ඉසුරු ලක්ෂාන්ගෙන් අභියෝගාත්මක පන්දු යැවීමක්

271

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ අද (6) පැවති තරගයක දී සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ඉසුරු ලක්ෂාන් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් දවසේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත්විය. 

මහින්දයේ සිතිර තුන් ඉරියව්වෙන් වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි…….

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ වත්තල සානත් අන්තෝනි විද්‍යාලය (Group U)

කොටහේනේ දී පැවති මෙම තරගයේ දී සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෝ ලකුණු 47ක ජයග්‍රහණයක් ලබා ගත්හ. 

මෙම තරගයේ දී දකුණතින් පිට දඟපන්දු යවන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩක ඉසුරු ලක්ෂාන් ලකුණු 24කට කඩුලු 6ක් ලබා ගත්තේය. 

කාසියේ වාසිය දිනා ගත් සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 161ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම වෙනුවෙන් සාන්ත අන්තෝනි විද්‍යාලය සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 114ක් පමණි. 

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය; සියලුම දෙනා දැවී 161 (48) තෙනුක නන්දලාල් 42, හසිඳු කවිරත්න 29, බනුල පෙරේරා නොදැවී 23, කවිඳු ගමගේ 3/24, ප්‍රසාද් මධුරංග 2/22, පැතුම් විහඟ 2/22, සහන් කවිශ්ක 2/26

සාන්ත අන්තෝනි විද්‍යාලය; සියලුම දෙනා දැවී 114 (37) සඳුන් මධුසංක 27, දිලිප් නිරෝෂාන් නොදැවී 25, කනිශ්ක ගිම්හාන් නොදැවී 20, ඉසුරු ලක්ෂාන් 6/24, අශේන් ද සොයිසා 3/22

යොවුන් ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

8 වන වරට පැවැත්වෙන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය මේ වසරේ සැප්තැම්බර් මස 5 වැනිදා සිට 14 වැනිදා දක්වා කණ්ඩායම්……


ත්‍රිත්ව විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (Group V)

ගොඩිගමුවේ දී පැවැත් මෙම තරගයෙන් පැරබෝලා ක්‍රමය අනුව ලකුණු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනූ ත්‍රිත්ව ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 124ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී සාන්ත ජෝසප් වාස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 114ක් පමණි. 

මෙම තරගයේ දී ත්‍රිත්ව විද්‍යාලයේ රනුද සෝමරත්න නොදැවී අර්ධ ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීම කැපී පෙණුනි. 

ත්‍රිත්ව විද්‍යාලය; සියලුම දෙනා දැවී 124 (48.1) රනුද සෝමරත්න නොදැවී 60, තවින් අමරසිංහ 21, ශෙරාන් අමිඳු 2/11, කුශාන් විජේරත්න 2/24, දනුක නිර්මාල් 2/22, නිපුන් ද සිල්වා 2/25

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය; සියලුම දෙනා දැවී 114 (40.5) කෞෂාන් විජේරත්න 24, දිනිත් ප්‍රනාන්දු 23, මතීෂ පතිරණ 3/29, අභිෂේක් ආනන්දකුමාර 2/21

මේ අතර අද සූරියවැව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය අතර Q කාණ්ඩයේ තරගය පන්දුවාර 3ක් පමණක් යැවීමෙන් පසුව පැවති වර්ෂාව හේතුවෙන් නතර කරන ලදි. 

කාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමරුවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත තෝමස් ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කිසිවෙක් නොදැවී ලකුණු 7ක් ලබා සිටියේය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<