ශතක හා අර්ධ ශතක රැසකින් වර්ණවත් වූ පාසල් ක්‍රිකට් පිටිය

261

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (13) දිවයින පුරා පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී පළමු දිනය වෙනුවෙන් පැවැත්විය.

15න් පහළ අවසන් පූර්ව තරගයට කොළඹ පාසල් 4ක්

සිංගර් කුසලාන වයස අවුරුදු 15න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග ඊයේ (12) දිනයේ දී අවසන් වීමත් සමඟම එහි අවසන් පූර්ව තරග සඳහා තරග…

මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 248ක් ලබා ගත්තේය.

මිහිශාල් අමෝද ඉතාමත් දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ශතකයක් රැස් කළේය. ගිශාන්තික ජයවීර ලකුණු 45යි. ඊට අමතරව සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම සවිමත් කළ කවිඳු රිද්මාල් හා නිපුන් රුචිර පිළිවෙළින් ලකුණු 28*ක් හා ලකුණු 24ක් ලබා ගත්හ. නවීන් රසාංග හා කවිඳු නදීශාන් කඩුලු 3 බැගින් දවා ගනිමින් දස්කම් දැක්වූහ.

පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන ධර්මාශෝක විද්‍යාලය පළමු දිනය අවසානයේ දී එක් කඩුල්ලක් දැවී ලකුණු 48ක් ලබාගෙන සිටියි.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 248 (77.2): මිහිශාල් අමෝද 122, ගිශාන්තික ජයවීර 45, කවිඳු රිද්මාල් 28*, නිපුන් රුචිර 24, නවීන් රසාංග 3/29, කවිඳු නදීශාන් 3/97.

ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 48/1 (20)

තියුණු අවසානයක් සමඟින් ජයග්‍රහණය මහානාම විද්‍යාලයට

ක්‍රිකට් ක්‍රීඩාවෙන් අනාගතයේ ලොව ජය ගැනීමට අපේක්ෂාවෙන් සිටින පාසල් ක්‍රීඩකයින් හට වර්තමානයේ හො ඳ වේදිකාවක් තනා දෙන වයස අවුරුදු 15න් පහළ පළමු පෙළ පාසල් ….

තර්ස්ටන් විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය

රනේෂ් සිල්වා, බවන්ත ජයසිංහ හා පෘථිවි රූසර යන ක්‍රීඩකයින්ගේ අර්ධ ශතකවලින් වර්ණවත් වූ මේ තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කෝට්ටේ ජනාධිපති විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 65ක් ලබාගෙන සිටියි.

තර්ස්ටන් ක්‍රිකට් පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 321ක් රැස්කරගෙන සිය ඉනිම අත්හිටුවන ලදි.

රනේෂ් සිල්වා ලකුණු 59ක් ලබාගෙන තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙද්දී, බවන්ත ජයසිංහ නොදැවී ලකුණු 57*ක් ලබාගෙන දක්ෂ පිතිකරණයක නිරත විය. ඊට අමතරව පෘථිවි රූසර අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම – 321/8d (72.1): රනේෂ් සිල්වා 59, බවන්ත ජයසිංහ 57*, පෘතුවි රූසර 54, ශාලක බණ්ඩාර 41, යොහාන් ලියනගේ 28, ඉරංග හෂාන් 4/64, කසුන් මාලිංග 2/19.

කෝට්ටේ ජනාධිපති විද්‍යාල පළමු ඉනිම – 65/1 (20):

ඉන්දීය පන්දු රැකීමේ සහය පුහුණුකරු තනතුර ශ්‍රී ලාංකිකයෙක්ට

ශ්‍රී ලංකා A කණ්ඩායමේ පන්දු රැකීමේ හිටපු පුහුණුකරු වන නුවන් සෙනෙවිරත්න ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහය පන්දු රැකීමේ පුහුණුකරු ලෙස බඳවා ගැනීමට ඉන්දීය…

කුරුණෑගල මලියදේව විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය

බණ්ඩාරගම මහජන ක්‍රිකට් පිටියේ ඉහළ නැගුණු කාසියේ වාසිය දිනා ගත් සංචාරක මලියදේව විද්‍යාලය පළමුව පන්දුවට පහර දී ලකුණු 201ක තරගකාරී ලකුණු පුවරුවක් ගොඩනගන ලදි.

වමතින් පිත්ත හසුරුවන ගයන්ත වික්‍රමතන්ත්‍රී ලකුණු 45ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙද්දී, කවීන් බණ්ඩාර හා බ්‍රයන් කරුණානායක පිළිවෙළින් ලකුණු 39ක් හා ලකුණු 32ක් ලබාගෙන මලියදේව පළමු ඉනිම ගොඩනැංවීමට දායකත්වය ලබා දුන්හ. පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක තරිඳු නවෝද්‍ය ලකුණු 60කට කඩුලු 4යි.

අනතුරුව සිය පළමු ඉනිම දියත් කළ ඩී. එස්. සේනානායක විද්‍යාලය තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 239ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල තැනක පසුවේ.

අභිෂේක් ලියනාරච්චි ශතකයක් ලබාගෙන ඔවුන්ගේ ලකුණු පුවරුව සවිබල ගැන්වීමට සමත් විය. නොදැවී ක්‍රීඩා කරන ටෙරෝන් බාස්කරන් හා මුදිත ලක්ෂාන් පිළිවෙළින් ලකුණු 46*ක් හා ලකුණු 44*ක් ලබා ගන්නා ලදි.

මලියදේව විද්‍යාල පළමු ඉනිම – 201 (49.1): ගයන්ත වික්‍රමතන්ත්‍රී 45, කවීන් බණ්ඩාර 39, බ්‍රයන් කරුණානායක 32, සුපුන් සුමනරත්න 25, තරිඳු නවෝද්‍ය 4/60, අමිත දාබරේ  2/08.

ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 239/2 (43): අභිෂේක් ලියනාරච්චි 101, ටෙරෝන් බාස්කරන් 46*, මුදිත ලක්ෂාන් 44*, අමිත දාබරේ 38.

පළමු දිනයට ක්‍රියාත්මක වූ මේ තරග සියල්ලම හෙට (14) දෙවන දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වෙනු ඇත. එතෙක් රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<