සම්පත් රණසිංහ හෙල්ල අරන් අවසන් සටනට

574

ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ් කොස්ට් නුවර කේන්ද්‍ර කරගනිමින් මේ දිනවල පැවැත්වෙන 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව යටතේ අවසන් තරග වරම් දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ක්‍රීඩක සම්පත් රණසිංහ සමත්වී තිබේ.

නිමාලි හා ගයන්තිකාට අවසන් තරගයේ ස්ථානය අහිමි වේ

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 800 ධාවන තරගයේ තෝරා ගැනීමේ වටයන් අද…..

පළමු සුදුසුකම් ලැබීමේ ඉසව්වට සහභාගි වුන සම්පත් රණසිංහ මීටර 74.72ක දුරක් වාර්තා කරමින් අදාළ අවසන් තරග වරම දිනා ගත්තේය. මෙය එම සුදුසුකම් ලැබීමේ වටය යටතේ සහභාගි වුන ක්‍රීඩකයන් 12 දෙනා අතරින් 7 වැනියට වාර්තා කරන ලද හොඳම දක්ෂතාව ලෙසින් සටහන් විය.

සම්පත් විසින් දක්වන ලද දක්ෂතාව ඔහුගේ පෞද්ගලික දක්ෂතාව සමඟ සසඳන විට මීටර 7කට ආසන්න අගයක් අඩු වී තිබීම කැපී පෙනෙයි. කෙසේ වෙතත් තමන්ට හිමි අවස්ථා 3 දී ඉහළම දක්ෂතාව ලෙස සටහන් වී ඇත්තේ ප‍්‍රථමයෙන්ම වාර්තා කරන ලද මීටර 74.72ක දක්ෂතාව වේ. ඉන්පසු ලබා ගත් අවස්ථා දෙකේ දී ම පළමු අවස්ථාවට වඩා අඩුවෙන් හෙවත් දෙවැනි අවස්ථාවේ දී මීටර 71.75ක් සහ තෙවැනි අවස්ථාවේ මීටර 73.93ක් වශයෙන් වාර්තා කිරීමට ඔහු සමත් විය.

රුමේෂිකා සහ ජනක අර්ධ අවසන් සහ අවසන් වටවලට

විස්එක් වැනි වරටත් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා …..

සම්පත් යනු ශ්‍රී ලංකාවේ සිටින හෙල්ලය විසි කිරීමේ ක්‍රීඩකයින් අතරින් මීටර 80 සීමාව ඉක්මවීමට සමත්ව සිටින තෙවැනි ක්‍රීඩකයා ය. ඔහු පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා මෙම වසර මුල දී දියගම පැවති තේරීම් තරගාවලියේ දී මීටර 81.22ක දක්ෂතාවක් වාර්තා කිරීමට සමත් විය.

එ් අනුව අවසන් වටය යටතේ සම්පත් සහභාගි වන ඉසව්ව හෙට (14) ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 10.05ට පැවැත්වෙනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<