නීති විරෝධි වැඩ කළ ක්‍රීඩකයාට ක්‍රිකට් තහනම්

73

රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනාකමින් යුත් නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ඇති බවට චෝදනාව මත අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේගපන්දු යවන ක්‍රීඩකයෙක්ව ලබන මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා පසුගිය දා (24 වැනිදා) නියෝග කළේය. 

පන්දුව ඔප දාන්න ඛේටය භාවිතා කිරීම සදාකාලික තහනමක් ද?

වයස අවුරුදු 25ක් වන මේ ක්‍රීඩකයා සිය මංගල එක්දින තරගයේ දී ම කඩුලු ත‍්‍රිත්වයක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකි. කෙසේ නමුත් ඔහුට ඉන් අනතුරුව කණ්ඩායමේ නිසි ස්ථානයක් දිනා ගැනීමට අවස්ථාවක් නොලැබුණි. ඔහු මේ වන විට එක් ජාත්‍යන්තර එක්දින තරගයක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දෙකක දී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක එම ක්‍රීඩකයා හට සියලුම ආකාරයේ ක්‍රිකට් තරග රටාවන් සඳහා ක්‍රීඩා කිරීමට නොහැකි වන ලෙස තාවකාලික තහනමක් පැනවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

“ඔහුගේ පැත්තෙන් නම් අපිට තවමත් නිල තහවුරු කිරීමක් කරලා නැහැ මේ ගැන. ඔහු අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න කොන්ත්‍රාත්තුගත ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඔහු මේකට වැරදිකරු කියල ගරු උසාවිය තීරණය කළොත් අපි අනිවාර්යයෙන්ම ඔහුගේ කොන්ත්‍රාත්තුව තහනම් කරනවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා අද දෙරණ සමඟ පැවසීය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<