“ක්‍රිකට් ආයතනය මට විශ්‍රාම ගන්න බල කරපු එක ගැන ගොඩක් කණගාටුයි.” – Mortaza

464
Mashrafe Mortaza

Mashrafe Mortaza ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට අදාළව පසුගිය කාලය පුරාවට බංග්ලාදේශයෙන් විවිධ පුවත් පළවිය. 

වර්ණවාදයට සංගාගෙන් පිළිතුරක්

මේ දිනවල ලොව පුරා කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති වර්ණවාදය සහ ජාතිවාදය

ඒ අනුව පසුගිය දිනෙක Cricbuzz සමඟ එක්වෙමින් සිය විශ්‍රාම ගැනීමේ සැලසුම්, පසුගිය එක්දින ලෝක කුසලානය අතරතුර Lord’s ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට නොහැකි වීම සහ ඔවුන්ගේ ක්‍රීඩක ව්‍යාපාරය සඳහා ඔහුව එක්කර නොගැනීම ඇතුළු තවත් කරුණු රැසක් පිළිබඳව ඔහු සිය අදහස් දැක්වීය. 

ඔබගේ විශ්‍රාම ගැනීමේ සැලසුම් කොහොම ද? බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු Russell Domingo පවසා සිටියා ඔබ ඔහුගේ ඉදිරි සැලසුම් වල කොටසක් නෙමෙයි කියලා. 

මගේ මූලික සැලැස්ම ක්‍රිකට් ක්‍රීඩා කරන්න. කවුරුත් කාගේවත් සැලැස්මක කොටසක් නෙමෙයි. ඇත්තටම වැදගත් වෙන්නේ කවුරු කුමක් සැලසුම් කරනවා ද කියලා දැන ගැනීම සහ ඒක තේරුම් ගැනීම. ඒත් මම හොඳින්ම පැහැදිලි කරලා දෙන්න ඕනේ දෙයක් තමයි, 2019 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට කලින් තිබුන තරගාවලි 3ම වැඩිම කඩුලු ලාභියා වුනේ මම. ඒත් ලෝක කුසලාන තරගාවලිය මට හිතාගන්නවත් බැරි විදිහට අසාර්ථක වුනා. ඉතින් ඒ එක තරගාවලියෙන් හැමෝම මාව මනින්න ගන්න එක සාධාරණයි. ඒකට මම විරුද්ධ වෙන්නේ නැහැ. ඒත් මං ගැන මම දකින විදිහ තීරණය කරන්නේ මම. ඉතින් මම කලිනුත් කිව්වා වගේ ලෝක කුසලානයට කලින් තිබුනා තරගාවලි 3ම වැඩිම කඩුලු ලාභියා වුනේ මම. 

ඔබ නායකත්වයෙන් ඉවත් වුනේ පන්දු යවන්නෙක් විදිහට ඔබට යමක් කරන්න පුළුවන් කියලා පෙන්නන්න ද? ඒ වගේම ඔබ තවදුරටත් නිකන්ම කණ්ඩායමට ඇතුළත් වෙන එකක් නැහැ… 

අවසානයක් කියලා දෙයක් නැහැ. හැමෝටම කණ්ඩායමට තේරෙන්න සාධාරණ සහ සමාන පසුබිමක් හදලා දෙන්න බැරි නම් අඩුම තරමේ ඔබ සැලසුම්කරුවෙක්වත් නෙමෙයි. මම හොඳට දක්‍ෂතා දැක්වුවොත් මට අවස්ථාවක් දිය යුතුයි. ඔවුන් ඒ අවස්ථාව මට දුන්නේ නැත්නම් ඒක ඔවුන්ගේ සැලසුම් කිරීමේ ප්‍රශ්නයක්. මම දන්නේ නැහැ දැන් Dhaka League තරගාවලිය තියයි ද නැද්ද කියලා. (COVID-19 වසංගත තත්වය නිසා) නමුත් ඒක තිබ්බොත් මගේ ඉලක්කය තමයි ඒක. ඒක තිබ්බේ නැත්නම් ඊළඟට එන තරගාවලිය තමයි මගේ ඉලක්කය. මම දන්නේ නැහැ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සැලසුම් මොනවද, හැම ක්‍රීඩකයෙකුටම ක්‍රීඩා කරන්න හම්බෙන්නේ කොයි අවස්ථාවේ ද කියලා. ඒත් මට මොකක්හරි අවස්ථාවක් ලැබුනොත් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න මම උත්සාහ කරනවා. 

ඔබ ඇයි එක පාරටම එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වුනේ? 

