ශ‍්‍රී ලංකා 4X100 කණ්ඩායම අවසන් තරග වටයට

1097
Commonwealth Games: Sri Lanka in the 4X100m final

වසර හැටඅටකට පසුව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක මීටර 4X100 සහාය දිවීමේ ඉසව්ව නියෝජනය කිරීමට වරම් ලද ශ‍්‍රී ලංකා කණ්ඩායම, අද (13) පැවති මූලික වටයේ තරගයේ දී තෙවැනි ස්ථානය දිනා ගනිමින් අදාළ ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය.

සම්පත් රණසිංහ හෙල්ල අරන් අවසන් සටනට

ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ් කොස්ට් නුවර කේන්ද්‍ර කරගනිමින් මේ දිනවල පැවැත්වෙන 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව යටතේ අවසන් තරග වරම් දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ක්‍රීඩක සම්පත් රණසිංහ සමත්වී තිබේ

පළමු තේරීමේ තරග ඉසව්ව යටතේ සහභාගි වුන ශ‍්‍රී ලංකා 4X100 සහාය දිවීමේ කණ්ඩායම තත්පර 39.47කින් තරගය නිමා කොට එම අවසන් තරග වරම දිනා ගැනීමට සමත් විය. මෙම තේරීම් තරග ඉසව්වේ පළමු ස්ථාන 3ට තේරී පත්වන කණ්ඩායම් අවසන් තරග ඉසව්වට සුදුසුකම් ලබනු ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා වූ තේරීම් තරගාවලියේ දී දක්වන ලද දක්ෂතා හේතුවෙන් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය නියෝජනය කිරීමට ශ‍්‍රී ලංකා 4X100 කණ්ඩායමට වරම් හිමි විය. ශ‍්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමක් අවසන් වරට පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියකට සහභාගි වී ඇත්තේ මීට වසර 68කට ඉහත වීම ද විශේෂත්වයක් වේ.

හිමාෂ එ්ෂාන්, ෂෙහාන් අඹේපිටිය, අශ්රෆ් ලදීෆ් සහ විනෝජ් ධනංජය යන ක්‍රීඩකයින් ශ‍්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමට ඇතුළත්ව සිටිති. ශ‍්‍රී ලංකාව තරග වැදි A කාණ්ඩයෙන් දකුණු අප‍්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලබා සිටින අතර B කාණ්ඩයෙන් එංගලන්තය, ජැමෙයිකාව සහ නයිජීරියා යන රටවල් සුදුසු කම් ලබා සිටියි.

එ් අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් තරග හෙට (14) ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 10.10ට පැවැත්වීමට නියමිතව තිබේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<