බංග්ලාදේශ තරග සංචාරයේ පුහුණුකරුවන් නම් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය

3867

එළඹෙන මැයි මාසයේ දී බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග දෙකකින් යුත් තරගාවලිය සඳහා පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු, දඟපන්දු සහ පන්දු රැකීමේ පුහුණුකරුවන් සහ කළමනාකරු පත්කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් (පිරිමි) කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් සහ දඟපන්දු පුහුණුකරු ලෙස පියල් විජේතුංග පත්කර තිබෙනවා. ඊට අමතරව මනෝජ් අබේවික්‍රම එම තරගාවලියේ දී ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

තවද, එම බංග්ලාදේශ ටෙස්ට් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස මහින්ද හලංගොඩ මහතාපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු Chris Silverwood සහ සහාය පුහුණුකරු ලෙස නවීඩ් නවාස් මහතා වසර දෙකක ගිවිසුම් කාලයක් සමඟ පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය: දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිල් මිශාර, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මදුශංක, ශිරාන් ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, ජෙෆ්රි වැන්ඩර්සේ, ලක්ෂිත මණසිංහ, සුමින්ද ලක්ෂාන්.

තරගාවලියේ කාලසටහන

  • දෙදින පුහුණු තරගය – මැයි 11 සහ 12 – M.A.Aziz Stadium, Chattogram
  • පළමු ටෙස්ට් තරගය – මැයි 15 සිට 19 දක්වා – ZACS, Chattogram
  • දෙවැනි ටෙස්ට් තරගය – මැයි 23 සිට 27 දක්වා – SBNCS, Dhaka

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<