ඊළඟ එක්දින ලෝක කුසලාන තරගාවලියට තව අවුරුදු 3කට වඩා පොඩි කාලයක් තියෙනවා. ඉතින් දැන් ඉඳලාම ඒක ඉලක්ක කරගෙන කණ්ඩායමට හොඳ නායකයෙක් පත්කරන්න බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට පුළුවන් වුනොත්, ඒක අපේ කණ්ඩායමට ගොඩක් හොඳ දෙයක් වෙයි. නමුත් ක්‍රීඩකයෙක් විදිහට ගත්තොත් තත්වය වෙනස්. 2011 වසරේ ලෝක කුසලාන තරගාවලියට මාස 2කට විතර කලින් මාව කණ්ඩායමෙන් ඉවත් කෙරුනා. (ආබාධයක් හේතුවෙන්) ඉතින් සාමාන්‍ය ක්‍රීඩකයෙක් විදිහට ක්‍රීඩා කරද්දී එහෙම නිශ්චිත භාවයක් නැහැ. අනෙක් අතට කණ්ඩායමේ නායකයෙක්ට වුනත් ආබාධයක් ඇතිවෙන්න පුළුවන්. නමුත් ඒකත් වෙනස්ම තත්වයක්. නමුත් ක්‍රිකට් ආයතනයට හැමවෙලේම අවශ්‍ය කණ්ඩායමට ඉන්න පුළුවන් හොඳම නායකයාව පත්කරලා තියාගන්න. ඒක නිසා මේක හොඳ අවස්ථාවක්. පත්වෙන අලුත් නායකයාට ඔහුගේ ඉදිරියේ ලොකු කාලයක් තියෙනවා. Shakib Al Hasan නායකත්වය සඳහා ඉන්න එක ක්‍රීඩකයෙක්. තව මම හිතනවා Tamim Iqbalත් නායකයෙක් විදිහට හොඳට කටයුතු කරයි කියලා. මම ඒ ගැන හරිම ධනාත්මකව ඉන්නේ. මොකද මට විශ්වාසයක් තියෙනවා Tamim හොඳට කරයි කියලා. නමුත් ඔහුට එහෙම කරන්න බැරි වුනොත් ක්‍රිකට් ආයතනය වෙනත් විකල්ප ගැන සලකා බලයි. ඉතින් ක්‍රිකට් ආයතනයට ඊළඟ ලෝක කුසලානය සඳහා අවුරුදු 3කටත් වඩා වැඩි කාලයක් ඉතිරි වෙලා තියෙන නිසා ඔවුන්ට නම්‍යශීලී වෙලා කටයුතු කරන්න පුළුවන්. ඉතින් මම එක්දින නායකත්වයෙන් ඉවත් වුනේ ඔන්න ඔය හේතූන් නිසා. 

ඔබේ දේශපාලන අනන්‍යතාවය නිසා ක්‍රීඩකයෙක් විදිහට ඔබේ තිබුන අනන්‍යතාවය පසෙකට වෙලා කියලා ඔබ හිතනවා ද? 

ඕනම කෙනෙක්ට තමන්ට කැමති විදිහකට හිතන්න පුලුවන්. මම කරන්නේ මොනවද කියන එක ගැන මට හොඳ පැහැදිලි බවක් තියෙනවා. මම දේශපාලනයට එක්වෙන්න කලින් තිබුන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වුනේ මම. මම දේශපාලනයට එක්වුනාට පස්සේ තිබුන තරගාවලි 2මත් වැඩිම කඩුලු ලාභියා වුනෙත් මම මයි. ඉතින් එක තරගාවලියක විතරක් අසාර්ථක වුනා කියලා මම එක පාරටම නරක ක්‍රීඩකයෙක් වෙනවා ද? මම මං ගැන විශ්වාසයෙන් ඉන්නේ. මොකද මට බැහැ අනිත් අය හිතන දේවල් පාලනය කරන්න. මට කරන්න පුළුවන් එකම දේ තමයි මම හිතන දේ ප්‍රකාශ කරන එක. 

ඔබට ලෝක කුසලානයේ දී Lord’s ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩාවෙන් සමුගන්න අවස්ථාවක් තිබුනා… 

ලෝක කුසලානයේ අවසාන තරගයෙන් පස්සේ මට විශ්‍රාම ගන්න අවශ්‍ය වෙලා තිබුනේ. ඒත් ඒක එහෙම වුනේ නැහැ. ඒක මම එහෙම නොකළේ ඇයි කියන විස්තර වලට යන්න මට අවශ්‍ය නැහැ. ඒත් මම එංගලන්තයේ දී විශ්‍රාම යන්න මගේ අදහස ප්‍රකාශ කරලා තිබුනේ. නමුත් මට විශ්වාසයක් තියෙනවා අල්ලාහ් දෙවියන් කරන හැමදෙයක්ම කරන්නේ හොඳකට කියලා. 

