ගෙවුණු දවස මැයි 03 – SAJAC ශ්‍රී ලංකා නායකත්වය අරුණට

111

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

පාණ්ඩ්‍යා සහ කාර්තික් කොදෙව්වන්ට එරෙහි වෙයි

ඉන්දියානු තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා හා කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික් ICC ලෝක ක්‍රිකට් කණ්ඩායමට (ICC World XI) ක්‍රීඩා කිරීමට කැමැත්ත පලකර තිබේ.

මේ පිළිබඳ මධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (3) අදහස් දක්වා තිබුණි. පසුගිය වසරේ හරිකේන් තත්වයක් නිසා හානි වූ කැරිබියන් දූපත් යලි යථා තත්වයට පත් කිරීමට ආධාර එකතු කිරීමේ අරමුණින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩයම හා ලෝක විස්සයි විස්ස කණ්ඩයම අතර සුහද ක්‍රිකට් තරගයක් මැයි 31 වැනිදා එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

සම්පූර්ණ වාර්තාව: ලෝක විස්සයි විස්ස කණ්ඩායමට තවත් දෙන්නෙක්

මලල ක්‍රීඩා –

දකුණු ආසියානු තරගාවලිය හෙටින් ඇරඹේ

ஷானுக்க, அமாஷா, அருண தர்ஷன

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගී වන 83 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වයට මීටර 400 ධාවන ශූරයෙකු වන අරුණ දර්ශන පත් කර තිබේ. දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය එළඹෙන මැයි 5 හා 6 යන දිනවල දී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

අකුරම්බොඩ වීර කැප්පෙටිපොල මහා විද්‍යාලයේ ඉගනුම ලබන අරුණ දර්ශන නිමා වූ ජාතික කනිෂ්ඨ ශූරතා තරගාවලියේ දී නව තරගාවලි වාර්තා දෙකක් සමඟින් මීටර 400 ඉසව්ව (තත්පර 46.59) හා මීටර 200 ඉසව්ව සිය ග්‍රහණයට නතු කරගැනීමට සමත් විය. දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී ඔහු මීටර 200, 400 මෙන්ම 4X400 සහය දිවීමේ ඉසව්වෙන් ද ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතයි.

සම්පූර්ණ වාර්තාව: නායකත්වයේ වගකීම් අරුණට

දිනයක අවසානය