ජාතික බේස්බෝල් ලීග් ශූරයන් කිරුළු පළඳියි

631

2018 ජාතික බේස්බෝල් ලීග් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය අද (8) දියගම දී පැවැත්වුණු අතර එහි දී නාවික හමුදා ක්‍රීඩා සමාජය පරදවා යුධ හමුදා ක්‍රීඩා සමාජය ජය ගැනීමට සමත් විය. ඒ ලකුණු 7/5ක් ලෙසයි.

තරගාවලියට කණ්ඩායම් 8ක් සහභාගී විය. අවසන් මහා තරගයේ දී ජය ගත් යුධ හමුදා ක්‍රීඩකයන් විසින් දිනයේ පෞද්ගලික දක්ෂතා වෙනුවෙන් ලබා දෙන සම්මාන පහෙන් හතරක් ද දිනා ගැනීමට සමත් විය. නාවික හමුදාවට අනෙක් සම්මානය හිමි විය.

තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වුණේ ජපන් ජාතික අකිරා සුගියාමා මහතාගේ ප්‍රධානත්වයෙනි. එමෙන්ම ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ සභාපති ෆාසිල් හුසේන්, පා.ම. මයන්ත දිසානායක, උප සභාපති ප්‍රියන්ත ඒකනායක යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්විය.

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා වශයෙන් යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ගයාන් තරිඳු, සම්මාන දිනා ගත්තේය. එමෙන්ම අවසන් මහා තරගයේ වීරයා වූයේ ද ඔහුයි.

දක්ෂතම පන්දු යොමුකරන්නා ලෙස යුධ හමුදා ක්‍රීඩා සමාජයේ සුගත් ද සිල්වා, දක්ෂතම පන්දු රකින්නා ලෙස නාවික හමුදා ක්‍රීඩා සමාජයේ තුෂාර වික්‍රමසිංහ, දක්ෂතම පිතිකරුවා ලෙස යුධ හමුදා ක්‍රීඩා සමාජයේ නිරෝෂන් ශ්‍රියාරත්න ද සම්මාන දිනාගත්තේය.  

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <