නිදහස් කුසලානයේ බංග්ලාදේශ වගකීම් ශකීබ්ට

244

ලොව අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ශකීබ් අල් හසන් ලබන 6 වැනිදා ආරම්භ වන නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දරනු ඇත.  එසේම බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා තාවකාලිකව කර්ට්නි වොල්ෂ් මහතා පත්කර ඇත.

[rev_slider LOLC]

නමුත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති වන නස්මුල් හසන් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ශකීබ් අල් හසන්ගේ ආබාධය සම්පූර්ණ සුව වීමට තවත් දින කිහිපයක් යනු ඇති බවත් ඒ නිසාවෙන් නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක් තරගයකට හෝ තරග දෙකකට බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දැරීමට ශකීබ් හට හැකියාව ලැබෙනු ඇති බවයි.

ශකීබ් හට නිදහස් කුසලාන තරගාවලියේ මඟ හැරෙන තරග සඳහා මහමදුල්ලා නායකත්වය දරනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරගාවලිය අතරතුර ශකීබ් අල් හසන් වමතේ ආබාධයකට ලක්විය. ඒ නිසාවෙන් 30 හැවිරිදි ශකීබ් අල් හසන් හට ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වූ ටෙස්ට් තරග සියල්ලම හා එක්දින තරග කිහිපයක්ම මඟ හැරිණි.

ප්‍රබලයින් හලා ඉන්දීය කණ්ඩායම මෙරටට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක විරාත් කෝලි ඇතුළු ප්‍රබලතම ක්‍රීඩකයින් හය දෙනකු…

නිමාවූ සංචාරයට සාපේක්ෂව මෙවර සංචිතය තුළ වෙනස්කම් පහක් සිදුකර ඇති අතර ශකීබ් අල් හසන්, තමීම් ඉක්බාල්, ඉම්රුල් කයිස්, නුරුල් හසන්, මෙහෙදි හසන් මෙවර සංචිතයට කැඳවා ඇති අතර මොහොමඩ් සයිෆුඩීන්, සාකීර් හසන්, අටීෆ් හුසෙන්, මොහොමඩ් මිතුන් මෙවර සංචිතයෙන් ඉවත් කර ඇත.

බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කළ චන්දික හතුරුසිංහ මහතා එම තනතුරින් ඉවත්වූ පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තේරී පත්විය. ඒ නිසාවෙන් හිස්වූ බංග්ලාදේශ පුහුණුකරු තනතුර සඳහා ස්ථිර පත්වීමක් පත්කිරීමට තවමත් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් සමත් වී නැත.

නිදහස් කුසලානයට මැතිව්ස් එයි ද? බලධාරීන් බලාපොරොත්තුවෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් හට මෙම සති අන්තයේ ලැබුණු හොඳ ප්‍රවෘත්ති අතරට ආබාධයන්ට…

විස්සයි විස්ස තරගාවලියක් වන නිදහස් කුසලාන තරගාවලිය මාර්තු මස 6 වැනිදා සිට 18 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 70 වන සමරුව වෙනුවෙන් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියකි.

 මේ තරගාවලියට සහභාගී වන ඉන්දීය කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම ලබන 4 වැනිදා මෙරටට පැමිණෙනු ඇත.

නිදහස් කුසලානයට සහභාගි වන බංග්ලාදේශ සංචිතය – ශකීබ් අල් හසන් (නායක), මහමදුල්ලා, තමීම් ඉක්බාල්, සෞම්‍ය සරික්කාර්, මුශුෆිර් රහීම්, සබීර් රේමාන්, මස්ටෆයිසුර් රහමාන්, රුබෙල් හුසේන්, අබු ජයිඩ්, ඉම්රුල් කයිස්, නුරුල් හසන්, මෙහෙදි හසන්, අරිෆුල් හක්, නස්මුල් ඉස්ලාම්, අබු හයිඩර්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<