කනිශ්ක රන්තිලකගේ ශතකය මගහැර ගනී

61

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ 2019/20 ක්‍රිකට් තරගාවලියේ අද (01) පැවති තරගයක දී කොළඹ ආනන්ද විද්‍යාලයේ නායක කනිශ්ක රන්තිලකගේට මෙම වයස් කාණ්ඩයේ තම මංගල ශතකය අහිමි විය. 

වෝනර් වීරයා කරමින් ඕස්ට්‍රේලියානු සංචාරය අවසන් වෙයි!

ඕස්ට්‍රේලියාවේ වාසය කරන ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකගේ සහයෝගය මධ්‍යයේ මෙල්බර්න් හිදී පැවති……..

ආනන්ද විද්‍යාලය සහ සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (Group D)

කොළඹ ආනන්ද විද්‍යාලය සහ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය අතර කොළඹ ආනන්ද විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ පළමු දිනය නිමා වන විට තම පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 70ක් ලබා සිටිය හ. ඒ ආනන්ද විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 281ට පිළිතුරු ලෙසිනි. 

කාසියේ වාසිය දිනා ගත් ආනන්ද නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසි අතර ඔවුන් තම පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 281ක් ලබා සිටිය දී අත්හිටු වීමට තීරණය කළහ. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ආරම්භක වමත් පිතිකරු කනිශ්ක රන්තිලකගේ ය. ඔහු පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 97ක් ලබා ගත්තේය. 

මෙවර ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා ද වන කනිෂ්ක රන්තිලකගේට තම ඉනිම ශතකයකින් සරසා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වූ අතර ඔහුට පෙර වසරේ ද මෙම කාණ්ඩයේ ලබා ගැනීමට තිබූ මංගල ශතකය එක් ලකුණකින් අහිමි විය. 

ඔහුට අමතරව ජනිඳු ජයවර්ධන පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 62ක් ද, කඩුලු රකින වමත් පිතිකරු සොනාර කරුණාතුංග පන්දු 67ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 49ක් ද ලබා ගත්හ.

සංගා නැවතත් ගාල්ලේ වැඩ පෙන්වන්න සැරසේ

එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ ඉතිහාසය 1970 දක්වා විහිදී යයි. මෙවර 2020 තරගාවලිය ආරම්භ වීම එළඹෙන ජනවාරි මස 24 වැනිදා…..

ආනන්ද ඉනිමේ සිව්වැනි කඩුල්ලට එක් වූ නායක කනිශ්ක රන්තිලකගේ සහ සොනාර කරුණාතුංග පන්දු 134ක දී ලකුණු 121ක සබඳතාවක් ගොඩ නැගූහ. 

ආනන්ද ඉනිමේ පළමු කඩුලු 5ම දවා ගත් ශෝන් ශෙනිල් ඉනිම අවසන් කරන විට ලකුණු 88කට කඩුලු 6ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. 

ආනන්ද විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 281 (62) කනිශ්ක රන්තිලකගේ 97, සොනාර කරුණාතුංග 49, ජනිඳු ජයවර්ධන 62, දසුන් තාරුක නොදැවී 23, ශෝන් ශෙනිල් 6/88

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය; පළමු ඉනිම පළමු දිනයට තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී 70 (20) පසිඳු දසනායක 18, චමත් ප්‍රනාන්දු 23, දසුන් තාරුක 2/34

ශ්‍රී ලංකා වමත් දඟපන්දු යවන්නෙකුත් T10 වලට

වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලබන මස 15 වැනිදා අබුඩාබි හිදී ආරම්භ වීමට නියමිත T10 ක්‍රිකට් තරගාවලියේ…..

රාජකීය විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඇරඹි මෙම සුහද තරගයේ දී සංචාරක රාජකීය ක්‍රීඩකයෝ නොසිතූ අකරතැබ්බයකට මුහුණ දුන්හ. ඒ තම පළමු ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වීම හේතුවෙනි. 

කාසියේ වාසිය දිනා ගත් ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසි අතර එහි දී කඩුලු 9ක් දැවී ලකුණු 87ක් ලබා සිටිය දී ඉනිම අත්හිටු වීමට තීරණය කළ හ. 

රාජකීය ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී සුගිත් නිම්නද ලකුණු 33කට කඩුලු 5ක් දවා ගත්තේය. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සත්කාරක රිච්මන්ඩ් විද්‍යාලය පළමු දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුනු 64ක් ලබා සිටිය හ. 

රාජකීය විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 87 (39.4) කමිල් මිෂාර 22, තෙවිඳු සේනාරත්න 22, සුගිත් නිම්නද 5/33, තරින්ද නිර්මාල් 2/03, කවිඳු නිර්මාල් 2/16

රිච්මන්ඩ් විද්‍යාලය; පළමු ඉනිම පළමු දිනයට තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී 64 (33) අචින්ත ඉසිවර නොදැවී 35, චමත් දිල්සර 23, විශාන් බාලසූරිය 2/14

මෙම තරග දෙකම හෙට (02) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<