බංග්ලාදේශය අවතක්සේරු කළ ඉන්දියාවට හොඳ පාඩමක්

බංග්ලාදේශ කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2019

103

බංග්ලාදේශ කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් ඊයේ (3) දිල්ලි හිදී පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 7ක පෙරළිකාර ජයක් ලබා ගැනීමට බංග්ලාදේශය සමත් විය.

ශකීබ් අල් හසන්ට ක්‍රිකට් තහනම් වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් බංග්ලාදේශ ක්‍රිකට් ….

බංග්ලාදේශය සතුව දැනට  සිටින ප්‍රබලතම ක්‍රීඩකයෙක් වන ශකීබ් අල් හසන් වෙත නොසිතූ මොහොතක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ලබා දුන් වසර දෙකක තරග තහනම නිසාවෙන් බංග්ලාදේශය මෙම තරගාවලිය සඳහා පැමිණියේ දැඩි සිත් තැවුලකින් බවට කිසිදු රහසක් නොමැත.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායක මහමදුල්ලා රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීම සඳහා ආරාධනා කළේය. එහි දී පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 148ක් වාර්තා කර ගත් අතර එයට පිළිතුරු දුන් බංග්ලාදේශය කඩුලු 3ක් පමණක් දැවී එම ලකුණු ප්‍රමාණය අභිබවා ගියේ පන්දුවාර 19කුත් පන්දු 3ක් පමණක් වැය කරමිනි. 

එහි දී බංග්ලාදේශ කණ්ඩායමට නොතිබුණු ජයක් උරුම කර දීම සඳහා කැපී පෙනෙන දස්කම් දැක්වූ මුෂ්ෆිකර් රහීම් 4 පහර 8ක් හා හයේ පහරක් එල්ල කරමින් පන්දු 43ක දී නොදැවී ලබා ගත් ලකුණු 60* විශාල සවියක් විය.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා අවසන් වරට ක්‍රීඩා කළ තරගාවලි කිහිපය තුල දී ම ඉතාමත් හොඳින් ලකුණු අතර සිටි නමුත් ලකුණු 9කට ඔහුගේ ඉනිම අවසන් කිරීමට ශයිෆුල් ඉස්ලාම් සමත් විය. 

කෙසේ නමුත් අසාර්ථක වූ ඉන්දීය ආරම්භයට තරමක ජවයක් එක්කාසු කළ වමතින් පිතිකරණයේ නිරත වන ශිකර් ධවාන් 4 පහර 3ක් හා 6 පහරක් එල්ල කරමින් පන්දු 42ක දී ලබා ගත් ලකුණු 41ක නිසා ඔවුන්ගේ ඉනිම යම් ස්ථාවර මට්ටමකට පැමිණෙන ලදි. 

නමුත් වෙනදා තරම් වේගයකින් ඔහුගේ පිත්ත වේගයෙන් ක්‍රියා කරන අයුරු දැක බලා ගැනීමට තරගය නැරඹීමට ෆෙරෝ ශා කොට්ලා පිටිය වෙත පැමිණ සිටි දහසකුත් ප්‍රේක්ක්ෂකයින් හට අවස්ථාව උදා වූයේ නැත.

ආනන්ද විද්‍යාලයට හා රිච්මන්ඩ් විද්‍යාලයට වැඩි වාසි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ …..

බංග්ලාදේශ නායක මහමදුල්ලා උපක්‍රමශීලී ලෙස පන්දු රකින්නන් පිටියේ ස්ථාන ගත කර තිබීම නිසා පළමු පන්දුවාර 18 තුල වැඩි වේගයකින් ලකුණු රැස්කර ගැනීමට ඉන්දීය මුල්පෙළ පිතිකරුවන් හට අවස්ථාව නොලැබුණු නමුත් අවසන් පන්දුවාර දෙක තුල බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් ලකුණු 30ක් උදුරා ගැනීමට කෘනාල් පාන්ඩ්‍යා හා වොෂින්ටන් සුන්දර් සමත් විය.

පන්දු යැවීමේ දී ඉස්ලාම් හා එමුනුල් ඉස්ලාම් අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

ලකුණු 149ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ සබඳතාවය වැඩි වෙලාවක් පවත්වා ගැනීමට වමතින් වේගපන්දු යවන දීපක් චහාර් අවස්ථාව ලබා දුන්නේ නැත. ඒ ලකුණු 7ක් ලබා සිටි ලිට්න් දාස්ගේ කඩුල්ල දවා ගනිමිනි.

වමතින් පිතිකරණයේ නිරත වන මොහොමඩ් නයිම් හා සෞම්‍ය සර්කාර් එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ වේගවත් ලකුණු 46 සබඳතාවය ඔවුන්ගේ ජයග්‍රහණයේ අඩිතාලම බවට පත් කර ගත්, කඩුලු රකින පිතිකරු මුෂ්ෆිකර් රහීම් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේ බංග්ලාදේශ ප්‍රේක්ෂකයින් හට කලකට අමතක නොවන තරග අත්දැකීම් රැසක් ඉතිරි කරමිනි.

ඉන්දීය කණ්ඩායමේ පන්දු රැකීමේ දුර්වලතාවයන් හා ඔවුන්ගේ තරුණ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ පන්දු යැවීම සැලකිය යුතු මට්ටමක නොතිබීම ඉන්දීය කණ්ඩායමට මේ තරග පරාජය සඳහා ප්‍රබල ලෙස බලපාන ලදි. 

නිපුන්-කුෂාන් එක්ව ශ්‍රී ලංකාව අවමානයෙන් බේරයි

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ……..

කෙසේ නමුත් මේ තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායම පහසුවෙන් පරාජය කරන්නට හැකි වේ යැයි සිතූ ඉන්දියානුවන් ඔවුන්ගේ සංචිතයේ සිටින ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුවම මේ තරගාවලිය තුල දී විවේක ගන්වා තිබූ නමුත් බංග්ලාදේශය ඔවුන්ගේ ජව සම්පන්නම සංචිතය මේ තරගාවලිය සඳහා අවතීර්ණ කර තිබේ. 

පළමු තරගයෙන්ම බංග්ලාදේශය ලබාගත් මේ ඉතිහාසගත (බංග්ලාදේශය ඉන්දියාවට එරෙහිව වාර්තා කර ගත් පළමු විස්සයි විස්ස ජයග්‍රහණය මෙයයි) ජයග්‍රහණය නිසා තරගාවලියේ ඉතිරි තරග දෙකට තිබෙන ප්‍රේක්ෂක ආකර්ෂණය නිසැක ලෙසම ඉහළ යනු ඇත. 

ඉන්දියාව – 148/6(20): ශිකාර් ධවාන් 41, රිෂබ් පාන්ට් 27, එමුනුල් ඉස්ලාම් 2/22, ශයිෆුල් ඉස්ලාම් 2/36.

බංග්ලාදේශය – 154/3 (19.3): මුෂ්ෆිකර් රහීම් 60*, සෞම්‍ය සර්කාර් 39, යුස්වේන්ද්‍ර චහාල් 1/24. 

තරගයේ වීරයා – මුෂ්ෆිකර් රහීම් (බංග්ලාදේශය) 

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත මේ විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය මේ මස 7 වැනිදා රාජ්කොට් හිදී පැවැත්වේ. එහි තරග තොරතුරු ද ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<