ශ්‍රී ලංකාවට එරෙහි වන එංගලන්ත එක්දින සංචිතය නම් කෙරේ

153

ශ්‍රී ලංකාවට එරෙහි තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන එංගලන්ත සංචිතය අද (19) දින නම් කර තිබුනා. එම සංචිතය සඳහා නවක වමත් වේගපන්දු යවන ක්‍රීඩක George Garton ද නම් කර තිබීම විශේෂත්වයක්. එම සංචිතයට ආබාධයකට ලක්ව සිටින වේගපන්දු යවන ක්‍රීඩක Jofra Archer හා තුන් ඉරියව් ක්‍රීඩක Ben Stokes කැඳවා නැහැ. 

24 හැවිරිදි George Garton පළමු පෙළ තරග 24ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු එහිදී කඩුලු 29ක් ද බිඳ දමා තිබෙනවා. Gartonගේ මෙතෙක් වාර්තාවන් එතරම් හොඳ නොවුනත් ඔහුගේ පන්දු යැවීමේ වේගය නම් කැපී පෙනෙන මට්ටමක තිබෙනවා. 

Garton කැඳවීම පිළිබඳව එංගලන්ත ප්‍රධාන පුහුණුකරු Chris Silverwood මෙසේ අදහස් දක්වා තිබුනා. 

“අපි දැන් ටික කාලෙක ඉඳන් George Gartonගේ දියුණුව දිහා බලාගෙන ඉන්නේ. ඔහු සසෙක්ස් කණ්ඩායමේ පන්දු යවන්නන් අතර පෙරමුණේ ඉන්නවා. ඔහුගේ වේගය තමයි වැදගත්ම දෙය. ඔහු වමත් පන්දු යවන්නෙක් වීම තවත් වාසියක්.”  

තරගාවලියට නම් කළ එංගලන්ත සංචිතය – Eoin Morgan (නායක), Moeen Ali, Jonathan Bairstow, Sam Billings, Jos Buttler, Sam Curran, Tom Curran, Liam Dawson, George Garton, Liam Livingstone, Adil Rashid, Joe Root, Jason Roy, David Willey, Chris Woakes, Mark Wood. 

ආබාධ වලට ලක්ව සිටින Stokes හා Archer හැර අනෙක් ප්‍රධාන ක්‍රීඩකයින් සියලු දෙනාම පාහේ මෙම සංචිතයට කැඳවා තිබෙනවා. 

මේ එක්දින තරගාවලිය 2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා අපගේ කණ්ඩායම සකස් කර ගන්නට ඉතා වැදගත්. ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ආබාධ නිසා ඉවත්ව සිටියත් මම තෝරාගෙන තිබෙන සංචිතය ඉතා ශක්තිමත්. අපි ප්‍රේක්ෂකයින්ට හොඳ සංදර්ශනයක් පෙන්වන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා. යයි Silverwood පවසා සිටියා. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

ලකුණු 220ක් හඹා ගිය කුසල් පෙරේරාගෙන් ගිණිකෙලි සංදර්ශනයක්

මංගල ICC ටෙස්ට් ලෝක ශූරතාවය කාටද?

චමරි අතපත්තුට තවත් සුපිරි වරමක්

පිට කොන්දේ ඇතිවී තිබෙන ආබාධයක් හේතුවෙන් Olly Stone මෙම සංචිතයට කැඳවා නැහැ. එමෙන්ම Saqib Mahmood හා Reece Topley ද ආබාධ නිසා සංචිතයට එක්වන්නේ නැහැ.  

ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ආබාධ නිසා තරගාවලියට එක්වන්නේ නැහැ. නමුත් ඔවුන් ඉතා ඉක්මන් සුවයක් ලබමින් ඉන්නවා. ඇඟිල්ලේ ආබාධයකින් සුවය ලැබූ Stokes, Durham වෙනුවෙන් මේ සති අන්තයේ දී තරග වැදීමට නියමිතයි. සියලු දේම හොඳින් වුනොත් මම හිතනවා, ලබන මාසයේ පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට ඔහුව කැඳවන්නට පුළුවන් වෙයි.” 

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර එක්දින තරගාවලිය ජුනි මස 29, ජූලි මස 01 හා ජූලි මස 04 Durham, Oval හා Bristol හිදී පැවැත්වීමට නියමිතයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<