ඔබට බංග්ලාදේශයේ දී සමුගැනීමේ තරගයක් සූදානම් කරන්න බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට අවශ්‍ය වුනා ද? 

ඇත්තටම කිව්වොත් මට සමුදෙන්න ඔවුන්ට ලොකු හදිස්සියක් තිබුනා වගේ. ඒක ගැන මට ගොඩක් දුකයි. මුලින්ම ඔවුන් හැදුවේ මට සමුදෙන්න තරගයක් සූදානම් කරන්න. ඒක සාමාන්‍ය තරගයක් නෙමෙයි. කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන සාමාන්‍ය තරගාවලියක් කියන්නේ එක දෙයක් සහ හදිස්සියේම විශේෂ තරගයක් සූදානම් කරනවා කියන්නේ තවත් දෙයක්. ඊළඟට ඔවුන් ඒ තරගය සඳහා බංග්ලාදේශ ටකා කෝටි 2ක මුදලක් වැය කරන්න සූදානමින් හිටියේ. ඉතින් සදාචාරාත්මකව හිතලා බැලුවොත් අපේ පළමුපෙළ ක්‍රීඩකයින්ට ප්‍රමාණවත් මුදලක් ගෙවන්නේ නැති පසුබිමක ඒවගේ දෙයක් කරන එක හරි දෙයක් නෙමෙයි. 

සෆ්රාස්ගේ අනාගතය ගැන පුහුණුකරුගෙන් අනාවැකි

ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව තිබෙන පාකිස්තානු කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ අරමුණු මාධ්‍ය හරහා ප්‍රකාශ කිරීමට තෝරාගැනීම පිළිබඳ ඔබට කළකිරීමක් තිබෙනවා ද? 

නැහැ, සම්පූර්ණ කතාව ඒක නෙමෙයි. බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති Nazmul Hasan මගේ මේ විශ්‍රාම ගැනීමේ ගැටලුව ගැන මාත් එක්ක කතා කළා. එහිදී ඔහු මට කිව්වා මේ ගැන මාත් එක්ක ඇරෙන්න වෙන කාත් එක්කවත් කතා කරන්නේ නැහැ කියලා. ඔහු වරින් වර මට දුරකථන ඇමතුම් දීලා කිව්වා මේ ගැන තීරණයක් ගන්න කියලා. එතකොට මම ඔහුට කිව්වා මම බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරනවා කියලා. එතකොට තමයි ඔහු මාධ්‍ය වෙත ගිහින් ඒ ගැන කතා කළේ. මට හොඳට මතකයි ඔහුට මාත් එක්ක පෞද්ගලිකවම කතා කරන්න ඕන වෙලා තිබ්බ නිසා ඔහු එතැන හිටපු හැමෝටම එතැනින් යන්න කිව්වා. ඉතින් මේ ප්‍රශ්නේ දී ඔහු මට අවශ්‍ය කරන ගෞරවය ලබා දුන්නා. ප්‍රශ්නේ වුනේ එතැන හිටපු නැති අය කටකතා පතුරවපු එක. මම සහ ඔහු අතර සිදුවුන කතාබහේ කිසිම දෙයක් ඔවුන් දැනගෙන හිටියේ නැහැ. 

ඔවුන් මගේ වැටුප ගැන කතා කළා. දෙයක් ලබා නොදෙන ක්‍රීඩකයෙක්ට ගෙවීමක් සිදුකරන්නේ ඇයි වගේ දේවල් ඇහුවා. මම අවුරුදු 18ක් පුරාවට ක්‍රිකට් ක්‍රීඩා කළේ සල්ලි ගැන හිත හිත ද? මම සල්ලි ගැනම හිතුවා නම් මට ඒ වෙනුවෙන් අවස්ථා ගොඩක් ඇවිත් තියෙනවා. නමුත් මම ක්‍රිකට් ක්‍රීඩා කළේ සල්ලි වෙනුවෙන් නෙමෙයි. ඔවුන් සිදුකරපු නරකම දේ තමයි බංග්ලාදේශය ලෝක කුසලානයට ක්‍රීඩා කළේ ක්‍රීඩකයින් නවය හමාරකින් වගේ කටකතා පතුරවපු එක. ඔබ හිතනවා ද මං ඒ වගේ කතාවක් අහන්න ඕනේ ක්‍රීඩකයෙක් කියලා? සමහරවිට මට හොඳ සමුගැනීමක් දෙන්න ක්‍රිකට් ආයතනයට අවශ්‍ය වෙලා තියෙන්න ඇති. ඒත් ඔබ මේ ගැන මගේ පැත්තෙනුත් බලන්න ඕනේ. මම ශ්‍රී ලංකා සංචාරයට යනවා කියලත් එක එක කතා කිව්වා. ඇත්තටම මම ආබාධයකට ලක්වුනේ නැත්නම් මට ශ්‍රී ලංකාවට යන්න තිබුනා. 

