සත් සාමාජික ශූරතාවය සම වෙයි!

19න් පහළ සත් සාමාජික පාසල් රග්බි තරගාවලිය

2368
U19 Schools 7s day 2

වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි සහ අවසන් දිනය අද (02) නිමාව දුටුවේ ඩී. එස්. සේනානායක විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර පැවති අවසන් මහා තරගය ලකුණු 10-10ක් ලෙස සම ලකුණු අවස්ථාවකින් නිමා වෙමින්.

තරගාවලිය මුළුල්ලේම ඉතා ආක්‍රමණශීලී තරග රටාවක් පෙන්නුම් කළ ඩී. එස්. සේනානායක විදුහල අවසන් මහා තරගයේ දීත් තම දස්කම් ඉතා ඉහල මට්ටමක තබා ගනිමින් ක්‍රීඩා කළා.

වේගවත් රිද්මයකට ක්‍රීඩා කළ ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින් විද්‍යාර්ථ කණ්ඩායමට තරගයේ රිද්මයට හුරු වීමට කිසිවිටකත් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

නමුත් ලැබූ අවස්ථා ඉතා හොඳින් භාවිතා කළ විද්‍යාර්ථ ක්‍රීඩකයින් තියුණු උත්සාහක දිනුම් වාර්තා කරමින් ලකුණු තත්වය සම කිරීමට සමත් වුනා.

19න් පහළ අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි දිනය අද (02) නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර කුසලාන ශූරතාවය වෙනුවෙන් අර්ධ අවසන් පූර්ව තරග උදෑසන 9ට ආරම්භ වුනා. එහි ලකුණු තත්ත්වයන් පහතින්.

  • පළමු අර්ධ අවසන් පූර්ව තරගය – ඉසිපතන විදුහල 22 – 00 ධර්මරාජ විදුහල
  • දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය – විද්‍යාර්ථ විදුහල 20 – 05 වෙස්ලි විදුහල
  • තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය – සාන්ත ජෝසප් විදුහල 14 – 00 සාන්ත පීතර විදුහල
  • සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය – ඩී. එස්. සේනානායක විදුහල 17-12 රාජකීය විදුහල

කුසලාන ශූරතාවයේ අවසන් පූර්ව තරග ප්‍රතිඵල

  • පළමු අවසන් පූර්ව තරගය – ඉසිපතන විදුහල 10 – 12 විද්‍යාර්ථ විදුහල
  • දෙවැනි අවසන් පූර්ව තරගය – සාන්ත ජෝසප් විදුහල 14 – 26 ඩී. එස්. සේනානායක විදුහල

පලඟ ශූරතාවයේ අවසන් පූර්ව තරගවල ප්‍රතිඵල

  • පළමු අවසන් පූර්ව තරගය – ධර්මරාජ විදුහල 05 – 07 වෙස්ලි විදුහල
  • දෙවැනි අවසන් පූර්ව තරගය – සාන්ත පීතර විදුහල 26 – 00 රාජකීය විදුහල

පලඟ ශූරතාවයේ අවසන් මහා තරගය සාන්ත පීතර විදුහල සහ වෙස්ලි විදුහල අතර පැවැත්වුණු අතර එයින් ලකුණු 24-00ක් ලෙස ජයක් අත්කර ගන්නට සාන්ත පීතර විදුහලට හැකි වුනා.

එසේම බඳුන ශූරතාවය වෙනුවෙන් වූ අර්ධ අවසන් පූර්ව තරගවල ලකුණු තත්වයන් පහළින්.

  • පළමු අර්ධ අවසන් පූර්ව තරගය – සාන්ත සිල්වෙස්තර විදුහල 27 – 00 පානදුර ශ්‍රී සුමංගල විදුහල
  • දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය – ලුම්බිණි විදුහල 15 – 19 සාන්ත ඇලෝසියස් විදුහල
  • තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය – සාන්ත බෙනඩික්ට් විදුහල 00 – 05 මලියදේව විදුහල
  • සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය – සාන්ත අන්තෝනි විදුහල 33 – 00 ආනන්ද විදුහල

බඳුන ශූරතාවයේ අවසන් පූර්ව තරගවල ප්‍රතිඵල –

  • පළමු අවසන් පූර්ව තරගය – සාන්ත සිල්වෙස්තර විදුහල 00 – 28 සාන්ත ඇලෝසියස් විදුහල
  • දෙවැනි අවසන් පූර්ව තරගය – මලියදේව විදුහල 05 – 25 සාන්ත අන්තෝනි විදුහල

බඳුන ශූරතාවයේ අවසන් මහා තරගය සාන්ත ඇලෝසියස් විදුහල සහ සාන්ත අන්තෝනි විදුහල අතර පැවැත්වුණු අතර එයින් ලකුණු 27-00ක් ලෙස පහසු ජයක් අත්කර ගන්නට සාන්ත අන්තෝනි විදුහල සමත් වුනා.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<