පාසල් මහා තරගවලට ආරම්භය ඉසිපතන – තර්ස්ටන් සහෝදරයින්ගෙන්

520

මෙම වසරේ අන්තර් පාසල් මහා ක්‍රිකට් සංග්‍රාමය කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර මහා තරගයෙන් ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව “56 වන සහෝදරයන්ගේ සටන” මෙම මස (පෙබරවාරි) 22 සහ 23 දෙදින පුරා කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවැත්වේ.

Photo Album : Thurstan vs Isipathana | 56th Battle of the Brothers – Press Conference

මෙරට පැරණිතම අන්තර් පාසල් ක්‍රිකට් තරගයක් වන “සහෝදරයන්ගේ සටන” ආරම්භ කරන ලද්දේ වර්ෂ 1964 දීය. මෙම පාසල් ද්විත්වය “බ්ලැකම් විජේවර්ධන අනුස්මරණ කුසලානය” සඳහා තරග වදින අතර මේ වන විට ඉසිපතන විද්‍යාලය තරග 4ක ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට සමත්ව ඇත. තරග 5ක ජයග්‍රහණය හිමිකර ගනිමින් පෙරමුණේ පසුවීමට සමත්ව ඇත්තේ තර්ස්ටන් විද්‍යාලයයි.

ඊයේ (13) පැවති මාධ්‍ය හමුවේ දී කොළඹ ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති ප්‍රේමසිරි ඈපා මහතා මෙසේ තම අදහස් දැක්වීය.

“මෙවර අන්තර් පාසල් ක්‍රිකට් සංග්‍රාම ආරම්භ වන්නේ අපගේ ක්‍රිකට් තරගයෙන්. අප මෙම ක්‍රිකට් තරගය ඉතාමත් අභිමානයෙන් යුතුව පවත්වන අතර නියමිත නීතිරීති යටතේ අපගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එසේම මෙම තරගයේ මූලික අරමුණ පාසල් දෙක අතර තිබෙන සහෝදරත්වය වර්ධනය කර ගැනීමයි.”

මෙවර ඉසිපතන විද්‍යාලය මෙන්ම තර්ස්ටන් විද්‍යාලය ද මෙහෙයවනු ලබන්නේ වමත් දඟපන්දු යවන්නන් දෙදෙනෙකු වීම විශේෂ කරුණකි. මදුෂික සඳරුවන් විසින් ඉසිපතන විද්‍යාල කණ්ඩායම මෙහෙයවන අතර සඳරු ඩයස් විසින් තර්ස්ටන් විද්‍යාල කණ්ඩායම මෙහෙයවනු ලබයි.

මෙම පාසල් ද්විත්වය අතර පවත්වන “ඩබ්. ඒ. ද සිල්වා අභියෝගතා කුසලානය” සඳහා වන සීමිත පන්දුවාර තරගය ද මාර්තු මස 03 වැනිදා පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

සාන්තුවරයන් 85 වැනි වතාවටත් සංග්‍රාමයට

මෙරට ප්‍රධානතම කතෝලික පාසල් ද්විත්වයක් වන සාන්ත ජෝසප් …..

“අපගේ සහෝදරයන්ගේ සටනට සමගාමීව ආදී ශිෂ්‍ය තරගය, ගුරුවරුන්ගේ තරගය සහ පාසල් දෙකේම සහභාගීත්වයෙන් පැවැත්වෙන පාපැදි සවාරිය ද මෙම පාසල් ද්විත්වය අතර තිබෙන සහෝදරත්වය මනාව පෙන්වන සාධක වෙනවා.” යයි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ලක්ෂ්මන් ඩයස් මහතා පැවසීය.

මෙවර 56 වන සහෝදරයන්ගේ සටන සහ සීමිත පන්දුවාර තරගය ThePapare.com අපගේ වෙබ් අඩවිය ඔස්සේ සජීවීව නැරඹිය හැකි අතර ඩයලොග් නාලිකා අංක 77 ඔස්සේ මෙන්ම MyTV හරහා ද තරග නැරඹිය හැක.


>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<