එක පාරටම මාව එළියට දාන්න ඔවුන්ට ලොකු හදිස්සියක් තිබුනා. මම දන්න එකම දේ තමයි මට කොච්චර ගැටලු තිබුනත් මම මගේ ජීවිතයම ක්‍රිකට් වෙනුවෙන් කැප කළා. මගේ මූලික බලාපොරොත්තුව වුනේ සල්ලි හම්බකරන එක නම්, මට වෙන ගොඩක් දේවල් කරන්න තිබුනා. විශේෂයෙන් මගේ ක්‍රිකට් ජීවිතයට ආබාධ රැසකින් බාධා එල්ල වෙද්දී, මට බංග්ලාදේශ කෝටි 8ක මුදලක් යෝජනා කරලා තියෙද්දී පවා මම ICL තරගාවලිය ක්‍රීඩා කරන්නවත් ගියේ නැහැ. මම ඒක කළේ නැහැ. මම මගේ ජීවිතයම ගතකළේ ක්‍රිකට් වෙනුවෙන්. සමහරවිට මට ගොඩක් හොඳ ක්‍රීඩකයෙක් වෙන්න බැරිවෙන්න ඇති. නමුත් අඩුම තරමේ මම පොඩි හරි ගෞරවයක් බලාපොරොත්තු වෙනවා. 

ක්‍රීඩක ව්‍යාපාරයට එක්වෙන්න ඔබ ඒ කාලේ එක්දින කණ්ඩායමේ නායකයා වෙලා හිටියත් ඔබට කතා කරලා තිබුනේ නැහැ. ඒ ඔබ දේශපාලනයේ හිටපු නිසා ද? 

මේ ප්‍රශ්නෙට මම කොහොමද උත්තරයක් දෙන්නේ? මොකද මම දේශපාලනයට එක්වුනාට පස්සේ කණ්ඩායමෙන් දුරස් වීමක් සිද්ධ වුනා නම් දැන් මං කණ්ඩායමෙන් ඉවත් වෙලා තියෙද්දී ඒක තවත් වැඩි වෙලා තියෙන්න එපැයි. ඒත් තාම හැමෝම එක්ක මම හොඳට කතාබහ කරනවා. මම දේශපාලනයට ආවට පස්සෙත් මම ඔවුන් එක්ක ගොඩක් තරග ක්‍රීඩා කළා. මම ගොඩක් හොඳට ක්‍රීඩා කළේ නැහැ වගේම සමහර අවස්ථා වලදී Tamim පවා හොඳින් ක්‍රීඩා කළේ නැහැ. එතකොට අපි දෙන්නා එකතු වෙලා ඒක ගැන කතා කළා. නැත්නම් යම්කිසි දුරස් වීමක් තිබුනා නම් අපි එහෙම කරන්නේ නැහැ නේ. 

Tamim පවසා සිටියා ඔබව අමතා සිටියත් ඔබව සම්බන්ධ කරගන්න බැරිවුනා කියලා… 

මම ඒක ගැන හොඳට පැහැදිලි කරන්නම්. ඒ කාලේ මගේ තාත්තා අසනීපෙන් හිටියේ. ඊට දවස් තුනකට කලින් මම Tamim එක්ක බීච් ක්‍රිකට් ගැන කතා කළා. නමුත් ඔවුන් වැඩවර්ජනයක් ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ. ඔහු තමයි මාත් එක්ක ගොඩක්ම දුරකථනයෙන් කතා කරන එකම ක්‍රීඩකයා. සමහරවිට Tamim මට කතා කරන්න ඇත්තේ මේ වෙනුවෙන් වෙන්න පුළුවන්. ඉතින් මගේ තාත්තා අසනීප වුනා. පළමුව කිව්වේ ඔහුට හෘදයාබාධයක් කියලා. ඉතින් මම දුරකථනය විසන්දි කරලා තිබුනේ. මගේ තාත්තාව මුලින්ම ඇතුළත් කරලා තිබුනේ Cantonment රෝහලට. පස්සේ ඔහුව Apollo රෝහලට අරන් යන්න සිදුවුනා. ඉතින් මම ‘online’ හිටියේ නැහැ. Tamim කතා කරද්දී මම හිටියේ රෝහලේ. ඉතින් මම හිතුවා Tamim මට කතා කරන්නේ බීච් ක්‍රිකට් වෙනුවෙන් මුදල් ගැන කතා කරන්න කියලා. 

