ශ්‍රී ලංකා වමත් දඟපන්දු යවන්නෙකුත් T10 වලට

71

වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලබන මස 15 වැනිදා අබුඩාබි හිදී ආරම්භ වීමට නියමිත T10 ක්‍රිකට් තරගාවලියේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් තේරී පත්ව තිබේ.

ජාත්‍යන්තර වරම් දිනා නොගත් ශ්‍රී ලාංකිකයෙක්ටත් T10 වරම්!

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ……

කොළඹ ලුම්බිණි විද්‍යාලයේ ආදී සිසුවෙක් වන ජයසූරිය කෝල්ට්ස් ක්‍රිකට් සමාජය හරහා දේශීය පළමු පෙළ තරග බිම තුල ඉතාමත් හොඳ දස්කම් දැක්වීමට සමත් වූ  ඔහු 2018 වසරේ දකුණු අප්‍රිකාව සමඟ පැවති එක්දින තරගයක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත්තේය. ඉන්පසුව පැවති කිහිපයක දී ම ශ්‍රී ලංකා A කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙක් බවට පත්වීමට ජයසූරිය සමත් විය. 

පසුගිය 23 වැනිදා පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ඔවුන්ගේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයින් හට මේ T10 ක්‍රිකට් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීම තහනම් කළ අතර ඒ නිසාවෙන් පාකිස්තානු ක්‍රීඩකයින් හට T10 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව උදා වන්නේ නොමැත.

යම්හෙයකින් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙක් T10 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වුවහොත් විදෙස් රටකට ගොස් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට නොහැකි වන ලෙස (NOC) විරෝධතා සහතික නිකුත් කිරීමට ඔවුන් පියවර ගන්නා බව පාකිස්තානු ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසා සිටියේය. 

ඒ නිසාවෙන් T10 තරගාවලිය සඳහා මුලින්ම තේරී පත්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනාට අමතරව තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සඳහා මේ තරගාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව උදා විය.

Video – එක්දින තරගයක වැඩිම 6 පහර ලබා ගත් ක්‍රීඩකයින් – සිංහලෙන් ක්‍රිකට් 08

ක්‍රිකට් ක්‍රීඩාවේ දී තමන් සතු ජවය පෙන්වන්න තිබෙන …..

තුන්වැනි වතාවටත් පැවැත්වෙන මේ T10 ක්‍රිකට් තරගාවලියේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම නියෝජනය කිරීම වෙනුවෙන් වරම් දිනාගෙන තිබෙන ජයසූරියට අමතරව කෙවින්  කොත්තිගොඩ, තිසර පෙරේරා (ප්‍රධාන ක්‍රීඩකයා), ශෙහාන් ජයසූරිය එම කණ්ඩායම නියෝජනය කරමින් මේ තරගාවලියට සහභාගී වන අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වේ.

2019 T10 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ කණ්ඩායම්,

  • බංග්ලා ටයිගර්ස් – තිසර පෙරේරා (ප්‍රධාන ක්‍රීඩකයා), ශෙහාන් ජයසූරිය, කෙවින් කොත්තිගොඩ, ප්‍රභාත් ජයසූරිය
  • මරත ඇරබියන්ස් – ලසිත් මාලිංග, දසුන් ශානක, වනිඳු හසරංග 
  • ටීම් අබුඩාබි – නිරෝෂන් දික්වැල්ල
  • ඩෙකෑන් ග්ලැඩියේටර්ස් – භානුක රාජපක්ෂ
  • දිල්ලි බුල්ස් – කුසල් පෙරේරා, දුෂ්මන්ත චමීර
  • නෝර්දන් වෝරියර්යස් – නුවන් ප්‍රදීප්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<