Crystal Palace හමුවේ Saunders පසු බසී

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

161
Champions League 2022 week 13

ශූරයින්ගේ ලීගයේ 13 වැනි සතියේ අද (11) තවත් එක් තරගයක් පැවැත්වුණේ Crystal Palace SC සහ Saunders SC අතරයි.

මහනුවර බෝගම්බර පිටියේ දී පැවති මෙම තරගයෙන් ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට Crystal Palace ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ ප්‍රථම අර්ධයේ දී කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කරන්නට සමත් නොවූ අතර දෙවැනි අර්ධය ආරම්භ වී කෙටි වේලාවක් ගත වෙද්දී ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට Crystal Palace ක්‍රීඩක Acquaye Michael සමත් වුනා.

ඉන් අනතුරුව තරගයේ අවසානයට ආසන්න වෙද්දී ලකුණු පුවරුව දෙගුණ කරමින් තවත් ගෝලයක් Crystal Palace වෙත එකතු කරන්නට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට එකතු වූ Prem Kumar සමත් වුනා.

ඒ සමඟ තවත් ගෝල කිසිවක් වාර්තා නොවූ අතර තරගය අවසන් වුනේ Crystal Palace ක්‍රීඩකයින් සාර්ථකව තරගාවලිය අවසන් කරමිනුයි.

අවසන් ලකුණු තත්වය: Crystal Palace SC 2 – 0 Saunders SC

ගෝල ලාභීන්:

  • Crystal Palace – Acquaye Michael (59’), Prem Kumar (84’)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<