නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Emerging Teams Asia Cup 2024

288
Sri Lanka A squad

2024 නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලානයට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා A T20 සංචිතය අද (12) ප්‍රකාශයට පත් කළා.

15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය ලහිරු උදාර හට හිමි වී ඇති අතර, යොවුන් ක්‍රීඩක දිනුර කළුපහන ද සංචිතයට ඇතුළත් වීම විශේෂත්වයක්.

එමෙන්ම මේ දිනවල පිත්තෙන් විශිෂ්ට දස්කම් දක්වමින් සිටින පවන් රත්නායක ද සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා A සංචිතය:

ලහිරු උදාර (නායක), යශෝධ ලංකා, ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, සහන් ආරච්ච්ගේ, පවන් රත්නායක, එශාන් මාලිංග, දිනුර කළුපහන, නිපුන් රන්ශික, ඉසිත විජේසුන්දර, අහන් වික්‍රමසිංහ, කවිඳු නදීශාන්, නිමේශ් විමුක්ති, දුශාන් හේමන්ත, රමේෂ් මෙන්ඩිස්

ඕමානයේ දී පැවැත්වීමට නියමිත මෙම විස්සයි විස්ස තරගාවලිය එළඹෙන 18 වැනි දා ආරම්භ වීමට නියමිතයි. එදින ම ශ්‍රී ලංකාව විසින් තම පළමු තරගය සඳහා ඇෆ්ගනිස්තාන A කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි.

තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<