කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ශ්‍රී ලංකාව ආසියානු කුසලානයෙන් ඉවතට

ආසියානු ක්‍රිකට් තරගාමාලාවේ තමන් සහභාගී වූ 50 වැනි තරගය කඳුළුන් සැමැරූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇෆ්ගනිස්තානය ඉදිරියේ පරාජය වූ හ. ඔවුන් මෙම පරාජය ලබන්නේ නිමා වූ 2014 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ද ශූරයන් ලෙසිනි. මෙම තරග පරාජයත් බංග්ලාදේශය වෙතින් ලත් පරාජයත් හේතුවෙන් ශ්‍රී ලංකාව 2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් එළියට ද වීසි වුණි.
සම්පූර්ණ වාර්තාව: සාර්ථක ආරම්භයක් කඳුලෙන් පුරවමින් සවුදිය ශ්‍රී ලංකාව හඬවයි
සවුදි ක්‍රීඩකයින්ගෙන් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක්

දිනයේ සිව්වැනි තරගය ලෙස සත්කාරක ශ්‍රී ලංකාව හා ප්‍රබල සවුදි අරාබිය තරග වැදුණු අතර ශ්‍රී ලංකාවේ අපරාජිත වාර්තාව බිඳ දමමින්, සාර්ථක ආරම්භයක් සුනුවිසුනු කර වට 3-1ක ජයක් හිමි කර ගන්නට ප්‍රබල සවුදි ක්‍රීඩකයෝ සමත් වූහ. තරගයේ පළමු වටයේ ශ්‍රී ලංකාව දක්ෂ ලෙස ක්‍රීඩා කළත්, ප්‍රබල සවුදි ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවෙන් නොසිතූ ලෙස ජය උදුරා ගන්නා ලදි.
සම්පූර්ණ වාර්තාව: සාර්ථක ආරම්භයක් කඳුලෙන් පුරවමින් සවුදිය ශ්‍රී ලංකාව හඬවයි
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දෙවැනි තරගයත් පරාදයි

තරගයේ මුල් මිනිත්තු කිහිපයේ දී ප්‍රබල ජෝර්දාන් කණ්ඩායමට හොඳ අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි විය. ජෝර්දානය දුර සිට පහරවල් එල්ල කිරීමට වැඩි කැමැත්තක් දක්වන බව පෙනී ගිය අතර ශ්‍රී ලංකා ආරක්ෂක පෙළ ක්‍රීඩිකාවන් ද ඉතා සාර්ථකව එම ප්‍රහාර වළක්වාලන ලදි.
සම්පූර්ණ වාර්තාව: පිට පිට දෙවැනි වරටත් ශ්‍රී ලංකාවට පරාජයක්





















