කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ගුරුසිංහ නව තනතුර භාර ගනී

51 හැවිරිදි අසංක ගුරුසිංහ මහතා 2017 මාර්තු මාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ කළමනාකරු ලෙස පත්වූ අතර පසුව තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස ද නම් කිරීමෙන් පසු කණ්ඩයමේ ප්‍රබල චරිතයක් බවට පත්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ ඉහල දස්කම් කළමනාකරු ලෙස කටයුතු කළ සයිමන් විල්ස් මහතා ඉවත්වීම නිසා පුරප්පාඩු වන තනතුරට එහා ගිය වගකීම් කිහිපයක් අසංක ගුරුසිංහ මහතාට ලබා දී ඇත. ඒ අනුව ක්‍රීඩකයින්ගේ දස්කම් මෙන්ම ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම් සංවර්ධනය කිරීම ගුරුසිංහ මහතාගේ නව වගකීම වනු ඇත.
සම්පූර්ණ වාර්තාව: අසංක ගුරුසිංහට වැඩි බලයක් සමඟින් අලුත්ම තනතුරක්
හැලුණු ක්‍රීඩකයින් තුන්දෙනෙක් නැවතත් ජාතික සංචිතයට

ඒ අනුව එසේ නැවතත් ජාතික සංචිතයට කඳවු ක්‍රීඩකයින් තිදෙනා වන්නේ කොළඹ පාපන්දු සමාජයේ චරිත රත්නායක, යුද හමුදා පාපන්දු සමාජයේ අසිකුර් රහුමාන් හා සජිත් කුමාර යි. මෙම කැඳවීම පිළිබඳ පුවත තහවුරු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු සුනිල් සේනවීර මහතා ThePapare.com සමඟින් ප්‍රකාශ කර සිටියේ;
සම්පූර්ණ වාර්තාව: ජාතික සංචිතයට ක්‍රීඩකයින් තිදෙනෙක් නැවත කැඳවයි
දෙවැනි අර්ධයේ දී ඉසිපතනය හිර වේ

තරගයේ පළමු මිනිත්තුවේ සිට වෙස්ලි විද්‍යාලය සිය පසුපෙළ ක්‍රීඩකයන් යොදා ගනිමින් උත්සාහක දිනුමක් කරා යාමට උත්සහ කළ අතර තරගයේ දෙවන මිනිත්තුවේ දී ලද අවස්ථාවක් හා තෙවන මිනිත්තුවේ ලද ඉතා ආසන්න අවස්ථාවක් උත්සාහක දිනුම් රේඛාව මත දී ම නායක දයාන් සබාර් ප්‍රමුඛ වෙස්ලි ක්‍රීඩකයින්ගේ තිබූ අනවශ්‍ය කලබලය නිසා ඔවුන්ට අහිමි විය.
සම්පූර්ණ වාර්තාව: දෙවන අර්ධයේ වෙස්ලි ප්‍රහාරයෙන් ඉසිපතනය නූලෙන් බේරෙයි
ජෝසප්වරුන්ට තියුණු ජයක්

මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගන්නා කණ්ඩායමට තරගාවලියේ ‘A’ කාණ්ඩයේ පළමු කාණ්ඩයේ දෙවන ස්ථානය තහවුරු කර ගැනීමට අවස්ථාව හිමිවන හෙයින් මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීම කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් විය.
සම්පූර්ණ වාර්තාව: කිංස්වුඩ් මෙහෙයුම අසාර්ථකයි; ජෝසප්වරුන්ට තියුණු ජයක්
පිළියන්දල ක්‍රීඩකයින්ට ලැජ්ජාසහගත පරාජයක්

පළමු අර්ධයේ සිටම තම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසය දියත් කරමින් තරගයේ පළමු උත්සාහක දිනුම ආනන්ද ක්‍රීඩක ඩී.එස්. චානුක විසින් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය එස්. තිලකරත්න සාර්ථක කරගත්තේය.
සම්පූර්ණ වාර්තාව: පිළියන්දලයින් පරාජය කරමින් ආනන්දයට මංගල ජය






















