කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ශ්‍රී ලංකාවට ලැජ්ජා සහගත පරාජයක්

ඊයේ (15) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අවසන් වූ මෙම තරගයේ දී බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක නිරත වූ මුෂ්ෆිකර් රහීම් තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණි. මෙය බංග්ලාදේශය කණ්ඩායමක් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක දී ශ්‍රී ලංකාව පරාජය කළ දෙවැනි අවස්ථාවයි.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංගලි නාගයන් කුලප්පු කරති
ශ්‍රී ලංකාවට යලිත් තෙවැනි තැන

ඊයේ උදෑසන පළමු වටයේ සිය අවසන් තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ චීන තායිපේ කණ්ඩායම ලකුණු 33-12ක් ලෙස පරාජය කරමින් කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට සමත් විය. අනතුරුව ශ්‍රී ලංකාව හා හොංකොං අතර කුසලාන අවසන් පූර්ව තරගය පැවති අතර නොසිතූ ලෙස හොංකොං හමුවේ පරාජය වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.
සම්පූර්ණ වීඩියෝව: ශ්‍රී ලංකාව නැවත වතාවක් තෙවන ස්ථානයේ නවතී
ශ්‍රී ලංකාවෙන් හොංකොංට හොඳ සංග්‍රහයක්

තරගාවලිය සඳහා ආසියානු වොලිබෝල් ශ්‍රේණිගත කිරීම්වල 9 වන ස්ථානයේ සිට 16 වන ස්ථානය දක්වා රටවල් සහභාගී වන අතර ශ්‍රී ලංකාවට අමතරව මැලේසියාව, හොංකොං සහ සෞදි අරාබිය A කාණ්ඩය යටතේ ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය, ඉරාකය සහ මොංගෝලියාව යන කණ්ඩායම් B කාණ්ඩය යටතේ ද තරග කරයි.
සම්පූර්ණ වාර්තාව: සත්කාරක ශ්‍රී ලංකාවෙන් ආගන්තුක හොංකොංට හොඳ පිළිගැනීමක්











