කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (13) දිවයින පුරා පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී පළමු දිනය වෙනුවෙන් පැවැත්විය. එහි දී ක්‍රියාත්මක වූ තරගවල දී ක්‍රීඩකයින් කිහිපදෙනක්ම ශතක හා අර්ධ ශතක ලබාගෙන දස්කම් ප්‍රදර්ශනය කළේය.
සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 248 (77.2): මිහිශාල් අමෝද 122, ගිශාන්තික ජයවීර 45, කවිඳු රිද්මාල් 28*, නිපුන් රුචිර 24, නවීන් රසාංග 3/29, කවිඳු නදීශාන් 3/97.
ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 48/1 (20)
සම්පූර්ණ වාර්තාව: ශතක හා අර්ධ ශතක රැසකින් වර්ණවත් වූ පාසල් ක්‍රිකට් පිටිය

චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන ඉන්දීය පන්දු යවන්නියන්ට හිසරදයක් වෙමින් සිටිය දී අහිමි කර ගත් කඩුලු සබඳතාවත් සහ ඉනිමේ වාර්තා වූ දුවද්දී දැවී යෑම් නිසාත් ඊයේ (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූ ඉන්දු – ශ්‍රී ලංකා කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 7ක තියුණු පරාජයක් විඳ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වුනා.
ඒ අනුව පෙර තරගයෙන් ද කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගය දන් දෙති
ධනුෂ්ක වෙනුවට වෙනත් අයෙක්

14 වන වරටත් පැවැත්වෙන 2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා සංචිතය සැප්තැම්බර් මස පළමු වැනිදා නිකුත් කළ අතර ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙස සිටි ශෙහාන් ජයසූරිය, ධනුෂ්ක ගුණතිලක වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට එකතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුව තීරණය කර ඇත.
සම්පූර්ණ වාර්තාව: ධනුෂ්ක ගුණතිලකට ආබාධයක්; වෙනත් අයෙක් සංචිතයට






















