ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය 2022

384

දේශීය රග්බි පිටිය උණුසුම් කරමින් “ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය” මෙම සති අන්තයේ දී (ඔක්තෝබර් 8 සහ 9) තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සැලසුම් කර තිබෙනවා.

මීට පෙර අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය ලෙස හැඳින්වූ මෙම තරගාවලිය ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය ලෙස හැඳින්වීමට රග්බි සම්මේලනය තීරණය කර තිබෙනවා.

මෙවර තරගාවලියේ පිරිමි කාණ්ඩය අදියර 4ක් යටතේ පැවැත්වීමට නියමිත අතර එහි පිරිමි අන්තර් සමාජ කොටස ඉහළ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ සහ ආරාධිත ක්‍රීඩා සමාජ අතර පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මෙම තරගාවලියේ පිරිමි කාණ්ඩයේ පළාත් කණ්ඩායම් අටක් යොදා ගනිමින් පළාත් තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ කාන්තා අදියරේ ක්‍රීඩා සමාජ හතරක් පමණක් තරග වදින අතර එහි ද පළාත් අදියරට කණ්ඩායම් අටක් සහභාගී වීමට නියමිතයි.

Group A Group B Group C Group D Group E Group F Group G
Seg 1 – Men’s Seg 1 – Men’s Seg 2 – Men’s Seg 2 – Men’s Club – Women’s Provincial – Women’s Provincial – Women’s
Police SC Havelocks SC Southern Pro Up C. Planters Navy SC Uva NW – Wayamba
Army SC Air Force SC NCP Wayamba – NW Army SC Southern Sabaragamuwa
CR & FC Navy SC Western Pro Uva Air Force SC Central CR Blues- WP
Navy Blues Western Babarians Sabaragamuwa Blue Whales- EP CR & FC

මෙම තරගාවලිය පිළිබඳව සහ එහි අනුග්‍රාහකයින් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (05) පැවැත්වුණේ ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති Rizly Ilyasගේ ප්‍රධානත්වයෙනුයි.

එහි දී රග්බි සභාපතිවරයා මෙම අසීරු කාලයේ ක්‍රීඩාව ඉදියරට ගෙන යාමට සහයෝගය ලබා දෙන සියලු අනුග්‍රාහකයින්ට සිය ස්තුතිය පුද කර සිටියා.

Nippon Paints මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන අතර පාකිස්තාන තානාපති කාර්යාලය, Webex Pay, ප්‍රීමා කොත්තු මී යන ආයතනය ද තරගාවලියට අනුග්‍රාහකත්වය ලබා දී තිබෙනවා.

එමෙන්ම තරගාවලියේ ගුවන් ගමන් සහකරු ලෙස Turkish Airline ආයතනයත්, ආහාර සඳහා Elephant House ආයතනයත් සහ තවත් අනුග්‍රාහකයෙකු ලෙස සිද්ධාලේප ආයතනයක් අත්වැල් බැඳගෙන සිටීම විශේෂත්වයක්.

පළමු දිනයේ තරග කාලසටහන

Start Time End Time Team Vs Team
08.00AM 08.10 AM Uva F1 Vs Central F3
08.10 AM 08.20 AM NW – Wayamba G1 Vs CR Blues- WP G3
08.20AM 08.40 AM Navy SC E1 Vs CR & FC E4
08.40AM 09.00AM Army SC E2 Vs Air Force SC E3
09.00AM 09.20AM Southern Pro C1 Vs Sabaragamuwa C4
09.20AM 09.40AM NCP C2 Vs Western Pro C3
09.40AM 10.00AM Up C. Planters D1 Vs Blue Whales- EP D4
10.00AM 10.20AM Wayamba – NW D2 Vs Uva D3
10.20AM 10.40AM Police SC A1 Vs Navy Blues A4
10.40AM 11.00AM Army SC A2 Vs CR & FC A3
11.00AM 11.20AM Havelocks SC B1 Vs West Barbarians B4
11.20AM 11.40AM Air Force SC B2 Vs Navy SC B3
11.40AM 11.50AM Uva F1 Vs Southern F2
11.50AM 12.00AM NW – Wayamba G1 Vs Sabaragamuwa G2
12.00AM 12.20PM Navy SC E1 VS Air Force SC E3
12.20PM 12.40PM Army SC E2 VS CR & FC E4
12.40PM 01.00PM Southern Pro C1 Vs Western Pro C3
01.00PM 01.20PM NCP C2 Vs Sabaragamuwa C4
01.20PM 01.40PM Up C. Planters D1 Vs Uva D3
01.40PM 02.00PM Wayamba – NW D2 Vs Blue Whales- EP D4
02.00PM 02.20PM Police SC A1 Vs CR & FC A3
02.20PM 02.40PM Army SC A2 Vs Navy Blues A4
02.40PM 03.00PM Havelocks SC B1 Vs Navy SC B3
03.00PM 03.20PM Air Force SC B2 Vs West Barbarians B4
03.20PM 03.40PM Southern Pro C1 Vs NCP C2
03.40PM 04.00PM Western Pro C3 Vs Sabaragamuwa C4
04.00PM 04.20PM Up C. Planters D1 Vs Wayamba – NW D2
04.20PM 04.40PM Uva D3 Vs Blue Whales- EP D4
04.40PM 05.00PM Police SC A1 Vs Army SC A2
05.00PM 05.20 PM CR & FC A3 Vs Navy Blues A4
05.20 PM 05.40PM Havelocks SC B1 Vs Air Force SC B2
05.40PM 06.00PM Navy SC B3 Vs West Barbarians B4
06.00PM 06.10PM Southern F2 Vs Central F3
06.10PM 06.20PM Sabaragamuwa G2 Vs CR Blues- WP G3

මෙම තරගාවලියේ උණුසුම සජීවීව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<