පන්දුව ඔප දාන්න ඛේටය භාවිතා කිරීම සදාකාලික තහනමක් ද?

78

කොරෝනා වයිරසයේ පැතිර යාමත් සමඟින් බොහෝ ක්‍රීඩා සංවිධාන තමන්ගේ ක්‍රීඩා නැවත ආරම්භ කිරීමට පෙර සලකා බැලිය යුතු සෞඛ්‍ය ආරක්ෂක තත්ත්වයන් පිළිබඳව බොහෝ අවධානය යොමුකර ඇත. ඒ අනුව බොහෝ නීති වෙනස් කිරීමට ද එම ආයතන මේ වන විට සැලසුම් සකස් කරමින් සිටී. 

ක්‍රිකට් ක්‍රීඩාව තුල එලෙස නීතිරීති කීපයක් වෙනස් වීමට නියමිත බව මීට පෙර බොහෝ මාධ්‍ය වාර්තා කළ අතර ඉන් ප්‍රධාන තැනක් ගෙන තිබුණේ පන්දුව ඔපදැමීමේ ක්‍රියාවලියේ වෙනසයි. 

පාකිස්තානු හිටපු ආරම්භක පිතිකරුවෙක්ට කොරෝනා වැළඳෙයි

එලෙස පන්දුව ඔපදැමීම මඟින් වේගපන්දු ‍යවන්නන්ට අවශ්‍ය දෝලනය ලබා ගත හැකි වන අතර මීට පෙර ඒ සඳහා ඛේටය හෝ දහඩිය භාවිතා කෙරිණි. 

මෙම කොරෝනා වසංගතය අතරතුර ක්‍රිකට් පන්දු ඔපදැමීම සඳහා ඛේටය හා දහඩිය භාවිතය තහනම් කිරීම තාවකාලික පියවරක් වනු ඇතැයි ක්‍රීඩා පාලක මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් පසුගිය ඉරිදා (23) අවධාරණය කළේය.

COVID-19 සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා මෙලෙස ඛේටය භාවිතය තහනම් කළ යුතු ද යන්න පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළඹෙන ජුනි මාසයේ දී ඡන්දය ප්‍රකාශ කරන බව පසුගිය සතියේ පවසා තිබුණි.

වේගපන්දු යවන්නන් සාම්ප්‍රදායිකව දහඩිය හෝ ඛේටය මගින් පන්දුවේ එක් පැත්තක් ඔපදමන අතර එමඟින් පන්දුව වාතයට මුදාහැරීමේ දී දෝලනය ලබාගනී.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් අනාගතය ගැන සුබ ආරංචියක්

ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව උදෙසා ගත් මෙම පියවර නිර්දේශ කළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ක්‍රිකට් කමිටුවේ සභාපති අනිල් කුම්බ්ලේ පැවසුවේ ඛේටය හා දහඩිය භාවිතය ස්ථිරවම තහනම් කළ නොහැකි බවයි.

“මෙය අතුරු පියවරක් පමණයි. මාස කිහිපයක් හෝ අවුරුද්දක් ඇතුළත COVID පාලනය කළ හැකි තාක් කල් මේ නීතිය පවතීවි. මම සිතන්නේ දේවල් හැකි තරම් ඉක්මනින් යථා තත්ත්වයට පත්වේවි” යැයි කුම්බ්ලේ ස්ටාර් ස්පෝර්ට්ස් රූපවාහිනී නාලිකාවට පැවසීය.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ හිටපු දඟපන්දු යවන්නා යෝජනා කළේ ක්‍රිකට් නියාමකයින්ට විකල්ප ද්‍රව්‍ය සඳහා දොරටු විවර කිරීමට අවශ්‍ය නැති නිසා මෙම ඛේටය හා දහඩිය භාවිතය ස්ථීර ලෙස බැහැර කළ නොහැකි බවයි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පන්දු නිෂ්පාදක සමාගමක් වන Kookaburra විසින් මෙම ඔපදැමීම සඳහා යොදා ගත හැකි ඉටි ද්‍රව්‍යයක් පිළිබඳව පරීක්ෂණ කරමින් සිටින අතර එය ක්‍රීඩකයන්ට ඛේටය හෝ දහඩිය භාවිතා නොකර පන්දුව ඔපදැමීමට ඉඩ සලසයි. එමඟින් COVID-19 සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුව වී ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ වර්තමාන නීතිවලට අනුව පන්දුව වෙනස් කිරීමට හෝ පළුදු කිරීමට සඳහා කෘතිම ද්‍රව්‍ය භාවිතා කිරීම තහනම් කර ඇත. නමුත් පන්දු යවන්නන් පන්දුව කෙළ ගසා ඔවුන්ගේ ඇඳුම් ඇතිල්ලීමෙන් කිරීමෙන් ඔබ්බට ගිය පන්දු පළුදු කිරීමේ අවස්ථා පිළිබඳව දීර්ඝ ඉතිහාසයක් ඇත.

“අපි ඉතා සැලකිල්ලක් මේ ගැන දක්වනවා. ක්‍රීඩාවට පැමිණෙන බාහිර ද්‍රව්‍ය ඉවත් කිරීම කෙරෙහි අපගේ දැඩි අවධානය යොමු වී තිබෙනවා” යැයි කුම්බ්ලේ පැවසීය.

විස්ඩන් නම් කළ 2000 දශකයේ ටෙස්ට් කණ්ඩායමට ලංකාවෙන් දෙන්නෙක්

කෙසේ වෙතත් දහඩිය මඟින් මෙම කොරෝනා වයිරසය සම්ප්‍රේෂණය වන බවක් තවමත් තහවුරු කර නොමැති බැවින් දහඩිය මඟින් පන්දුව ඔප දැමීමට තවමත් ඉඩ දිය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ක්‍රිකට් මණ්ඩලය පැවසීය.

නිරෝධායන ඉල්ලීම් මධ්‍යයේ සංචාරය අවම කිරීම සඳහා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ මධ්‍යස්ථ විනිසුරුවන් සහතික කරන රීති අත්හිටුවිය යුතු ද යන්න පිළිබඳව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන විධායක කමිටුව එළඹෙන ජුනි මාසයේ පැවැත්වෙන රැස්වීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<