කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
මිලින්ද නොදැවී 137යි

ඒ අනුව ඉදිරි තරගවල දී ද මේ අයුරින් දක්ෂතා අතරට පැමිණියහොත් අපට නැවතත් ධම්මිකව ජාත්‍යන්තර තරග තුල දැකිය හැකිවනු ඇත. මීට අමතරව ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A මට්ටමේ තවත් තරග 5ක් නිසා ඊයේ දේශීය ක්‍රිකට් පිටිය උණුසුම් විය.
සිංහල ක්‍රීඩා සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 444 (පන්දුවාර 94) ශම්මු අශාන් 107, මිලින්ද සිරිවර්ධන 137*, දිමුත් කරුණාරත්න 83, කෞෂාල් සිල්වා 42, කවිඳු කුලසේකර 39*, චතුර රන්දුනු 1/71.
සැරසන්ස් ක්‍රීඩා සමාජය – කඩුලු 7ක් දැවී ලකුණු 192 (පන්දුවාර 47) හර්ෂ කුරේ 53*, ඇන්ඩි සොලමන්ස් 27, මින්හාජ් ජලීල් 25, සචිත්‍ර පෙරේරා 24*, ධම්මික ප්‍රසාද් 3/58, විමුක්ති පෙරේරා 2/28
සම්පූර්ණ වාර්තාව: ධම්මික ප්‍රසාද් නැවතත් ජාත්‍යන්තර පිටියට පිවිසීමට කොළ එළි දල්වයි!
ලසිත් කෲස්පුල්ලේ අර්ධ ශතකයක් ලබා ගනී

මීගමුව ක්‍රීඩා සමාජ පළමු ඉනිම – 223/10 (74): අමිල වීරසිංහ 70, ප්‍රමිත් ප්‍රනාන්දු 51, ලසිත් කෘෘස්පුල්ලේ 20, රජීව වීරසිංහ 5/43, නවීන් කවිකාර 4/55.
ලංකන්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 136/10 (52.1): චානක රුවන්සිරි 37, ශසින් ප්‍රනාන්දු 24, තුශිර මදනායක 24, නවීන් කවිකාර 21, ශෙහාන් වීරසිංහ 3/33, චනුර ප්‍රනාන්දු 3/41, උමංග චතුරංග 3/50.
මීගමුව ක්‍රීඩා සමාජය දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 156/5 (48): ලසිත් කෘෘස්පුල්ලේ 63, අකීල් ඉන්හාම් 33*, ශෙහාන් වීරසිංහ 32*.
සම්පූර්ණ වාර්තාව: කුසල්ගෙන් ශතකයක්
ප්‍රබල හොංකොං හමුවේ ශ්‍රී ලංකාව නැවතත් පරාදයි

පළමු අර්ධය : හොංකොං 14 – ශ්‍රී ලංකාව 07
තරග ප්‍රතිඵලය : හොංකොං 40 (P6, C5) – ශ්‍රී ලංකාව 07 (P1,C1)
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාවේ ලෝක ශූරතා සිහිනයට හොංකොං හරස් වෙයි
මහනුවර අපරාජිතව ප්‍රථම වටය නිමා කරයි

පළමු අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 06 – 03 මහනුවර ක්‍රීඩා සමාජය
සම්පූර්ණ කාලය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 09 (3P) – 20 (3T 1C 1P) මහනුවර ක්‍රීඩා සමාජය
ThePapare.com තරගයේ වීරයා: ෂෙහාන් පතිරණ (මහනුවර ක්‍රීඩා සමාජය)
සම්පූර්ණ වාර්තාව: හැව්ලොක් අභියෝගයට මහනුවරින් ප්‍රබල පිළිතුරක්
වොලිබෝල් කිරුළු විදුලිබලයට සහ ගුවනට

එහි දී යුද හමුදාව සහ විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජ අතර පැවති තරගයෙන් විදුලිබල මණ්ඩල කණ්ඩායම පිරිමි ශූරතාවය ජයග්‍රහණය කළ අතර කාන්තා ශූරතාවය දිනා ගත්තේ ගුවන් හමුදා කණ්ඩායමයි. ඒ නාවික හමුදා කණ්ඩායම පරාජය කරමිනි.




















