Tier B තරග 5න් හතරක් පූර්ණ ඵල නෙලා දෙමින් අවසන් වෙයි

දේශීය පළමු පෙළ Tier B ක්‍රිකට් තරගාවලිය 2019/20

71

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දේශීය පළමු පෙළ Tier B ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 5ක් ඊයේ (15) නිමාව දුටුවේ තරග හතරක් ප්‍රතිඵල සහිතව අවසන් කරමිනි.

ආකාශ් සේනාරත්න කඩුලු ත්‍රිත්වයක් ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A….

එහි දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ඉනිමකින් සහ ලකුණු 122කින් පරාජය කිරීමට සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය සමත් වෙද්දී නුවර කස්ටම්ස්, ගාලු ක්‍රිකට් සමාජය, කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අනෙක් තරග වලින් පූර්ණ ජයග්‍රහණ තහවුරු කර ගත්තේය.

සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් රනේෂ් පෙරේරා සචින් ප්‍රනාන්දු ශතක වාර්තා කර ගන්නා විට, දකුණතින් මද වේගපන්දු යවන හසන්ත ප්‍රනාන්දු සහ බොරෙස් කුමාර් කඩුලු 6 අවස්ථාවන් දෙකක් වාර්තා කරගනිමින් දස්කම් දක්වන ලදි.

ඉන්දීය පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සහ පාකිස්තානු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් මේ තරගාවලිය තුල විවිධ කණ්ඩායම් කිහිපයක් නියෝජනය කරන අතර චිරාග් කරුණා දිනයේ කැපී පෙනෙනම ඉන්දීය පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වෙමින් සිය තුන් ඉරියව් දස්කම් දක්වන ලද්දේ නුවර කස්ටම්ස් ක්‍රීඩා සමාජයට වැඩි වාසියක් හිමිකර දෙමිනි. 

ඊට අමතරව රවීන්ද්‍ර කරුණාරත්න ද ලකුණු 120ක් ලබා ගනිමින් මෙවර තරග වාරය දස්කම් අතරට පැමිණීමට සමත් වීම නිසා පානදුර ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර පැවති තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයට අවස්ථාව ලැබුණි.

කළුතර නගර ක්‍රීඩා සමාජය සහ ගාලු ක්‍රිකට් සමාජය අතර පැවති තරගයේ දී ද ක්‍රීඩකයින් රැසක් දස්කම් ප්‍රදර්ශනය කළ අතර එහි දී ගාලු පිලේ කවිඳු එදිරිවීර තරග පුරාවට කඩුලු 11ක් දවා ගන්නා ලදි. එම නිසා එම තරගය අවසන් වූයේ ගාලු ක්‍රිකට් සමාජයට කඩුලු 3ක ජයක් ලබා දෙමිනි.

තරග සාරාංශයන් පහත පරිදි වේ,

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය

  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – 52 (24.3) හසන්ත ප්‍රනාන්දු 6/31, බොරෙස් කුමාර් 2/11 සහ 285 (63) සුමින්ද ලක්ෂාන් 104, රවිඳු සෙම්ම්බුකුට්ටිගේ 60, රිසිර වර්ණසූරිය 42, උදයවංශ පරාක්‍රම 27, බොරෙස් කුමාර් 6/86, නවීන් ගුණවර්ධන 2/55, සමන් කුමාර 2/42.
  • සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය 459/8d (99.5) රනේෂ් පෙරේරා 100*, සචින් ප්‍රනාන්දු 100, අවෝද්‍ය අමේෂ් 62, දසුන් සෙනෙවිරත්න 53, බොරේෂ් කුමාර් 51*, කරන් නන්දේ 40, තිලංක ද සිල්වා 31, සුමින්ද ලක්ෂාන්  3/76, අමිත කෞශල්‍ය 3/23.

සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජයට ඉනිමක සහ ලකුණු 122ක ජයක්

සංගාගේ පුහුණුවීම් අපතේ යයි?

පසුගිය දින කීපය ….

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ නුවර කස්ටම්ස් ක්‍රීඩා සමාජය

  • ශ්‍රී ලංකා වරාය අධිකාරිය – 285 (92.4) යොහාන් ද සිල්වා 110, රමේෂ් නිමන්ත 45, හස්නයින් බෝකාරී 41, ප්‍රශාන් වික්‍රමසිංහ 27, මෙතුශාන් තිලින 4/51, කෞශල්‍ය ගජසිංහ 3/24, සම්පත් පෙරේරා 2/29 සහ 138 (48) අදීශ නානායක්කාර 70, හස්නයින් බෝකාරී 21, චිරාග් කරුණා 6/46, සචිත්‍ර පෙරේරා 3/37.
  • නුවර කස්ටම්ස් ක්‍රීඩා සමාජය – 234 (64.5) චිරාග් කරුණා 92, සසිත් මනුරංග 53*, චානක කොමසාරු 6/96, රජීව වීරසිංහ 3/56 & 190/5 (43.3) චිරාග් කරුණා 86, චානක විජේසිංහ 39, රාජිත වික්‍රමාරච්චි 23*, රජීව වීරසිංහ 3/48 

නුවර කස්ටම්ස් ක්‍රීඩා සමාජයට කඩුලු 5ක ජයක්

කළුතර නගර ක්‍රීඩා සමාජය සහ ගාලු ක්‍රිකට් සමාජය

  • කළුතර නගර ක්‍රීඩා සමාජය – 277 (66.1) ගෙෂාන් විමලධර්ම 92, සංක චතුරංග 47, ඉශාන් අබේසේකර 38, එරංග රත්නායක 25, කවිඳු එදිරිවීර 5/70, අකලංක ගනේගම 2/32, අහමඩ් ජමාල් 2/51 සහ 102 (31.1) කවිඳු එදිරිවීර 6/44, කවික ඩිල්ශාන් 2/11, රවිෂ්ක විජේසිරි 2/43.
  • ගාලු ක්‍රිකට් සමාජය 156 (42.5) නිමේෂ් පෙරේරා 51, සාරංග රාජගුරු 20, එරංග රත්නායක 4/26 සහ 228/7 (57.2) චතුර ලක්ෂාන් 60, සමිත හුනුකුඹුර 54, රවිෂ්ක විජේසිරි 27*, සාරංග රාජගුරු 25, අලි මංසූර් 3/91, එරංග රත්නායක 2/63

ගාලු ක්‍රිකට් සමාජයට කඩුලු 3ක ජයක්

පානදුර ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය

පානදුර ක්‍රීඩා සමාජය – 209 (53.1) රොෂාන් ජයතිස්ස 51, මින්හාජ් ජලීල් 37, විශ්ව චතුරංග 25, සමීර සඳමාල් 4/58, නවීන් කවිකාර 3/58 සහ 220 (51.2) හර්ෂ කුරේ 114*, මින්හාජ් ජලීල් 29, උමේෂ් කරුණාරත්න 24, චලන ද සිල්වා 23, විශ්ව චතුරංග 20, නවීන් කවිකාර 8/69.

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය – 190 (60.5) විනෝද් පෙරේරා 44, අනුරුද්ධ රාජපක්ෂ 34, තරින්ඳ විජේසිංහ 26, රොහාන් ජයතිස්ස 6/48, චලන ද සිල්වා 3/66 සහ 243/6 (65.3) රවීන්ද්‍ර කරුණාරත්න 120, තරින්ඳ විජේසිංහ 36, සංජීව ප්‍රියදර්ශන 27, විනෝද් පෙරේරා 25*, චලන ද සිල්වා 4/94 

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයට කඩුලු 4ක ජයක්

සචිත්‍ර සහ ලහිරු දිනය වර්ණවත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් …..

පොලිස් ක්‍රීඩා සමාජය සහ නුගේගොඩ ක්‍රීඩා සමාජය

පොලිස් ක්‍රීඩා සමාජය – 401 (106.1) දුලාෂ් උදයංග 143, සුජාන් මයුර 85, මදුරංග සොයිසා 52, අශෙල් සිගේරා 33, ශෙහාන් ඉයන් 29, ලක්ෂාන් රොද්‍රිගෝ 22, පසිඳු මධුශාන් 3/50, බසිත් අලී 3/89, ක්වයිසර් අෂ්රෆ් 2/106 සහ 244/9d (45.2) ලක්ෂාන් රොද්‍රිගෝ 86, අශෙල් සිගේරා 44, දුලාෂ් උදයංග 41, මංජුල ජයවර්ධන 38, ක්වයිසර් අෂ්රෆ් 4/71, ඉරෝෂ් සමරසූරිය 3/51, මතීෂ පෙරේරා 2/71.                                                

නුගේගොඩ ක්‍රීඩා සමාජය – 274 (78.2) ක්වයිසර් අෂ්රෆ් 87, පැතුම් මධුසංක 32, බසිත් අලී 41, ඉරෝෂ් සමරසූරිය 28, ප්‍රමුද් හෙට්ටිවත්ත 28, දෙනුවන් රාජකරුණා 23, සුපුන් මධුසංක 2/61, ලහිරු දියන්ත 4/67 සහ 168/4 (38) පැතුම් මධුසංක 64, මතීෂ පෙරේරා 57, මංජුල ජයවර්ධන 4/42.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<