කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
බංග්ලාදේශ අභියෝගයට ශ්‍රී ලංකාවෙන් පිළිතුරු

බංග්ලාදේශය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 513 (129.5): තමිම් ඉක්බාල් 52, ඉම්රුල් කයිස් 40, මොමිනුල් හක් 176, මුශ්ෆිකර් රහීම් 92, මහමදුල්ලා නොදැවී 83, මෙහෙදි හසන් 20, සුන්සාමුල් ඉස්ලාම් 24, සුරංග ලක්මාල් 3/68, රංගන හේරත් 3/150, ලක්ෂාන් සඳකැන් 2/92
ශ්‍රී ලංකාව; පළමු ඉනිම කඩුල්ලක් දැවී 187 (48.0): කුසල් මෙන්ඩිස් නොදැවී 83, ධනංජය ද සිල්වා නොදැවි 104
සම්පූර්ණ වාර්තාව: ධනංජය සහ කුසල් ගෞරවනීය ඉනිමක් දියත් කරති
පවන් රත්නායක ශතකයක් වාර්තා කරයි

එහි දී මහානාම විද්‍යාලය වෙනුවෙන් පවන් රත්නායක (175) හා පවන්ත විරසිංහ (132) ශතක රැස්කර ගන්නා විට සාන්ත ආනා විද්‍යාලයේ දිනෙත් චන්දිමාල් සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව ලකුණු 114ක් ලබා ගත්තේය. ඊට අමතරව මහින්ද විද්‍යාලයේ හංසික වැලිහිඳ ශතකයක් වාර්තා කරන ලදි.
මහානාම විද්‍යාලය – 403/6d (95.1): පවන් රත්නායක 175, පවන්ත විරසිංහ 132, පවන්ත රොද්‍රිගෝ 30.
සම්පූර්ණ වාර්තාව: ක්‍රිකට් පිටිය උණුසුම් කළ ශතක 4ක්
NCC වෙනුවෙන් ඇන්ජෙලෝ සුපිරි පිතිකරණයක

එහි දී විශිෂ්ට ශතක ත්‍රිත්වයක් රැස් කරගත් ඇන්ජෙලෝ පෙරේරා, ලසිත් අබේරත්න සහ රමේෂ් මෙන්ඩිස් ඊයේ දිනයේ පිතිකරණ වීරයින් බවට පත්වූහ. මීට අමතරව ජීවන් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 6 බැගින් බිඳ හෙලමින් ඊයේ දිනයේ වැඩිම කඩුලු ප්‍රමාණයක් බිඳ හෙලූ පන්දු යවන්නන් දෙදෙනා බවට පත්විය.
සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 347 (පන්දුවාර 93.1): මිලින්ද සිරිවර්ධන 70, දසුන් ශානක 63, චරිත් අසලංක 56, ශම්මු අශාන් 40*, චාමර කපුගෙදර 33, මිනෝද් භානුක 28, ෆර්වීස් මහරූෆ් 2/59, ලසිත් ඇඹුල්දෙණිය 5/81, චාමික කරුණාරත්න 2/86.
NCC – සියල්ලන්ම දැවී ලකුණු 298 (පන්දුවාර 82.2): ඇන්ජෙලෝ පෙරේරා 107, මහේල උඩවත්ත 46, සඳුන් වීරක්කොඩි 44, චතුරංග ද සිල්වා 38, තරිඳු කෞෂාල් 21, ධම්මික ප්‍රසාද් 4/37, දසුන් ශානක 3/29, ජෙෆ්රි වැන්ඩර්සේ 2/113.
සම්පූර්ණ වාර්තාව: ඇන්ජෙලෝ, ලසිත් සහ රමේෂ්ගෙන් ශතක ත්‍රිත්වයක්!





















