූ අතර පසුව තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස ද නම් කිරීමෙන් පසු කණ්ඩයමේ ප්‍රබල චරිතයක් බවට පත්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ ඉහල දස්කම් කළමනාකරු ලෙස කටයුතු කළ සයිමන් විල්ස් මහතා ඉවත්වීම නිසා පුරප්පාඩු වන තනතුරට එහා ගිය වගකීම් කිහිපයක් අසංක ගුරුසිංහ මහතාට ලබා දී ඇත. ඒ අනුව ක්‍රීඩකයින්ගේ දස්කම් මෙන්ම ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම් සංවර්ධනය කිරීම ගුරුසිංහ මහතාගේ නව වගකීම වනු ඇත.

සම්පූර්ණ වාර්තාව: අසංක ගුරුසිංහට වැඩි බලයක් සමඟින් අලුත්ම තනතුරක්


පාපන්දු –

හැලුණු ක්‍රීඩකයින් තුන්දෙනෙක් නැවතත් ජාතික සංචිතයට

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයින් තිදෙනෙක් නැවතත් ශ්‍රී ලංකා පාපන්දු ජාතික සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) තීරණය කර ඇත.

ඒ අනුව එසේ නැවතත් ජාතික සංචිතයට කඳවු ක්‍රීඩකයින් තිදෙනා වන්නේ කොළඹ පාපන්දු සමාජයේ චරිත රත්නායක, යුද හමුදා පාපන්දු සමාජයේ අසිකුර් රහුමාන් හා සජිත් කුමාර යි. මෙම කැඳවීම පිළිබඳ පුවත තහවුරු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු සුනිල් සේනවීර මහතා ThePapare.com සමඟින් ප්‍රකාශ කර සිටියේ;

සම්පූර්ණ වාර්තාව: ජාතික සංචිතයට ක්‍රීඩකයින් තිදෙනෙක් නැවත කැඳවයි


රග්බි –

දෙවැනි අර්ධයේ දී ඉසිපතනය හිර වේ

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් ඊයේ (20) කොළඹ ඉසිපතන විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය අතර ලොන්ඩන් පෙදෙස CR & FC ක්‍රීඩාංගණයේ දී පැවති අතර තියුණු තරගයකට පසු ලකුණු 22-17ක් ලෙස ජය හිමි කර ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් විය.

තරගයේ පළමු මිනිත්තුවේ සිට වෙස්ලි විද්‍යාලය සිය පසුපෙළ ක්‍රීඩකයන් යොදා ගනිමින් උත්සාහක දිනුමක් කරා යාමට උත්සහ කළ අතර තරගයේ  දෙවන මිනිත්තුවේ දී ලද අවස්ථාවක් හා තෙවන මිනිත්තුවේ ලද ඉතා ආසන්න අවස්ථාවක් උත්සාහක දිනුම් රේඛාව මත දී ම නායක දයාන් සබාර් ප්‍රමුඛ වෙස්ලි ක්‍රීඩකයින්ගේ තිබූ අනවශ්‍ය කලබලය නිසා ඔවුන්ට අහිමි විය.

සම්පූර්ණ වාර්තාව: දෙවන අර්ධයේ වෙස්ලි ප්‍රහාරයෙන් ඉසිපතනය නූලෙන් බේරෙයි

ජෝසප්වරුන්ට තියුණු ජයක්

‘Singer’ පාසල් රග්බි ලීග් තරගාවලියේ ‘A’ කාණ්ඩයේ පළමු කාණ්ඩය යටතේ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මහනුවර කිංස්වුඩ් විද්‍යාලය අතර ඊයේ (04) කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලකුණු 26-22ක ජයග්‍රහණයක් හිමි කර ගන්නට සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගන්නා කණ්ඩායමට තරගාවලියේ ‘A’ කාණ්ඩයේ පළමු කාණ්ඩයේ දෙවන ස්ථානය තහවුරු කර ගැනීමට අවස්ථාව හිමිවන හෙයින් මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීම කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් විය.

සම්පූර්ණ වාර්තාව: කිංස්වුඩ් මෙහෙයුම අසාර්ථකයි; ජෝසප්වරුන්ට තියුණු ජයක්

පිළියන්දල ක්‍රීඩකයින්ට ලැජ්ජාසහගත පරාජයක්

සිංගර් පාසල් රග්බි ලීගයේ බී කාණ්ඩයේ තවත් තරගයක් ඊයේ (20) පැවතියේ කොළඹ ආනන්ද විද්‍යාලය සහ පිළියන්දල මධ්‍ය විද්‍යාලය අතරයි. ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 67-00ක් ලෙස පහසු ජයක් ලබා ගැනීමට ආනන්ද විදුහල් ක්‍රීඩකයින් සමත් විය.

පළමු අර්ධයේ සිටම තම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසය දියත් කරමින් තරගයේ පළමු උත්සාහක දිනුම ආනන්ද ක්‍රීඩක ඩී.එස්. චානුක විසින් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය එස්. තිලකරත්න සාර්ථක කරගත්තේය.

සම්පූර්ණ වාර්තාව: පිළියන්දලයින් පරාජය කරමින් ආනන්දයට මංගල ජය

දිනයක නිමාව