ක්‍රිකට් ක්‍රීඩාවේ ඔබ ගත්ත ලොකුම තීරණ දෙකක් වෙන පන්දුවාර 20 තරග වලින් විශ්‍රාම ගැනීම වගේම එක්දින නායකත්වයෙන් ඉවත් වීමත් ඔබ ගත්තේ හදිස්සියකින් වගේ. ඒකට හේතු මොනවා ද? 

මම ජීවිතයේ ගත්ත හැම තීරණයක්ම එක පාරටම ගත්ත ඒවා වගේ. ඒක ගැන මට ආඩම්බරයි. මොකද එහෙම තමයි මම මගේ තීරණ හරහා සාර්ථක වුනේ. මම මුලින්ම මගේ පවුලේ අයට කියලා පස්සේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ට කියනවා. නමුත් මම කිසිම දෙයක් කිසිම පුහුණුකරුවෙක්ට කියලා නැහැ. මොකද වටපිටාව ගොඩක් වැදගත්. ඉතින් මම හිතුවා ඒක ප්‍රමාණවත් කියලා. මම මොකක්හරි ගැන හිතද්දී මම කිසිම කෙනෙක්ට සවන් දෙන්නේ නැහැ. මම දැන් හිතන්න පුළුවන් මම ක්‍රීඩා කරනවා කියලා. ඒත් හෙට උදෑසන අවදි වුනාට පස්සේ හිතුනොත් මට ක්‍රීඩා කරන්න තත්වයක් නැහැ කියලා මම ඒකෙන් ඉවත් වෙනවා. 

Photo Story: No කතා; කෙළින්ම විකට් එකේ!!

ක්‍රිකට් තරගයක දී ක්‍රීඩකයෙක් දැවී යා හැකි ආකාර බොහොමයක් තිබුනත් Stumps (විකට් ඉනි) මුල් කරගනිමින් සිදු

නායකයෙක් විදිහට කරන්න සිදුවෙන අපහසුම දේ මොකක්ද? 

Tamimට දැන් නායකයා විදිහට ගොඩක් සැලසුම් කරන්න වෙනවා. Mushfiqur, Riyad සහ Shakib දැන් එතකොට ක්‍රීඩා කරන්නේ Tamimගේ නායකත්වය යටතේ. ඒ කියන්නේ එතැන හිටපු නායකයින් 3 දෙනෙක්ම ඉන්නවා. ඉතින් ඔවුන්ව හරිහැටි කළමනාකරණය කරගන්න වෙන එක එකදෙයක්. ඊට පස්සේ කණ්ඩායමේ තරුණ, නවක ක්‍රීඩකයින් ඉන්නවා. ඒක එච්චරම අපහසු දෙයක් නොවුනත් ඔවුන්ව නිසිපරිදි කළමනාකරණය කරගන්න වෙනවා. ඒක මඟහරින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔහුට ඔවුන්ගේ යෝජනා ලබා ගෙන ඒවා සලකා බලන්න වෙනවා. මම එක්දින නායකයා විදිහට හිටපු කාලය තුළ මම යෝජනා අරගෙන ගොඩක් අවස්ථා වලදී ඔවුන්ගේ තීරණ එක්ක එකඟ වෙලා තියෙනවා. සමහර වෙලාවට ඔබ පීඩනයෙන් ඉන්න කොට ගොඩක් දේවල් වෙන්න පුළුවන්. අනෙක් අයට වෙනස් ආකල්ප තියෙන්න පුළුවන්. ඉතින් අනිත් අය දෙයක් කිව්වම අපිට ඔවුන්ව විශ්වාස කරන්න වෙනවා. ඔබට ඔබේ ක්‍රීඩකයින් ගැන විශ්වාසයක් තිබිය යුතුයි. සමහර වෙලාවට ඒ තමන්ගේ පළවෙනි තරගය ක්‍රීඩා කරන ගොඩක් තරුණ ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහුට කණ්ඩායමට දෙයක් ලබා දෙන්න පුළුවන් කමක් තියෙන්න පුළුවන්. ඉතින් ඔහුට නායකයෙක් විදිහට ඒ මානසික නම්‍යශීලී බව තියෙන එක අවශ්‍යයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<